SRILANKAN NEWS

හෙට (29) ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

ලටුවාව ජලාශයෙන් ජලය බෙදාහරින ප්‍රධාන නල මාර්ගයක ඇති වු හදිසි බිඳවැටීමක් හේතුවෙන් හෙට(29) අලුයම 4 දක්වා ජල සැපයුම ප්‍රදේශ කිහිපයක අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව,කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.