SRILANKAN NEWS

පේදුරුතුඩුව සිට මයිලිටි දක්වා ගමන් බිමන් හමුදා ආරක්‍ෂාව සහිතව

පේදුරුතුඩුව සිට මයිලිටි වරායට පැමිණීම සඳහා ජනතාවට පේදුරුතුඩුව – පොන්නාලයි මාර්ගය නිදහස් කිරීමට හමුදාව එකඟත්වය පළ කර ඇති බව යාපනය දිස්ත්‍රික්ක ලේකම් නාකලිංගම් වේදනායකම් මහතා පවසයි.

පසුගිය වසර 27ක කාලයක් හමුදාව යටතේ පැවැති මයිලිටි වරාය පසුගිය මාසයේදී හමුදාව විසින් ජනතා භාවිතාවට නිදහස් කර තිබුණි.

මෙවැනි තත්වයකදී පේදුරුතුඩුව – පොන්නාලයි මාර්ගයේ කි.මී. 4ක පමණ දුරක් හමුදා අධි ආරක්‍ෂක කලාපය තුළ තිබෙන හෙයින්, මයිලිටි ප්‍රදේශයේ සිට අවතැන්ව ගොස් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින ජනතාවට ගමන් බිමන් සඳහා කි.මී. 42ක පමණ දුරක අතුරු මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.

එමෙන් හමුදාව යටතේ පවතින කි.මී. 4ක මාර්ගය ජනතාවගේ ගමන් බිමන් පහසුව සඳහා නිදහස් කරන්නැයි ජනතාව හමුදාව වෙත ඉල්ලා තිබුණි.

මෙවැනි තත්වයකදී දැන් ලංගම බස් රථවලින් හමුදා ආරක්‍ෂාව යටතේ එම මාර්ගයෙන් ගමන් බිමන් කිරීමට ජනතාවට අවසර ලබාදීමට හමුදාව එකඟත්වය පළ කර ඇති බවත්, මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යාපනය දිස්ත්‍රික්ක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.