SRILANKAN NEWS

විජයදාසව ඒකාබද්ධ විපක්ෂයට එකතු කරගන්න සාකච්ඡා

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු විජයදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා පැවැත්වෙන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා.

මාධ්‍ය කළ විමසීමක දී මන්ත‍්‍රීවරයා සඳහන් කළේ ඔහු රටට අවශ්‍ය වන දේශපාලඥයෙකු බවයි.

එම නිසා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු සාමාජිකයින් සමඟද ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද විමසීමක් කළා.

එහි මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ ජාතික ප‍්‍රතිපත්ති උල්ලංඝණය වන බැවින් විජයදාස රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කර නොගන්නා බවයි.