නව නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලංකානාථ දිසානායක

නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කරන ලද ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) චමින්ද වළාකුළුගේ මහතා නව පත්වීම් ලැබ මාරුවී යාමට නියමිත බැවින්, නව නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා ඊයේ (25) දින සිට පත්කර තිබේ.

ඔහු මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාවේ විධායක නිලධාරි ලෙස රාජකාරි කරන ලදී. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සමුද්‍රීය ආවේක්ෂණ), පුහුණු විධායක, මාණ්ඩලික නිලධාරි මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රා ගණනාවකම අණභාර නිලධාරි ලෙස ද රාජකාරී කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top