admin – GTN Sinhala

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ දෙමව්පියන් ජනපතිව හමුවෙයි..
– Global Tamil News –

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනමු ලබන සිංහල සිසුන්ගේ දෙමව්පියන් අද (04) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැති එම සාකච්ඡා හමුවට යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය වසන්ති අරසරත්තිනම් මහත්මිය ඇතුළු පාලනාධිකාරිය ද සහභාගිවී තිබේ.

පසුගිය ජූලි මස යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී ඇතිවූ ගැටුම්කාරි තත්වයකින් අනතුරුව විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ ආරක්‍ෂාව සම්බන්‍ධයෙන් ගැටුළුකාරි තත්වයක් පවතින බවට දෙමව්පියන් විසින් පැමිණිළි කර තිබුණි.

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනමු ලබන සිංහල සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දෙම්ව්පියන් විසින් ඉල්ලා තිබූ අතර, අද දින මේ සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව පැවැසේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

ජනපති කොමිසම විමල්ගෙන් පැය හයක් ප්‍රශ්ණ කරයි..
– Global Tamil News –

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.

පළමු වරට ජනපති කොමිසම ඉදිරියේ පෙනී සිටි ඔහුගෙන් පැය හයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තාවේ. මීටපෙරද අවස්ථා දෙකකදීම ඔහුව කොමිසමට කැඳවා තිබුණද ඔහු කොමිසම මගහරිමික් කටයුතු කර තිබිණ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඒ යටතේ පැවැති ආයතනවල සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය, වංචා සහ දූෂණ පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි.

මෙලෙස මුදල් අවභාවිතා කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 100ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

ඉන්දු – ලංකා පාලම හැදුවොත් අපි එය පුපුරවනවා – හෙළ උරුමය
– Global Tamil News –

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 12වන ඉස්ලාමීය ආර්ථික සමුළුවට සහභාගීවන අමාත්‍ය කබීර් හෂීම් අතුරු ප්‍රශ්නෙකට පිළිතුරු ලබා දෙමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදිකිරීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති බව පිවිතුරු හෙ‍ළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම පාලම ඉදිකිරීමෙන් අනතුරුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන බව සඳහන් කළත් සත්‍ය වශයෙන් මෙහිදී යා වෙන්නේ උතුරු පළාත හා ඉන්දියාවේ තම්ල්නාඩුව බව ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 50ක් බවත්, ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21ක් බවත්, මේ මගින් සිදු වන්නේ ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන කොටස් ලංකාවට ගලාගෙන ඒමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මේ මගින් තමිල්නාඩුවේ පිරිස් නොනවත්වාම උතුරට ගමන් කිරීමක් සිදු වන බවත්, ඒ මගින් සිංහලයාට තම මව් රට එනම් සිංහල ජනතාවට හිමි එකම රට අහිමිවීමේ අවදානමක් ඇතිවන බවද ඒ මහතා පවසයි.

ප්‍රශ්න ගණනාවකට තුඩු දෙන මෙම පාලම ඉන්දියාවට බයේ ඉදිකිරීමට කටයුතු නොකරන ලෙසත්, එය ඉදිකරනවානම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යා යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම මේ පාලම ඉදිකළ හොත් ජාතික ආරක්ෂාව නාමයෙන් මෙය පුපුරුවා දැමීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

තලෛයිමන්නාරම හා ධනුෂ්කොඩිය අතර පාලමක් ඉදිකොට දෙරට යා කිරීමෙන් දෙරට අතර ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු සිදුකරන බවත් ඉන්දු-ලංකා පාලම ඉදිකිරීම සම්බන්‍ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවන් ආරම්භ කර තිබෙන බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, කබීර් හෂීම් මහතා 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සමගාමීව පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් පවසා තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

මත්පැන් වැඩියෙන්ම බොන්නේ බෞද්ධ රටවල්
– Global Tamil News –

කලාපය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහලින්ම සිටින බව දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

මද්‍යසාර භාවිතය පිළිබඳ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතා කරන පුද්ගලයෙකු වසරකට ලීටර් 21 කට ආසන්න මත්පැන් පානය කරන බවයි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 80% ක් පමණ මද්‍යසාර භාවිතා නොකළත් මද්‍යසාර භාවිතා කරන සෙසු පිරිස විසින් පරිභෝජනය කරනු ලබන මත්පැන් ප්‍රමාණය අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ඉහළ අගයක් ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ.

“මද්‍යසාර පානය කරන පිරිස සියයට විස්සක් වුනත් ඒ අය භාවිතා කරන මත්පැන් ප්‍රමාණය ඉතාමත් වැඩියි. අනිත් රටවල්වලට වඩා පස් ගුණයකටත් වඩා වැඩියි. ආසියාවේ ශ්‍රී ලංකාව හා තායිලන්තයේ තමයි වැඩිපුරම එක් පුද්ගලයෙක් බොන්නේ.”

බටහිර රටවල ජනගහනයෙන් 95% ක් පමණ මද්‍යසාර භාවිතා කළත් ඔවුන්ගෙන් එක් අයකු සාමාන්‍යයෙන් වසරකට පානය කරන්නේ මත්පැන් ලීටර් 3.5 ක් පමණ බවයි ඔහු පවසන්නේ.

‘පස් ගුණයක්’

ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් 2% පමණ මද්‍යසාරවලට ඇබ්බැහි වී තිබෙන බවත් වැඩිහිටි පිරිමීන්ගෙන් 38% ක් පමණ මද්‍යසාර පානය කරන බවත් පාලිත අබේකෝන් පෙන්වා දෙයි.

පසුගිය රජය යටතේ මෙන්ම වත්මන් රජය යටතේද මතට තිත තැබීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතයේ අඩු වීමක් සිදු වී නොමැති බවයි දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ.

මද්‍යසාර හා දුම් කොළ බදු මගින් රජයට විශාල ආදායමක් ලැබෙන බවට මද්‍යසාර සමාගම් විසින් ප්‍රචාර ගෙන ගියත් මද්‍යසාර හා දුම් කොළ මගින් පැන නගින සෞඛ්‍ය ගැට‍ළුවලට රජය ඊටත් වඩා විශාල මුදලක් වැය කරන බව සොයා ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

ආදායම් ලබාගැනීම සඳහා නොව ආණ්ඩුවේ වියදම අඩු කර ගැනීම සඳහා දුම් කොළ සහ මද්‍යසාර යන නිෂ්පාදන දෙකේම බදු වැඩි කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දුම් කොළ භාවිතය අඩු වෙමින් පවතින බවයි දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් වැඩිදුරටත් කියා සිටියේ.

– BBC Sinhala –

– ග්ලෝබල් දෙමළ පුවත් –

ඉන්දු – ලංකා පාලම ගැන ඉහළ මට්ටමෙන් සාකච්ඡා
– Global Tamil News –

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීම සම්බන්‍ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, කබීර් හෂීම් මහතා පවසා තිබේ.

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සමගාමීව පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ.

තලෛයිමන්නාරම හා ධනුෂ්කොඩිය අතර පාලමක් ඉදිකොට දෙරට යා කිරීමෙන් දෙරට අතර ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු සිදුකරන බවත් ඉන්දු-ලංකා පාලම ඉදිකිරීම සම්බන්‍ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවන් ආරම්භ කර තිබෙන බව හෙතෙම පවසා තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

අද ශ්‍රීලනිපයේ විශේෂ සාකච්ඡාවක්
– Global Tamil News –

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (04) දින රාත්‍රි  7.00ට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

මෙම රැස්වීමට පෙර පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත බවත් එහිදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධාන කළ පාද යාත‍්‍රාවට සහභාගි වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් ගනු ලබන විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය සම්බන්ධයෙන් ද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

විමල් වීරවංශ අද ජනපති කොමිසම හමුවට
– Global Tamil News –

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඒ යටතේ පැවැති ආයතනවල සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය, වංචා සහ දූෂණ පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තාවේ.

මීටපෙරද අවස්ථා දෙකකදීම ඔහුව කොමිසමට කැඳවා තිබුණද ඔහු කොමිසම මගහරිමික් කටයුතු කර තිබිණ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

නෝර්වේ අගමැතිනිය ශ්‍රී ලංකාවේ
– Global Tamil News –

නෝර්වේ  අගමැති  අර්නා සොල්බර්ග් ඇතුළු දුත පිරිස අද (04) පෙරවරුවේ  දිවයිනට පැමිණියාහ.

හත් දෙනෙකුගෙන් යුත් එම දූත පිරිස ශ්‍රී ලංකා ජනාධිපති ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී ඔවුන සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

– ග්ලෝබල් දෙමළ පුවත් –

තොරතුරු දැන ගැනීමේ පනතට කථානායක අත්සන් තබයි
– Global Tamil News –

තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම් පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අද (4) පෙරවරුවේ කථානායක නිල නිවසේදී අත්සන්  තබා ඇත.

අදාළ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමත් සමග එය බලාත්මක වනු ඇති. තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසකම් පනත ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ප්‍රතිපත්තියේ ප්‍රධාන පොරොන්දුවක් විය.

– ග්ලෝබල් දෙමළ පුවත්

දුම්රියේ ගැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් මව සහ දරු දෙදෙනා මරුට..
– Global Tamil News –

දුම්රිය අනාරක්ෂිත ගේට්ටු මුරකරුවන් විසින් දියත් කර තිබූ වැඩවර්ජනය අතරතුර වැල්ලව ගනේවත්ත අතර ඇදාගල අනාරත්ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (03) දහවල් යතුරුපැදියක් දුම්රියක ගැටීම නිසා එම යතුරුපැදියේ ගමන් ගත මව සහ දියණියන් දෙදෙනා එම ස්ථානයේදීම මියයන ලදී.

32 හැවිරිදි මව සිය සය හැවිරිදි සහ දෙහැවිරිදි වියේ පසුවූ දියණියන් දෙනො සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර වැල්ලව පොලිස්‌ ස්‌ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

– ග්ලෝබල් දෙමළ පුවත් –