ඉන්දියාව හා ලංකාව අතරවූ තෙවන එක්දින තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරවූ තෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පස්වරුවේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

පසුගිය තරගයේදී ආබාධයට ලක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා උපුල් තරංග අද තරගයට ක්‍රිඩා නොකරන අතර, ඒ වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න සංචිතයට කැදවා තිබේ. අද කණ්ඩායමේ නායකත්වය චාමර කපුගෙදරට හිමිව තිබේ.

තරග 5කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ තරග 2කට 0ක් ලෙස ඉන්දිය කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top