මුහමාලේ ප්‍රදේශයේදී මෝටාර් උණ්ඩයක් පුපුරා යෑමෙන් දෙදෙනෙකුට තුවාල

පලෙයි, මුහමාලේ ප්‍රදේශයේදී ඊයේ (25) දින මෝටාර් උණ්ඩයක් පුපුරා යෑමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. දර කැඩීමට හා යුධ සමයේ අබලි යකඩ කොටස් එකතු කිරීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බව වාර්තාවේ.

අබලන් යකඩ කොටස්, යකඩ ලෙසට විකිණීම සඳහා සූදානම් කොට පිරිසිදු කිරීමේදී පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, බරපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top