SRILANKAN NEWS

දෙජාස හා ජනපති අතර සාකච්ඡා හමුවක් – ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් එකඟත්වය පළ කරයි..

පසුගිය අඟහරුවාදා දින දෙමළ ජාතික සන්ධානය හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පාර්ලිමෙන්තුවේදී සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවයි සේනාදිරාජා, එම්.ඒ. සුමන්දිරන්, සහ හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු මුල්ලතිව් දිස්ත්‍රික්ක හා යාපනය දිස්ත්‍රික්ක හමුදා ප්‍රධානීන් ද සහභාගිවූහ.

එහිදී දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විමසූහ, එයට පිළිතුරු දුන් ජනාධිපති තුමා කේප්පාපිලවු ප්‍රදේශයේ අක්කර 111ක ඉඩම් නිදහස් කිරීම සඳහා හමුදාව ඉල්ලා සිටි මිලියන 148ක මුදල ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත කර ඇති බවත්, ඉදිරියේදී හමුදාව විසින් ඉකුත් නිඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ඇති බවද පවසා සිටියේය.

එම ඉඩම් තවත් මාස කිහිපයකින් නිදහස් කරන බවත්, කේප්පාපිලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන තවත් ඉඩම් අක්කර 70ක් ඇතුළු ජනතාව ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව හමුදාව සඳහන් කළේය.