ARTICLES – GTN Sinhala

ගෝඨා, සජිත් සහ අපි
ආර්යාව එළි බැස්සේ ය. ශ්‍රීමතානෝ සතියේ දින හත‍ෙහිම පැය විසිහතරම පුරා ජනතා සේවයට කැපවීම පිනිස නින්ද නොයන ඖෂධ සොයමින් ගූගලය පීරනවා ඇත. ඇඔරිය යුතු හොඳම ගුලිය ගැන කල්පනා කරමින් වික්‍රමසිංහ දස අතේ ඇඹරෙනවා ඇත. රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට බල්ටි පිනුම් නෙැගැසුවේ නම් ‘මට තමයි එන්න තිබුණේ’ කියමින් කරු ජයසූරිය හූල්ලනවා ඇත.

ගෝඨා සිංගප්පූරුවේ ගත කළ වෛද්‍ය නිවාඩුව අවසන් කරමින් හෙට අනිද්දා රටට පහත් වනවා ඇත. ගෝඨාගේ මිලිටරි සගයෝ ගාලු මුවදොර පිටියේ එල්ලා මරා දැමිය යුතු ‘ද්‍රෝහීන්’ ගේ ලැයිස්තු සුද්ධ කරනවා ඇත. ‘අපි ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස තීරණය කරලා ඉවරයි. මහින්ද රාජපක්ෂට තෝරන්න දෙයක් නෑ’ යැයි සිංහල අන්තවාදීන් කළ අභියෝගය ගැන බියකරු සිහින දකිමින් රාජපක්ෂ කලපනා කරනු ඇත්තේ ගෝඨා මට ද උන්ට ද කියා ය.

නොවී විරූ දේශපාලන අනාථභාවයකට පත් හිටං, පසුගිය පෙබරවාරි මාසයේ පළ කරන බවට කයිවාරු ගැසූ ‘රනිල් වික්‍රමසිංහ දුෂ්චරිතාපදානය’ ලියා අවසන් නොකිරීම ගැන කුලී ලියන්නන්ට අපවාද නගමින් කැ මොර දෙනවා ඇත. අත්තෙන් අත්තට පනින කුරුල්ලාට වූයේ තෙමී නහින්නට ය. මත් ද්‍රව්‍ය සමඟ සටන කොට උඩය.

මරණ දඩුවම් අත්සන් කොළේ දෙපරැන්ද ළඟය. නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති ජනාධාපති සිරිසේන දින දර්ශනයේ කොළ ගලවනු ඇත්තේ ඉකි බිඳිමිනි.

වික්‍රමසිංහගේ හිතමිතුරු සමාජයට තවදුරටත් එජාපය තුල අධිකාරී බලය නැත. ඔහුගේ ගජයෝ පවා ‘වෙන්ඩ ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස’ පසුපස ය. සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොදුනහොත් එජාපය පතුරු යනවා ඇත. වික්‍රමසිංහ උත්සාහ කරනු ඇත්තේ කරු ජයසූරියට පළිහක් කරගෙන සජිත් සමඟ යුද්ධයට යෑමටය. පක්ෂ නායකත්වය අත හැරීමට වික්‍රමසිංහගේ අදහසක් නැත. මන්ද යත් අගමැතිකමට වඩා විපක්ෂ නායකකම යහපත් බව ජීවිත දශක දෙකක අත්දැකීමෙන් ඔහු යස රඟට දන්නා නිසා ය.

ගෝඨාභයට තවමත් සිය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමට ඒක්සත් ජනපද ආණ්ඩුව අවසර දී නැත. සාමාන්‍යයෙන් යුරෝපීයකුට සිය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමට යන්නේ සතියකට අඩු කාලයකි. මිලින්ද මොරගොඩට ඒ් සඳහා ගත වුයේ දින 10ක් පමණක් යැයි කියනු ලැබේ. ගෝඨාභයට දෙමසක් තරම් ගතවීත් ඒම අවසරය නොලැබීම ප්‍රශ්ණයක් ඉතිරි කරයි.

ද්විත්ව පුරවැසියකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරෙන පනත් කෙටුම්පත් සකස් කර අවසන් කරන ලද්දේ 2018 වසරෙහි සැප්තැම්බර් මාසයේ ය. තවමත් රනිල් වික්‍රමසිංහ ඒ මත සිය පශ්චාත් භාගය තබාගෙන සිටින්නේ රාජපක්ෂවරුන් සමඟ ඇති කපටි ගනුදෙනුව නිසා ය. ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දැන් සැළසුම්කර අවසන් යැයි කියනු ලැබේ.

දැනට පෙනෙන විදිහට ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තරඟකරුවන් දෙදෙනා වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසය. ගෝඨාභය ඉදිරිපත් නොකළහොත් රාජපක්ෂ පාර්ශවයට වන හානියට වඩා හානියක් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකළහොත් එජාපයට සිදුවේ. අප කැමැති වුවත් නැතත් යථාර්තය එයයි.

දකුණෙහි දී පන්සල් ගාණේ බඩගාමින් ද, උතුරෙහිදී දෙවසරකින් දේශපාලන විසඳුමක් ලබා දෙන බවට බේගල් ඇදබාමින්ද වික්‍රමසිංහ පෙන්වන්නේ වාර්තාගත පරාජයන්ට තවත් දීර්ඝ කර ගැනීමට ඇති සූදානමයි. එසේ නමුත් දේශපාලන සොම්බියෙකු වන රනිල් වික්‍රමසිංහට මෙවර අංචි ඇදීම ඉතා දුෂ්කර වන්නට ඉඩ තිබේ.

ගෝඨාභයගේ දේශපාලන පාබල හමුදාව සංයුක්ත වන්නේ අමු ජාතිවාදීන්ගෙන් ය. ඔව්හු සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන්ට දරුණු ලෙස විරුද්ධ ය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අනෙකා මර්දනය කිරීම සිය දේශපාලනය ලෙස සළකයි. අන්තවාදී ව්‍යාජ පුවත් මගින් රට ගිනි තියන මාධ්‍ය ජාලා ගෝඨාභයගේ හොරණෑකරුවන් ය. ගෝඨාභයගේ සමස්ත දේශපාලන ව්‍යාපාරය ම පදනම් වනු ඇත්තේ සිංහල බෞද්ධ මහ ජාතිවාදය, භීතිය, වාර්ගික විෂමතාවයන්, ආර්ථික සංවර්ධනය සහ ශක්තිමක් පාලකයෙක් යන මතවාදය වටා ය.

සජිත් ප්‍රේමදාස ඊට වෙනස් ද? ඔහු මරණ දඩුවම පැමිණවීමට පක්ෂ ය. ඔහුගේ බිරිඳ දැනටමත් ජනප්‍රවාද ගත කටුස්සා මෙන් ආර්යාව යන පට්ටම බෙල්ලේ ඒල්ලාගෙන තිබේ. සජිත් යනු මිථ්‍යා විශ්වාසන්හි ගිලී ගි, සාත්තරකාර කපටින්ට දෙවියන්ට සේ සළකන්නෙකි. තවද සියල්ලටමත් වඩා ඔහු බලය බෙදීමට පක්ෂ නැත. ඔහුට අනුව ආර්ථික සංවර්ධනය ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමයි. සිය පියාගේ නමින් රටපුරා සෑම දිසාවකම දැවැන්ත බෞද්ධ පන්සල් 25ක් සාදන බවට ද ඔහු දැනටමත් ශපථ කර තිබේ.

බැලූ බැල්මට ම පෙනන පරිදි මේ දෙදෙනාගේ දේශපාලනයේ එතරම් වෙනසක් නැත. ගෝඨා නූතනවාදී මර්දකයෙකි. සජිත් ගතානුගතික මර්දකයෙකි. ජනාධිපති ප්‍රේමදාස ගෙන ගිය භීෂණකාරී දේශපාලනය ආදර්ශයක් ලෙස සළකන සජිත් ප්‍රේමදාසට ද මර්දකයෙක් වීමට සුදුසුකම් තිබේ. දෙදෙනාම පන්සල් දේශපාලනය සිය ප්‍රධාන කක්ෂය ලෙස ගන්නවා ඇත. එනයින්ම අන්තවාදී බෞද්ධ භික්ෂූන්ගේ දේශපාලන සිරකරුවන් බවට දෙදෙනා ම පත්වීමට ඇති ඉඩ ද වැඩිය.

මේ තාක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ දේශපාලන ධාරා දෙකම, මතවාදී වශයෙන් සුළුතර අයිතිවාසිකම් නොසළකන සහ මතවාදීමය වශයෙන් සිංහල බෞද්ධ දේශපාලන පක්ෂ බවට පත්වීම එළඹෙන ජනාධිපතිවරණය විසින් සනිටුහන් කරන්නට බොහෝ දුරට ම ඉඩ තිබේ. සජිත් ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණෙන් වෙනස්වීමට ඉඩක් නැත.

මෙම දේශපාලන ධාරා දෙකම මෙරට අද පත්ව තිබෙන සමාජ, ආර්ථික දේශපාලන අර්බූදයන්ට වගකිය යුතුය. 1948 දී මෙරට නිදහස ලබන විට මෙරට ඉතා හොඳින් සංවිධිත සහ විනය ගරුක රාජ්‍ය පරිපාලන සේවාවක් තිබුණි. බ්‍රිතාන්‍යයින් මෙරට හැර යන විට මාස 17ක ආනනයන් සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් තිබුණි. (වර්තමානයෙහි එය බොහෝ විට එය දෙමසකට පමණක් ප්‍රමාණවත් ය). විදේශ ණය දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 04ක් (අද සියයට 80 තරම්. ය) පමණක් ද දේශීය ණය දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 14ක (අද සියයට 70 තරම් ය.) පමණක් ද විය. එදා ඩොලරයකට රුපියල් වටිනාකම 3.32ක් (අද 175ක් තරම් ය) විය. (හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන පළ කරන ලද ලිපියකිනි.)

එම පදනම මත ගොඩනැගිය හැකිව තිබූ ශ්‍රී ලංකාව විනාශ කරන ලදදේ ගෝඨාභය සහ සජිත් විසින් නියෝජනය කරනු බලන දේශපාලන ප්‍රවණතා දෙක විසිනි. 2015 ජනවාරිය මේ විෂම චක්‍රය අවසන් කිරීමට මෙරට ජනතාව ලබා දුන් අවස්ථාවය. සිරිසේන සහ වික්‍රමසිංහ දෙබෑයෝ ඒ අනගි අවස්ථාව විකුණා දැමූහ.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ප්‍රර්ථනා කරන කිසිවකුට මෙම බලවේග දෙක සමඟ තව දුරටත් ගමන් කළ නොහැක. අනෙකා පැරදවීමට වෙන එකෙකුට ජන්දය දීම අවසන් කළ යුතු කාලය පැමිණ තිබේ.

ජනාධිපතිවරණ දේශපාලනය අභිමුව අපේ ආරම්භක ස්ථානය විය යුත්තේ එයයි. විකල්ප දේශපාලනයක් සෙවිල්ල ඇරඹෙනු ඇත්තේ එම තීරණයට අප පැමිණියහොත් පමණි. බලය අල්ලා ගැනීමට විකල්ප වාම හරිත දේශපාලනයකට තවම නොහැක. අප සතු බලය වනු ඇත්තේ බලපෑමේ දේශපාලනයක් බවට පත් වීමයි. එවැනි අවකාශයක් නිර්මාණය නොවන්නේ නම් අපට ද අබ සරණය.

සුනන්ද දේශප්‍රිය

by – vikalpa

ජනතා ඉඩම්වලට ප්‍රවේශය ලබාදීම සංහිඳියාවට අත්‍යවශ්‍ය සාධකයකි
අප්‍රියෙල් 23 වෙනිදා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත්වන උතුරේ බස්නාහිරට වන්නට පිහිටා ඇති ඉරනයිතිවු නිවුන් දුපත්වල මා ගත කලේ වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ තමන්ගේ උපන් ගම්බිම් වලට පැමිණ නතරවී සිටි 300 කට අධික උද්යෝගිමත් ජනතාවක් සමගය.

මේ දූපත් වැසියෝ සියල්ලෝම සුලුජාතික දමිල කතෝලික ජන කොටසකි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේදී මේ දූපත් වල ජීවත්ව සිටි ජනතාවට 1992දී තමන් ජීවත්වූ ගම්බිම් අතහැර යාමට සිදුවූ අතර ඒ සමගම නාවික හමුදාව එවායේ කදවුරු ඉදිකර ගත්තේය.

2007 වනතුරුම ගම්වැසියන්ට මේ දූපත් වලට පැමිණ නැවත යාමට අවස්ථාව ලබාදී තිබුනද පසුව 2009 යුද්ධය අවසන් වනතුරුම තමන්ගේම උපන් ගම්බිම් ඔවුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්විය.

මේ කුඩා දූපත් වට කරගෙන තිබෙන මුහුද ගම්වැසියන්ට තමන්ගේ ධීවර කර්මාන්තය කරගැනීමට මහගු රුකුලක් විය. දූපත්වල සරුවට වැවුනු පොල්ගස් පිරීතිබුනි. සරුසාර පොළවේ ගොවිතැන් බතක් කරගෙන හරකබාන ඇති කරගෙන වැසියෝ කල් ගෙවූහ. දූපතේ ඓතිහාසික කතෝලික දේවස්ථානය වැසියන්ගේ ජීවිතවලට ආධ්‍යාත්මිකව සහයවු අතර දූපත තුල පාසැලක්, සමූපකාර කඩයක්, මැහුම් මධ්‍යස්ථානයක්, ආරෝග්‍ය ශාලාවක් සහ ගම්සභා කාර්යාලයක්ද තිබුණි.

2015 බිහිවූ අලුත් ජාතික ආණ්ඩුවත් සමග තමන්ගේ ගම්වලට නැවත පැමිණීමට වැසියන් තුල නැවුම් බලාපොරොත්තු ඇතිවූවත් එය ඔවුන් අපේක්ෂා කල පරිදි සිදු වුයේ නැත.

ගම්වැසියෝ 2016 සහ 2017 කාලයේ අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව වගකිවයුතු නිලධාරීන් සමග රැස්වීම් ගණනාවක්ම පවත්වා තමන්ට නැවත තම උපන් ගම්බිම්වලට යන්නට අවසර ඉල්ලා නොකඩවා දින 359ක් උද්ඝෝෂණ කලත් නැවත පදිංචිවීමේ ඔවුන්ගේ සිහිනය යථාර්ථයක් වූයේ නැත.

අප්‍රියෙල් 23 වෙනිදා බෝට්ටු 40කට ගොඩවන ගම්වැසියෝ, පූජකතුමන්ලා, පැවදිසොයුරියන්, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සමග දූපත දක්වා පැමිණියහ.

වසර ගනනාවක් තිස්සේ අතහැරදමා තිබීම නිසා දූපතේ බොහෝමයක් ගොඩනැගිලි අබලන්ව විනාශ වී ඇත. තමන්ගේ එදිනෙදා ජීවිතයට අපහසුවක් නොවනසේ දූපත තුල නාවික හමුදාව සිටීම පිලිබදව දූපත් වැසියෝ විරෝධයක් නොදක්වන අතර තමන් මෙවර දූපතට පැමිණියේ මෙහි රැදීසිටීමට මිස නැවත පිට නොවන්නට බව තරයේම කියා සිටියහ.

ඉඩම් මුදා හැරීම සහ විනාශයේ මාවත

මීට දින 10 කට පෙර යාපනය දිස්ත්‍රික්කයට අයත්ව පිහිටි ප්‍රදේශයක හමුදාව අත්පත් කරගෙන තිබූ අක්කර 683 භූමි ප්‍රමාණයක් ඒවායේ නිත්‍යානුකූල මුල් අයිතිකරුවන්ට වසර 28 පසුව හමුදාව නැවත භාර දුන්නේය.

කෙසේවුවද ප්‍රාදේශීය සමාජ ක්‍රියාකරීන්, දේශපාලකයින් සහ මාධ්‍යවේදීන් පවසන්නේ භාරදුන් මෙම ඉඩම් වලට ඇති ප්‍රවේශයන් සහ පාසැල් තවමත් පවතින්නේ හමුදාව යටතේ බවය.

තමන්ට අතහැර දමා යන්නට සිදුවූ මොහොතේ හමුදාවට භාරදෙන අවස්ථාවේ එවායේ ගොඩනැගිලි ඉතා හොද තත්ත්වයක තිබුනත් නැවත ඒවා තමන්ට භාරදෙන විට සියල්ල විනාශ වී ඇති බව ඒවායේ අයිතිකරුවෝ පවසති.

එසේම මෙලෙස තමන්ගේ දේපල තමන්ට භාරදීම සදහා හමුදාව විසින් උත්සව සංවිධානය කරන බවත් ඒවාට පැමිණෙන විට මල්මාලා දමා පිලිගැනීම තමන්ව දැඩි අපහසුතාවට පත්කිරීමක් බව ජනතාවගේ අදහසයි.

ජනතාවට අයත් දේපල නැවත ඔවුන්ටම භාරදීම හමුදා ජනතාවට “තෑග්ගක් ” දීමක් ලෙස සලකනු ලැබීම ජනතාව ප්‍රතික්ෂේප කරති.

තමන්ගේ දේපල අත්පත්කරගෙන වසර ගනනාවක් ඒවායේ පදිංචිව සිටීම, ඒ නිසා තමන්ට අවතැන්වීමට සිදුවීම ගැන මෙන්ම තමන්ට විදින්නට වු කරදර-දුක්ගැහැට ගැන හමුදාව හෝ රජය කිසිම සමාව ගැනීමක් හෝ පාඩුවට වන්දි ගෙවීමක් කරන්නේ නැත.

ජනතාවට තමන්ගේ ඉඩම් සහ දේපල නැවත ලබාදීම සදහා රුපියල් බිලියනයකට අධික මුදලක් හමුදාවට ලබාදී ඇතිබව රජය දැනුම්දී තිබුනද නැවත එම ඉඩකඩම්වල පදිංචියට පැමිණෙන ජනතාවට ලබා දෙන්නේ ඉතා සුලු මුදලකි.

රජයේ සහ හමුදාවේ මේ මුරණ්ඩු යොමුව ඉඩම් නැවත ලබාදීම තුලින් සංහිඳියාව ගොඩනැගීමට ඇති අවකාශය වලකාලනු ලබයි.

මුස්ලිම් සහ සිංහල ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු

හමුදාව විසින් ඉඩම් අත්පත්කරගෙන ඒවායේ පදිංචිවීම නිසා වැඩියෙන්ම පීඩාවට පත්වී ඇත්තේ උතුරේ දමිල ජනතාවය.

එසේම මෙම කලාපයේ ජීවත්වන මුස්ලිම් සහ සිංහල ජනතාවටද මේනිසා පීඩාවට පත්වීමට සිදුවී ඇති අවස්ථා බොහොමයක් ඇත. මේ පිළිබඳව අදාල පැමිණිලි, සාකච්ඡාවන්, උද්ඝෝෂණ සහ උසාවියේ නඩු පැවරීම් තිබුනත් මේ ඉඩම් පිලිබදව තවමත් විසදුමක් ලැබී නැත.

එසේම 1990දී දෙමල කොටි සංවිධානය උතුරින් පලවාහරිනු ලැබූ මුස්ලිම් ජනතාව නැවත එම ප්‍රදේශවල පදිංචි කර ඇතත් රජයෙන් මෙන්ම දෙමල ජනතාවගෙන් ඔවුන්ට එතරම්ම සහයෝගයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.

ඉඩම් සහ සංහිඳියාව

උතුරේ අලුතින් ඉඩම් අත්පත් කර ගැනීම දිගින් දිගටම සිදුවේ. පොදු අවශ්‍යතාවයන් යැයි කියමින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ අක්කර 671ක ප්‍රමාණයක් රජය නාවික හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට අත්පත් කරගෙන ඇත.

ගැමි ප්‍රජාවට ඉඩමක් යනු මුදලකට තක්සේරු කරනු ලබන දේපලකට ඔබ්බට ගිය දෙයකි. එය සැමවිටම තමන්ගේ ජීවනෝපාය වන ධීවර කර්මාන්තය සහ ගොවිතැන සමග එකට බැදී ඇත.

එසේම එය ඔවුන්ට තමන්ගේ මුතුමිත්තන්ගේ ආත්මීය සුවද වෑහෙන තමන්ගේ ක්‍රිස්තියානි හෝ හින්දු ආගමික විශ්වාසයන් සමග දිවෙන දෙව්මැදුර හෝ කෝවිලට යාබද ශුද්ධවූ භූමියකි.

තමන් උපන් සහ ජීවත්වූ මේ භූමියට ඔවුන්ගේ ප්‍රානය බද්ධවී ඇත. එබැවින් වෙනත් ප්‍රදේශයක ඉඩම් වල ඔවුන්ව පදිංචි කර ඔවුන්ට මුදල් ආධාර ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිත වල පැවැත්මට එය උපකාර වන්නේ නැත.

උසාවිවල ගොනු කර ඇති නඩු, පෙත්සම්, වගකිවයුත්තන් සමග පවත්වන සාකච්ඡා සහ උද්ඝෝෂණ ඉදිරියටත් පවතිනු ඇත.

රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී අවතැන්ව සිටින ජනතාව ඉරනයිතිවු දූපත්වල සිදුවූ ආකාරයටම තමන්ගේ ඉඩකඩම් යලි අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ඇත.

තමන්ගේ ඉඩකඩම් වලට ලගාවීමට නොහැකි වාතාවරණයක් තුල සංහිඳියාව සදාකාලික සිහිනයක් පමණක්‌ වනු ඇත.

රුකී ප්‍රනාන්දු

Access to land is a must for reconciliation in Sri Lanka https://www.ucanews.com/news/access-to-land-is-a-must-for-reconciliation-in-sri-lanka/82349 නම් ලිපියේ පරිවර්තනයකි. සිංහල පරිවර්තනය: අරුණ ශාන්ත නෝනිස් ( අශානෝ )

MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්
යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව සමාජ මාධ්‍ය ශුද්ධවන්තයන් ලෙස පෙනී සිටින්නන් එකිනෙකා පරයා පෝස්ට් දැමූවේ තරගයකට මෙනි.

එම තත්ත්වය තුළ ද මැයි 18වනදා මුල්ලිවෛක්කාල් වෙරළ තීරයට රැස්වූ සිය ගණනක් මිනිසුන්, මරා දැමූ සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දල්වා නිහඩව ‘යුක්තිය’ ප්‍රාර්ථනා කළේය. ඒ කිසිවක් රාජිත ඇමතිවරයාගේ කතාවට රණහඩ දුන් දකුණේ මාධ්‍ය වීරයන්ට මෙන්ම සමාජ මාධ්‍ය ශුද්ධවන්තයන්ට ද පෙනුනේ නැත.

මුල්ලිවෛක්කාල් වෙරළ තීරයේ නිහඩ සිහිකිරීම් නොදුටු ඇතැමුන් එක් දෙයක් දුටුවෝය. එනම්, මුල්ලිවෛක්කාල් සිහිකිරීමට පැමිණි පිරිස සදහා සිසිල් බීම දන්සැල් සංවිධානය කරන හමුදාවය. ඉන් පසුව ඇරඹුනේ ඒ පිළිබදව වන සටහන්ය. ‘බලාපල්ලා අපේ හමුදාව’, ‘ජාතිවාදීන් බලාපල්ලා’ ‘මෙන්න ගුණකරුක හමුදාව’ වැනි හමුදාවේ ‘දන්සැල’ උත්කර්ෂයට නංවමින් නැවත වටයකින් ලියැවෙන්නට පටන් ගත්තේ ය.

සිවිල් වැසියන් ඝාතනය නොවුනා යැයි තර්ක කරමින් ලියන, කියන දකුණේ වීර මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, හමුදාව විසින් මුල්ලිවෛක්කාල් හී වැස්සේ තෙමි තෙමී සිසිල් බීම දුන්නේ යුද්ධයේදී මරා දැමූ සිය සමීපතමයින් සිහිකර එන මිනිසුන්ට බව හැගුනේ නැත.

ප්‍රශ්ණය එයම නොවේ. තවමත් මිනිසුන්ගේ ඉඩම්වල වාඩිලාගෙන සිටින හමුදාව, තවමත් එළෙසම හමුදා කදවුරු පවත්වාගෙන යන හමුදාව, ‘හමුදා බිස්නස්’ තවමත් කරන හමුදාව, මළවුන්ගේ සොහොන් පවා බුල්ඩොසර් කළ හමුදාව, ‘අපි ලග එහෙම ලිස්ට් එකක් නැහැ’ කිලිනොච්චිවලදී හමුදාවට බාර දුන් සිය සමීපතමයින් ගැන විමසු විට පිළිතුරු දුන් හමුදාව, ඇත්තටම මුල්ලිවෛක්කාල් හී මරා දැමූවන් සිහිකිරීමට පැමිණි මිනිසුන්ට දන්සැල් දුන්නේ අයි?

ලංකාවේ සිදුකල යුද්ධය අහිංසක නැති බව කවුරුත් දන්නේය. එයිනුත් ශ්‍රි ලංකා හමුදාවෝ එය හොදින්ම දන්නේය. වෙඩි තැබූ, වෙඩි වැදුනු ආදී බොහෝ තැන් ඔවුන් නොදන්නේ නොවේ. අනෙක් පසින් වෙඩි තබා හෝ මොනයම් ක්‍රමයකින් මිනිසෙක් ඝාතනය කිරීම, මිනිසෙක්ට එතරම් පහසු කාර්යයක් නොවේ. ඝාතනය කිරීමට සදහා විවිධ ක්‍රම මගින් මණස සකස් කිරීම සිදුකලත් පසුව එය නැවත වටයකින් ඝාතකයා ගේ මණස තුළ ඒ ඝාතනයන් මතකයට ඒම වැලැක්විය නොහැකිය.

විශේෂයෙන් ආයුද රහිත මිනිසුන් තමන්ගේ දෙපා අබියස ඝාතනයට ලක්වීම වැනි කෘරර සිදුවීමක්, යටත් වූවන් දූෂණයට ලක්වීමක්, ළමුන් ඝාතනය කිරීමක් ආදී බොහෝ දේ අදාල පුද්ගලයා තුළ නිරන්තරයෙන් ම ඔහුගේ මනස හි නැවත නැවතත් චිත්‍රණය වීම වැලැක්විය නොහැකියි. එවිට ඒ මතකයන්ගෙන් ගැලවීම/මිදීම පහසු කටයුත්තක් නොවේ. මේ තත්ත්වය ‘ක්ෂතිමය අත්දැකීමක්’/ Traumatic Experience බව විද්‍යාර්තයන් පවසන්නේ එබැවිනි.

‘මට ගෙදර ආපුවාම නින්ද යන්නේ නෑ හලෝ’ 2007 වර්ෂයේ ඥාති සොහොයුරෙක් කිවේය. ඒ ඔහුට සෑම විටම ගෙදර ආ විගස යුද්ධයේ බිහිසුණු ක්‍රියාවන් මතකයට නැගෙන බව ඔහු කීවේය. මෙය සරලව කිවහොත්, උතුරේ ප්‍රශ්ණය මිලිටරි ලෙස විසදන ලද්දේ විශාල මිනිස් සමූහයකගේ මළකදන් මතින් බව දකුණේ සිංහල මිනිසා හොදින්ම දන්නේය. මේ නිසා ඒ පීඩාකාරී, කම්පනිත නැතිනම් වරදකාරී හැගීමෙන් නිදහස් වීම සදහා දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ක්‍රියාවන් ඔවුන් විසින් සිදුකරයි

එකක් නම්, ‘නෑ අපි එහෙම දෙයක් සිදුකළේ නැහැ’ යන්න හැකි තරම් සමාජගත කරමින් එය උත්කර්ශයට නංවමින් කිසියම් මානසික සුවයක් ලගා කර ගැනීමට උත්සහ කිරීමයි. ඒත් සමග අතීත වීරක්‍රියා උත්කර්ශයට නංවමින්ම ‘අපේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්’ ‘අපේ රජවරුන් මෙසේයි’ ‘අපිට 2500ක ඉතිහාසයක් තියනවා’.. වැනි මනෝමය තත්ත්වයන් ද ඉදිරියට දමමින් එය මානසිකව වෙනස් කරගැනීමකට උත්සහ දරයි. (2009 මැයි 19න් පසු හමුදා නායකයෝ සහ රාජපක්ෂලා මේ ක්‍රමය යම් පමණකට අත්හදා බැලුවේය. පසුගිය දා කැළනියේ පැවති ‘විරුවන් සැමරුමේදී’ කමල් ගුණත්න ද එවැනි අදහසක් ප්‍රකාශ කළේය)

හිංසාව, ඝාතනය සම්පූර්ණයෙන් පිටුදකින කිසියම් ආගමික භාවිතාවක් සිය දෛනික කටයුතුවලට ඉතා සෘජු ලෙස සම්බන්ධ කර ගැනීම තවත් එක් ක්‍රමයකි.( උතුරේ සෑම හමුදා කදවුරක් ඉදිරියේම ඉතාමත් අලංකාරව තැනූ බුදු මැදුරු, ඇතැම් විට පංසල්, රජමහා විහාරවල නම් යෙදු විශාල පිළිම ආදිය ද දැකිය හැකිය. ඒ එයට උදාහරණය.) කිසිදු බෞද්ධයෙක් නැති ඒ ප්‍රදේශවල තමන් ම තැනූ පංසල්/බුදුමැදුරු තුළ තමන්ම සුදු වතින් සැරසී සිල් ගන්නා ආකාරයත්, බුදුන් වන්දනා කරන ආකාරයත් අද ද නිරීක්ෂණය කළ හැකිය

තවත් ක්‍රමයක් නම්, තමන් විසින් පීඩාවට පත්ව කිසියම් පුද්ගලයෙක්, සමාජයක් සමග සුහද, මිතුරු, සම්බන්ධයක් පවත්වා ගැනීමට හැම විටම උත්සහා ගැනීමයි. පසුගිය වසර කිහිපය තුළ උතුරේ හමුදාවේ ක්‍රියාකාරකම් බලන්න. පෙර පාසල්වලට තැගී දීම, පාසල් ළමුන්ට තෑගි දීම, වෘත්තිය පුහුණු පැවැත්වීම, ශ්‍රමදාන පැවැත්වීම, අවුරුදු උළෙලවල් පැවැත්වීම, තොරණ් ගැසීම, බක්ති ගීත ගායනා කිරීම, කෝවිල්වලට සිමෙන්ති ලබාදීම, පැළ බෙදා දීම ආදී බොහෝ දේවල් සිදුකලේය. (මෙයින් බොහෝ දේවල් රාජ්‍යයේ පරිපාලන නිළධාරීන් විසින් කළ යුතු දේවල්ය. නමුත් උතුරේ පරිපාලන දේවල් බොහොමයක් කරන්නේ හමුදාවය. ඒ ඇයි?)

#MAY18 | මැයි 18 හමුදාව දුන් ‘දන්සැලත්’ එැවන්නකි.

By – www.vikalpa.org

ඉරණතිවු | නාවික හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් නැවත ලබා ගැනීමට | වසරක අඛණ්ඩ උද්ඝෝෂණ
2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර එන්නට ලැබෙනු ඇතැයි සිතූහ. එනමුදු ලියුම් කන්දරාවක් ද, රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන් සමග 2016-2017 වසරවල කරන ලද ඉහළ පෙළේ රැස්වීම් ගණනාවකට පසුවද කිසිදු ප්‍රතිඵලයක් නොවූයෙන්, මේ ප්‍රජාව 2017 මැයි 1 වැනිදා මහ පාරේ අඛණ්ඩව උද්ඝෝෂණයක් කිරීමට පටන් ගැනීමේ අමාරු තීරණය ගත්හ. වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත්, ඔවුන් තවමත් අරගල කරති.

ඉතිහාසය

ඉරණතිවු යනු පෝක් සමුද්‍ර සන්ධියේ එකට පිහිටා ඇති දිවයින් යුගලක් වෙන අතර, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ. විශාල දිවයින (පෙරුම් තීවු) සහ කුඩා දිවයින (සිරුම් තීවු) අතරින් ලුණු වතුර සහිත ඇලක් ගලයි.

1982 කරන ලද නිල මිනින්දෝරු සිතියමකට අනුව, පෙරුම් තීවු විශාල දූපතේ ඉඩම් කට්ටි 143ක් සලකුණු කර ඇති අතර, සිරුම් තීවු කුඩා දූපතේ ඉඩම් කට්ටි 35ක් ලකුණු කර ඇත. 1886 ඉදිකරන ලද පැරැණි ඔරලෝසු කණුවක් දක්වමින්, දූපතේ වසර 200ක පමණ ඉතිහාසය සම්බන්ධයෙන් ගම්වාසීන් තොරතුරු කියති. ඔවුන් පළමු වරට අවතැන් වන විට, මේ දූපත්වල ගලින් තැනූ ගෙවල් 125ක් ද, වතුර බොන ළිං 5ක් ද, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ද, පල්ලි දෙකක් ද තිබුනි.

ධීවර කර්මාන්තය සාම්ප්‍රදායික ආදායම් මාර්ගය වූ අතර, පිරිමින් මුහුදු යද්දී, ගැහැණුන් කකුළුවන්, සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වැනි වෙරළ ආශ්‍රිත ධීවර කටයුතුවල නියැලෙමින්, දෙපිරිසම පවුලේ ආදායමට දායක වූහ. එසේම ඔවුන් පශු පාලනයේ නියුතු වූ අතර ගවයන්, එළුවන් ආදී සතුන් ඇති කළහ. ලූණු, මිරිස්, මඤ්ඤොක්කා වැනි ආර්ථික භෝග වගා කළ අතර, පොල් ගස් ද වගා කළහ. කිවුල් දූපත් ජලය, පුළුල් පරාසයක මාළු වර්ග ගණනාවක් අභිජනනය වෙන භූමියක් වන අතර, දූපත්වල සහ ලංකාවේ ප්‍රධාන භූමියේ ද නිවාස සෑදීමට මූල ද්‍රව්‍යයක් වේ. එසේම මේ දූපත් වැසියන්ට ශ්‍රී ලංකාවේ දකුණ දෙස පිහිටි මීගමුව වැනි ප්‍රදේශවල මිනිසුන් සමග වෙළෙඳ සහ සමාජ-සංස්කෘතික සම්බන්ධතා තිබී ඇති අතර, පල්ලියේ කටයුතු පැවැත්වීමට මීගමුවේ සිට කතෝලික දේවගැතිවරයකු මෙම දිවයිනට පැමිණ තිබේ.

යුද්ධය සහ අවතැන් වීම

පළමුවැනි අවතැන් වීම වෙන්නේ 1992 දී වෙන අතර, පවුල් 200ක් පමණ යුද්ධය හේතුවෙන් දූපතේ සිට අවතැන් වී ලංකාවේ ප්‍රධාන භූමියට යති. එතෙක් පටන් මේ දූපත, නාවික හමුදාව අයිති කර ගත් අතර, 2007 වෙන තුරු ගම්මුන්ට දූපතට ඇතුළුවීමට අවසර ලැබුනේ කඩින් කඩ, සීමා සහිතවය. 2007 සිට යුද්ධයේ අවසාන කාලය පුරාම අවස්ථා ගණනක දී දූපත් වැසියෝ අවතැන් වූහ. දිවි ගලවා ගත් පුද්ගලයන් වවුනියාව මැණික් ෆාම් කඳවුරේ රඳවනු ලැබිණි. ඔවුන්ව නිදහස් කළාට පසුව, ඔවුන් අවතැන් වූ විසූ මුලන්කාවිල් ආසන්නයේ පිහිටි, ඉරනෙයිමාතානගර් වෙත නැවත පැමිණෙන්නට අවසර දෙනු ලැබිණි. මෙය ලංකාවේ ප්‍රධාන භූමියේ සිට දූපතට ඇති කිට්ටුම ස්ථානයයි. 2007 වර්ෂයේ සිදු වූ අවසාන අවතැන්වීම්වලට පසුව, නාවික හමුදාව විසින් නැවත ආපසු පැමිණීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික දූපත් වෙත නිදහසේ ප්‍රවේශ වීම තහනම් කරන ලදී.

නාවික හමුදාව සමග කරන ලද සාකච්ඡාවලට පසුව, දැන් මිනිසුන්ට දූපතේ වෙරළ ප්‍රදේශයේ සීමාසහිත ප්‍රදේශයකට ගොස් ධීවර කටයුතුවල නියැලීමට අවසර ඇතත්, රෑ පහන් වෙන තුරු සිටීමට අවසර නැත. ලංකාවේ ප්‍රධාන භූමිය සහ දූපත අතර දිනපතා යාත්‍රා කිරීමට සිදු වීම හේතුවෙන් ධීවර කටයුතුවල වියදම අතිශයින් ඉහළ ගොස් ඇත. ඉරණතිවු හි වෙරළබඩ ධීවර රැකියාවේ නියැලුණු කාන්තාවන්ට දැන් එසේ කළ නොහැකි අතර, ඔවුන් සිටින්නේ විරැකියාවෙනි. මෙය පවුලේ ආදායම අඩු වීමට හේතු වී ඇති අතර, විශේෂයෙන්ම කාන්තාවන් ගෘහ මූලිකයා වෙන පවුල්වලට මෙය දැඩි සේ බලපා ඇත. එසේම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා විසින් කරන නීති විරෝධී මාළු ඇල්ලීම් කටයුතු නිසා මත්ස්‍ය සහ වෙරළ සම්පත් අඩු වී යාමත්, ඉන්ධන වියදම වැඩි වීමත් මේ ධීවර පවුල්වල ආදායමට ඉතා නරක ලෙසින් බලපා ඇත.

2007 වර්ෂයේ සිට වැසියන්ට මේ දූපතට පැමිණීමට අවසර දී ඇති එකම කාලය වන්නේ කතෝලික ජනතාවට වැදගත් ආගමික කාලයක් වන චතාරික කාලයේ දී (පෙබරවාරි හෝ මාර්තු) මාසයේ දිනයක දී පල්ලියට වන්දනාවේ පැමිණීමටයි.

එක් කාන්තාවක් කී පරිදි, එක් අවස්ථාවක දී මුහුදේ කුණාටුවක් වූ අතර, මිනිසුන් නාවික හමුදාවෙන් ඉල්ලා සිටියේ කුණාටුව අවසන් වෙන තුරු රෑ එළි වෙන තෙක් දූපතේ ඉන්නට අවසර දෙන ලෙස යි. එහෙත් නාවික හමුදාවෙන් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට බල කර ඇත්තේ, ඔවුන්ගේ දරුවන් ද රැගෙන අනතුරුදායක චාරිකාවක යෙදෙමින් රළු මුහුද හරහා ආපසු ගෙවල් බලා යන ලෙසයි. මේ අවුරුද්දේ වන්දනාවේ දී, මිනිසුන්ගේ ගමන් කිරීමේ අයිතිය සීමා කළ අතර, නාවික හමුදාව විසින් මිනිසුන් තදබල ලෙස අපහසුතාවලට ලක් කළේ, ප්‍රදේශයේ පියතුමා දවස් 3ක් පල්ලියේ චිරාගතව සිදුවන ආගමික සේවා සඳහා මිනිසුන්ට දූපතේ නතර වීම සඳහා කල් තියා අවසර ගෙන තිබියදීය.

ධීවර සමූපකාරය

ඉරනෙයිතිවු ධීවර සමූපකාරය ශක්තිමත් ආයතනයක් වූ අතර, මෙය ක්‍රියාත්මක වූයේ මත්ස්‍ය අස්වැන්න වැඩි කාලයේ දී ලැබෙන සාමාජික දායකත්වයන්වලිනි. එය විසින් ප්‍රජාවේ සුබ-සාධනය සඳහා විශාල කාර්යයක් ඉටු කළ අතර, දූපතේ ඇති බොහෝ ගලින් තැනූ ගෙවල් සාදන ලද්දේ සමූපකාරයෙන් ලැබුනු සහනාධාර සමගය. නමුත් අද එය එදිනෙදා වියදමට මුදල් සොයා ගන්නේද අපහසුවෙනි.

සමූපකාර ව්‍යුහය තුළ, එහි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් කරන ලද නායකත්වය විසින්, දූපතේ සහ අවට මුහුදේ සම්පත් අනාගත පරම්පරාවට භාවිතා කළ හැකි පරිදි තිරසාර පරිදි භාවිතා කිරීම සහ සංවර්ධනය කිරීම තහවුරු කරන ලදී. නමුත් මෑතදී, මේ ප්‍රදේශයට පිටත සිට පැමිණෙන ධීවරයන්ට නාවික හමුදාව විසින් මාළු ඇල්ලීමට සහ දූපතේ සම්පත්වලින් ලාබය පිටතට ගෙන යාමට ප්‍රවේශය ලබා දී ඇත. මුදල් ලාභය බලාපොරොත්තුවෙන් ස්වාභාවික සම්පත් සූරා කන කටයුතු නැවැත්වීමට බලන ප්‍රජා කටයුතුවලට මෙයින් බාධා වී ඇති අතර, දූපතේ සම්පත් තමන්ට අහිමි කරන බවට අදහසක් දූපත් වාසීන් අතර පැතිර ගොස් ඇත. නාවික හමුදාව විසින් ඉරණතිවු හි මුල් පදිංචිකරුවන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා බවට චෝදනා කර ඇති බව පවසන ගම්වාසීන්, එවැනි මත්ද්‍රව්‍යයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, කිසිදු උසාවියක් විසින් එවැනි චෝදනාවක් මත කිසිදු බෝට්ටුවක් රඳවා ගෙන ද නැති බව පවසයි.

ආපසු ගෙදර යාමේ අරගලය: කඩදාසි පියසටහන්

2009 පසුභාගයේ ඉරනෙයිමාතානගර් වෙත පැමිණීමේ සිට, ජනතාව ඔවුන්ගේ ඉඩම්වල හිමිකම නැවත ලබා ගැනීමට කිහිප වතාවක්ම උත්සාහ කර ඇත. මෙම උත්සාහයන් 2015 දී නව රජය බලයට පත් වූවාට පසුව තවත් වැඩි විය. අඛණ්ඩ සන්නිවේදනයන් සහ උද්ඝෝෂණ පැවැතියේ වූ නමුත්, ඔවුන්ට ගෙදර යාමට ලැබෙන බවට රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් විසින් වරින් වර දෙන ලද අපැහැදිලි පොරොන්දු හැරුණු කළ, තවමත් ඔවුන්ගේ ගැටළුවලට ස්ථීර පිළිතුරු ලැබී නොමැත.

ජනතාව උතුරු පළාත් මහ ඇමැතිවරයාගෙන් සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් වෙත ලිඛිත ඉල්ලීම් කරන ලද අතර ඔවුන් පිළිවෙලින් නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ජනතාව වෙනුවෙන් මේ ගැන ඉල්ලීම් කර ඇත, එසේම ඔවුන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් වෙත ද ඉල්ලීම් කර ඇති අතර, ඔවුන්ද නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාගෙන් ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කර ඇත. අවසාන වශයෙන් ජනතාව 2017 වර්ෂයේ දෙවරක් මේ ඉල්ලීම ජනාධිපතිවරයාට කෙළින්ම යොමු කර ඇත.

2017 මැයි 01 වැනි දින සිට අඛණ්ඩ විරෝධතා සහ කඩවුනු පොරොන්දු

තමන්ට නැවත පදිංචි විය හැකි දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් සපයා නැති බැවින්, 2017 මැයි 01 වැනි දින, ජනතාව විසින් ඉරනෙයිමාතානගර් හි දී අඛණ්ඩ විරෝධතාවයක් ඇරඹූහ. එසේම ඔවුහු පූනාකරී, කිලිනොච්චි සහ කොළඹ පවා උද්ඝෝෂණ සිදු කළහ. ප්‍රජා නායකයෙක් එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසියට සහභාගි වී, ඉරෙනෙයිතිවු හි නැවත පදිංචි වීමට කර ගෙන යන අඛණ්ඩ අරගලය ගැන කරුණු ඉදිරිපත් කළ අතර, ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා සිටින ලදී.

මේ උත්සාහයන්, විශේෂයෙන්ම උද්ඝෝෂණ හේතුවෙන් ඉරණතිවු ප්‍රජා නායකයන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ආරක්ෂක රාජ්‍ය ඇමැති, ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන්, කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම්, පූනාකරී හි ප්‍රාදේශීය ලේකම්, නාවික හමුදා නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග රැස්වීම් සහ සාකච්ඡා ගණනාවක් පැවැත්වුනි.

මේ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් වන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2017 සැප් -ඔක්තෝම්බර් කාලයේ මේ දූපතට පැමිණීමයි. නමුත් එහි ප්‍රතිඵල මොනවාදැයි, එයින් පසු ගත් පියවර මොනවාදැයි යන තොරතුරු කිසිවක් ජනතාව වෙත ලබා දී නැත. එසේම කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා වෙත, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් 2016 මාර්තු මාසයේ දී “ඉරණතිවු දූපතේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන්, දළ වියදම් ඇස්තමේන්තුවක් සහිතව හැකි ඉක්මනින් විස්තර සහිත වාර්තාවක් සපයන ලෙස” කරන ලද ඉල්ලීමකට ද, ජනාධිපති අතිරේක ලේකම්වරයකු විසින් 2017 අගෝස්තු මස ආරක්ෂක අමාත්‍යාංශය වෙත “සුදුසු පියවර ගන්නා ලෙස” ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ද ලැබුණු ප්‍රතිචාරය කුමක්දැයි ජනතාව වෙත දැනුම් දී නොමැත. එසේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉරණතිවු හි නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර පිළිතුරු සොයන බවට ලබා දෙන ලද පොරොන්දුව සම්බන්ධයෙන්ද සිදු වූයේ කුමක්දැයි මෙතෙක් දැනුම් දී නොමැත.

ගෙදර යාමට බලා සිටීම

දැනට දූපත්වලට ඉතා කිට්ටුවෙන් ලංකාවේ ප්‍රධාන භූමියේ පිහිටි ඉරනෙයිමාතානගර් හි දළ වශයෙන් පවුල් 400ක් ජීවත් වෙන අතර, එයින් 95ක් කාන්තාවන් ගෘහ මූලිකයන් වෙන පවුල් වේ.

ඔවුන් අවුරුදු 25ක් පමණ කාලයක් අවතැන් වී සිටින නමුත්, මිනිස්සු ඉතා ගැඹුරෙන් දූපත සමග බැඳී සිටිති. 2007 අවතැන් වීමෙන් පසු බොහෝ දෙනෙක් පදිංචියට පැමිණි ප්‍රදේශය වන ‘ඉරනෙයිමාතානගර්’ යන්නේ වචනාත්මක අර්ථය වන්නේ ‘ඉරණෙයි හි මව් නගරය’ යන්නයි. නිල ග්‍රාම නිලධාරි කොට්ඨාශ අංකය, උප තැපැල් කන්තෝරුව, රජයේ පාසල සහ ධීවර සමූපකාරය යන සියල්ල තවමත් ඉරණතිවු යන නම භාවිතා කරන්නේ ඒවායේ භෞතික ව්‍යුහයන් ඉරනෙයිමාතානගර්හි පිහිටා තිබියදීය.

මිනිසුන්ගේ ඉල්ලීම් සරලය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉරණතිවු වෙත සීමා පැනවීමක් නැතිව, තමන්ට ප්‍රවේශ වීමට ඉඩ ලබා දීමත්, එහි පදිංචි වී ධීවර රැකියාවේ නියැලීමටත්, වගා කටයුතු, සතුන් ඇති කිරීම ආදී කටයුතු පෙර සේ සිදු කර ගෙන යාමට ලැබීමත්ය. ඔවුන් නාවික හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නැයි ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ නාවික හමුදාව විසින් අයිති කර ගෙන සිටින සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසත්, දූපතේ සම්පත් වැරැදි ලෙස භාවිතා කිරීම, නීති විරෝධී ලෙස ප්‍රවේශ වී එම සම්පත් සූරා කෑම වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ය.

රුකී ප්‍රනාන්දු | Ruki Fernando

(රුකී ප්‍රනාන්දු විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද, 2018 අප්‍රේල් 20 වැනි දින ග්‍රවුන්ඩ්වීව්ස් හි පළ කළ Iranaitheevu; a year of continuous protests to regain Navy-occupied land http://groundviews.org/2018/04/20/iranaitheevu-a-year-of-continuous-protests-to-regain-navy-occupied-land/ නම් ලිපියේ පරිවර්තනයකි. පරිවර්තනය දමිත් චන්දිමාල්) – www.vikalpa.org

දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු
දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසව 2.30ට පමණ සිය රැකියාව පිණිස නිවෙසින් පිටත් වීමට පුරුදුව සිටියේය. භාණ්ඩ ප්‍රවාහණය පිණිස කොලඹ බලා යෑමට සිය ලොරිය උදෑසනම පණ ගන්වා ගත්තේ නැත්නම් රස්තියාදුව වැඩි නිසාය. ඔහු ගෙදර ආවේ කලුවර වැටී පැය ගණනාවකට පසුය. ඔහු සිය දරු දෙදෙනාද බිරිඳ ද මාපියන්ට බලා කියා ගත්තේ මාසිකව රැපියල් 30,000ක් ලද එම දුෂ්කර රැකියාවෙනි. ඒ සඳහා සතියකට දින හයක් සේවය කළ යුතුවිය. වැඩ දිනයට නිශ්චිත පැය ගණනාවක් නොතිබුණි. අනතුර සිදුවන විට ඔහු පැය කීයක් එක දිගට රියදුරුකම කර තිබුණේ දැයි අපි තවම නොදනිමු.

ඔහු සේවය කළේ නගරයේ ධනවත්ම ව්‍යාපාරික ආයතනයේ ය. එය සිංහල අයිතිය ඇති එකකි. ඔහුගේ අකල් මරණය, විසින් ඉස්මත්තට ගෙන ආයුතු එක් කාරණයක් වූ දීර්ඝ සේවා මුර සහ අක්‍රමවත් සහ අප්‍රමාණවත් වැටුප යටපත් වූ අතර ඔහුගේ සිංහල බෞද්ධකම ගිනි බෝම්බයක් බවට පත් කැරුණි. ඒ කුමාරදාසගේ අභිමතයෙන් හෝ ඔහුගේ භාරකරුවන්ගේ අභිමතයෙන් නොවේ. අඩුම වශයෙන් ඔහු ජීවත් වූ ගමෙහිවත් ඔහු දානමානාදිය කල පන්සලෙහිවත් එවැනි අභිප්‍රායක් තිබුනේ නැත.

කුමාරසිංහගේ පියා කී එක් වැකියක් ලිවිය යුතුමය: ‘කෙයිතරම් පත්තර, රූපවාහිනීවලින් ආවත් අපි කියපු ඒ ඒ හැටියටම දැම්මේ රාවය පත්තරේ විතරයි!’. ඔහු, මා රාවයට ලියන බව දැන සිටියේ නැත. ‘අපට කොයින්ද හයියක් ඔය වගේ ගෝරි කරන්න. අනෙක පිටින් හයියක් නැත්නම් කොහොමෙයි ඕව කරන්නෙ. අපේ පුතා මුස්ලිම් ළමයි එක්ක හොඳයි. ඇත්ත මුලදිම කිව්ව නම් ඔය විනාශ වෙන්නෙ නැහැ’ ඒ කඳුවැටිය හරහා දෝංකාර දිය යුතුව ඇති ඔහුගේ වචන‍ය.

කුමාරසිංහගේ සිරුර නගර සංචාරය පිනිස ගෙන යාමට ඉල්ලා සිටි පිරිස් අතර දේශපාලනඥයින්ද වූහ. අනුමත නොකළ වාර්තා කියන්නේ එවැන්නන් අතර පාර්ලිමේන්තු මංත්‍රී දිළුම් අමණූගමද මහසෝන් බලකායද වූ බවය. රටපුරා අනතුරුවලට ලක්ව මිය යන අනෙක් සිංහලයින්ගේ අවසන් කටයතු වලට නොයන නමුත් කුමාරසිංහ අවමඟුලටට කළුවර සමඟ ගිය බොදු බල හමුදා සේනාධිනායක ඥාණසාර තෙරද එවැනි ඉල්ලීමක සංකේතයකි. කළුවර මහසෝනාගේ පිටියයි.

මසකට පෙර දිගනින් අැරඹී තෙදිනක් පුරා ගිනිගත් වර්ගවාදී ප්‍රහාරයන් පිළිබඳ පසු විපරමක් කරනු පිනිස අප කණ්ඩායමක් පසුගිය 06 දින එම ප්‍රදේශයට ගමන් කළෙමු. අවමඟුල අවසන් නමුත් ඇවිලවූ ගිනි තවම දුමාරය පිටකරයි. ගින්නක් නැතිව දුමක් ඇති වන්නේ නැත. ගැඹුරට දැස් යොමා බලන්නේ නම් නලියන ගිනි පුපුරු නොපෙනී යා නොයයි.

පසුගිය මාර්තු 19දින ජානීවාහි මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්වීමකදී දිගන ආශ්‍රිත මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා ගැන මා ඉදිරිපත් කළ අදහස් ප්‍රශ්ණ කළ විදෙස්ගත සිංහලයකු එම ප්‍රහාරයන් වක්‍රව සාධාරණය කරමින් මෙම ප්‍රහාරයන්ට හේතුව මුස්ලිම් ජනයා ශ්‍රී ලංකාවේ බෞද්ධ පුරාවස්තු කෙළෙසමින් ඉඩකඩම් අල්ලා ගනිමින් ගෙන යන කටයුතු නිසා කීවේය. ඔහු පැමිණ සිටියේ ගොඨාභය රාජපක්ෂගේ එළිය සංවිධානයේ ප්‍රධානියකු වන හිටපු ආරක්ෂක හමුදා නිලධාරියකු සමඟය. එවැනි කතාවන්හි දෝංකාර ලංකාව තුළද දෙදරුම් කැවෙන බව අපි දනිමු.

මහසෝනා වනාහී සෙහොන් පිටියට අරක්ගත් යකෙකි. මේ යකා පහර දෙන්නේ රැයෙහි තනිව සොහාන් බිම් මැදින් ගමන් ගන්නා සිංහල බෞද්ධයින්ටය. සොහොන් බිමක සිහිමුර්ජාව වැටි සිටින එවැන්නකුගේ ගෙළෙහි නිල පාටින් අතැඟිළි පහ පෙනේනට වෙත්ද ඒ මහසෝන් ප්‍රහාරයකි. එසේ නම් එකම බෙහෙත මහා තොවිලයකින් මහසෝනාට නර බිළි දීමය. ජනප්‍රවාදය එයයි.

මුස්ලිම් හෝ හින්දු හෝ කිතුනු හෝ ලබ්දිකයින් මහසෝනා පිිළිනොගන්නා බැවින් ඔවුන්ට මේ යක්ෂයාගෙන් එකළ නම් අනතුරක් සිදුවූ බවක් නොකියැවේ.

නූතන මහසෝනා සහ උගේ බලකායේ කාර්යාලයද තේ පැන් සැ‍‍‍ලද වසා දමා තිබෙනු දිගනට යන ම‍ඟෙහි පෙනේ. වසා දැමෙන්නට පෙරද එහි නොපෙනෙන යකුන් කෙසේ වෙතත් මනුශ්‍ය ප්‍රාණකාරයින් නම් ඒ හැටියට ගැවසී නැත. මේ මහසෝනා බෞද්ධයෙක් යැයි කියැවේ. මහසෝනාගේ නමින් වැඩ ගන්නා එකා ඊටත් වඩා බියකරු රාක්ෂයකු නොවිය යුතුද? ජාතියක ආරක්ෂව පිනිස බුදු දහමේ නාමයෙන් මහසෝනා කැඳවීම කියා පාන්නේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවියන් පලා ගොස් ඇති බවද?

මේ යකා සිංහල බෞදධයින්ගේ ලේ බීමටත් කැමැතිය. මහනුවර වා දූෂනය අවම කරනු පිනිස දළදා මාළිගය අසළ මහ මාවත විවෘත කරන්නැයි පාගමක යෙදුණූ තමන් ඇතුළු පිරිස් මරා දමන බවට නුවර දේශපාලන ක්‍රියාධරයෙකු වන රාජා උස්වැටකෙයියාව අපට කීවේ මසකට පසු දිගන කොහොමදැයි යෙදුණූ කතා බහ මැදය. දැන් දළදා මාලිගාවේ නමින් ලේ ඉල්ලන මහසෝනෙක් සිටී. මසකට පසු යෙදුණූ අපේ සෙවිල්ලෙහි කප්පිත්තා වූයේ මහසොන් තර්ජන ලද රාජා උස්වැටකෙයියාවය‍.

“කුමාරසිංහට පහරදීපු හිරේ ඉන්න තරුණයින් එක්ක කතා කරපු කෙනෙක් නම් කවදාවත් ඔය ප්‍රහාරයන්ට යන්නේ නැහැ. ඒ තරුණයින් ඇත්තම කියනවා. පහරදීම කිසිම වර්ගවාදී හේතුවක් නැහැ. කොල්ලො බීල හිටියෙ. ගැහැවෙත් මරන්න නොවෙයි!” එහෙම කියන්නේ මෙම ප්‍රහාරයන් ගැන තොරතුරු එක් කර ගනිමින් එය නැවැත්වීමට බොහෝ උත්සාහ ගත් කුමුදුනී විතානය. ඇය මහනුවර දිසාවෙහි මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයෙහි සම්බන්ධීකාරිකාවය.

මෙම ප්‍රහාරය අහම්බයක් නොව කලින් සූදානම් කර තිබූ ප්‍රහාරයක් බව ඇය විශ්වාස කරයි. අහම්බය වූයේ ස්ථානය අවස්ථාව පමණි. ප්‍රහාරයට පැමිණි පිරිස් මුහුණු ආවරණ පැළද සිටියේ එකම විදිහටය. පොලීසියට කළහකාරී පිරිස් පාලනය කර ගැනීමට බැරිවූ හෝ ඒ සඳහා උත්සාහ නොගත් බව පැහැදිළිවන සාධක තවමත් හමුවෙමින් තිබේ. පොලීසියේ එස්. ටී.එෆ්. බලකාය තමන්ට පහරදුන් බවට පැමිණිලි ගණනාවක් ද මුස්ලිම් ජනයා විසින් මානව හිමිකම් කොමිසමේ නුවර කාර්යාලයට පසුගිය මාසය තුළ ඉදිරිපත් කර ඇත. ‘අපේ කඩයට ගහන කොට පොලිස් ජිප් එක තිබ්බේ අතන’ යැයි දිගන පල්ලිය අසළදී අපට අසන්නට ලැබුණි.

ප්‍රචන්ඩ ක්‍රියා පැතිර යෑම වළක්වනු පිනිස ඇදිරි නීතිය ප්‍රකාශ කළ පසු ඊට හේතුව බෞද්ධ භික්ෂුවක් ඝාතනය කිරීම යැයි ලැව්ගින්නක් පතුරුවන ලදී. යුද හමුදා කදවුරුවලින් පවා එය ඇත්තක්දැයි තමන්ගන් විමසූ බව කුමුදුනී විතාන අපට කීවාය. මෙවැනි තත්වයකදී වැදගත්ම දේ විශ්වසනීය තොරතුරු සපයන සන්නිවේදන යාන්ත්‍රණයන් පැවැතීම බව එමගින්ද පෙනෙයි.

සිංහල මුස්ලිම් ප්‍රජාවන් අතර ඇතිවෙමින් පවත්නා දුරස්තර බව සහ අවිශ්වාසය පිටුදැකීමට ගතයුතු පියවර ගැන අඩුම වශයෙන් විධිමත් කතා බහක් හෝ නැත. පෙනේනට තිබෙන්නේ අවිශ්වාසයන් තටු ලබමින් සිටින හැටිය.

හීන්පැලැස්සේ ඥානීස්සර

කුමාරසිංහ ජීවත් වූ අම්බාල ගමෙහි වර්ගවාදී ප්‍රචන්ඩ ක්‍රියා ඇතිවීම වැළැක්වීමට මූලිකත්වයගත් හීන්පැලැස්සේ ඥානීස්සර හිමි කියන්නේ ගම්මුන් දැනුවත් කරන වැඩසටහනක අවශ්‍යතාවය කවරකුගෙන්වත් පිරිනොමැසෙන බවය.

ඒ අතරවාරයේම එපෙදෙසෙහි සිංහල ජනයා අතර පැතිරයන බිය උපදවන කටකතා ආමන්ත්‍රණය කළ යුතු බවද එහිමියෝ පෙන්වා දෙති. ඉන් එක් කතාවක් නම් මුස්ලිම් කඩවලින් බඩු ගන්නා ගම්වල මල දරු උපත් අනෙක් ගම්වලට වඩා පස් හය ගුනයකින් වැඩි බවයි. එහි ඇත්ත නැත්ත සොයා කරුණූ පහදා දෙනු වෙනුවට දැන් සිදුවන්නේ මුස්ලිම් වෙළදුන්ගෙන් බඩු ගැනීමට විරුද්දව මතයක් ගොඩ නැගීමයි.

එවැනි අනපේක්ෂිත මල දරු උපත් ඇතිවී නම් එය සෞඛ්‍ය සේවකයින් විසින් වහාම වාර්තා කල යුතුව තිබූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වහා පියවර ගනු ඇතිව තිබූ බවත් කීම මදිය. ඇත්ත වශයෙන්ම නම් දැන් සිදුවන්නේ ගමෙහි සෞඛ්‍ය සේවිකාවගේ නමින්ම මෙම දුර්මත පැතිර යැවීමයි.

මෙවැනි බිම් මට්ටමේ සැකයන් ආමණ්ත්‍රණය නොකෙරෙන්නේ නම් රටට පෙනේනට සහජීවනය ගැන ලොකු කතා මගින් වැඩක්වනු ඇත්ද? ‘වැදිලාවත් මුස්ලිම් කඩයකින් ගන්න සීනී 250ක මොනවා හරි පෙත්තක් වගේ දෙයක් වැටිල තිබුනොත්, ගින්නක් වළක්වන්න අපටවත් බැරිවේවි’ යැයි ඥානීස්සර හිමි කියන්නේ අවුලේ දුරදිග හොඳහැටි දන්නා නිසාය.

‘වඳ පෙති’ දුර්මතයක් බව බහුතර ජනයා දන්නේ නැත. මිනිස්සු විශ්වාස කරන්නේ තමන් කැමැති දෙයයි. අනෙකා තර්ජනයක් ලෙස මවා පෙන්වූ පසු ‘වඳ පෙති’ ‘වඳතෙල්’ පමණක් නොව ‘වඳකාරක කඩ’ පවා බියපත් මනසෙහි රඟදෙයි. එවැනි දුර්මත පැරදවිය හැක්කේ ජනයා සමඟ එක්ව ඇත්ත නැත්ත සොයා බලන සහ ඔවුන්ගේ බසින්ම කැරෙන සංනිවේදන මගිනි. නැත්නම් මහාසෝනාගෙන් ආරක්ෂාව පතන බෞද්ධයින් බිහිවන්නේ කොහොමද?

ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංඟුවට ගත් සිංහල තරුණ පිරිස් අතර අහිංසක තරුණයින්ද වන බව අපට කීවේ සිංහල – මුස්ලිම් සමගිය ගැන වෙහෙසෙන ප්‍රදේශයෙහි එජාප තරුණ නායකයෙකි. ඔහු සිංහලය. කුණ්ඩසාල ප්‍රදේශීය සභාවෙහි නායකත්වය එජාපයට ගනු පිනිස එදින ඔහුද ඉත්තන් අදිමින් සිටියේය. එසේ වෙතත් ඔහු මෙසේ ද කීය. ‘යූඇන්පීය මෙහේ සිංහල මිනිස්සු අතර ඉවර වේගෙනයි යන්නෙ. අත්අඩංඟුවට ගත් සිංහල කොල්ලො ගැන බලන්න කව්රුවත් ආවෙ නැහැ. තිස්ස අත්තනායක හිටිය නම් මේ හැම තැනටම ඇවිල්ල!’

මෙරට නීතියේ පාලනය කොතරම් මහජාතික ආගමික වර්ගවාදයට යටවී ඇත්දැයි පෙන්වූයේ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩකාරින්ට ‘පැය දෙකකින් ඉවර කර පල්ලා’ යැයි අවසර දුන් පොලිස් පිරිස් වලින් පමනක් නොවේ. ‘හාමුදුරුකෙනෙක් එහෙම අත් අඩංඟුවට ගත්ත නම් රටම ගිනි ගන්න තිබුණා’ යන පොදු එනමුත් වැරදි පිළිගැනිමෙහිය. එම පිළිගැනීම අප අතරම උච්චාරණය වනු දිගන ගමනෙහි දුටුවෙමි.

කුණ්ඩසාල පොලීසිය ඉදිරියෙහි සුපුරුදු අසැබි රංගනය පෑ අම්පිටියේ සුමන හිමි මැරවර ක්‍රියා අනුමත නොකරවා පමණක් නොව මෙසේද කියයි: ‘අපේ පිරිස් රස්තියාදු වීමෙන් සහ මේ අහේතුක අත්අඩංගුවට ගැනීම් පිලිබඳව තිබූ බලවත් අප්‍රසාදය ක්ෂණික කෝපයක් බවට පත් වෙලා කඩවලට ගහන්න පටන් ගත්තා. මම අපේ ආගම අපේ මිනිසුන්ට මෙහෙම වෙද්දි වාඩි වෙලා බලං ඉන්න කෙනෙකුත් නෙමෙයි.’ පුුදුම විය යුත්තේ නීතිය කොහිදැයි මුස්ලිම් ජනයා අපෙන් නොඅසන්නේ නම්ය.

දිගන වාර්ගික ගැටුම විසින් ඇති කරන ලද දේශපාලන ධ්‍රැවීකරණය ගැන සිරිසේනටවත් වික්‍රමසිංහටවත් දැනීමක් නැත. දෙදෙනාම ඉන්නේ තමන්ගේ මනෝ ලෝකවල නිසාය‍.

තවද මහසොනුන් අරක්ගෙන ඇත්තේ සිංහල බෞද්ධ පිරිස් අතර පමණක් නොවේ. මුස්ලිම් ප්‍රජාව අතර ද අනෙකා නුරුස්නා සමාජීය අන්තර්ග්‍රහනය පිළිකෙව් කරන පිරිස් විදි බැස සිටිති.

ඒ ගැන දෙවැනිව ලියමි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

(කරුණු සොයා බැලීමේ ගමන සංවිධානය කල ඉන්ෆෝම් ආයතනයට සහ උදය කලුපතිරනට ස්තුතියි)

By – www.vikalpa.org

බහුතර ජාතිවාදයේ නව ගමන් මග හා ද්විත්ව​ ලාබ අරමුණු කරගත් දේශපාලනය!
අෆ්ෆාන් අබ්දුල් හලීම් –

(කිසියම් මහ ජාතියක් තුළ පවතින තමා උසස්ය, තමාට සුළු ජාතියේ කටයුතුවල ආධිපත්‍යයක් තිබේය, තම ජාතිය සිළු ජාතීන්ට වඩා ඒකීය හා විශේෂීය යනාදී සිතුවිල්ලට දමිළ භාෂාවෙන් “පේරිනවාදම්” යන වචනය භාවිත වන අතර ඒ සඳහා වූ විශේෂ වචනයක් සිංහල භාෂාවේ නොමැති නිසා ඒ වෙනුවෙන් “බහුතර ජාතිවාදය” යන්න මෙහිදී යොදාගෙන ඇත.)

“ජාතිවාදියා මානසික පිස්සෙකි.” යනුවෙන් ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමාණන් 1950දී පමණ කියූ ප්‍රකාශය කෙතරම් සාධාරණද යන්න වර්තමානයේ පවතින බහුතර ජාතිවාදයේ බලපෑම් ම තාත්විකව ඔප්පු කරමින් තිබේ.

ආචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ජාතිවාදය වර්ග දෙකකට බෙදා වෙන්කර දක්වයි.

පළමු වර්ගය නම් චින්තනයේ වූ ජාතිවාදය.

දෙවැන්න දේශපාලන ක්‍රියා මාර්ගවල පවතින ජාති වාදය.

චින්තනයේ වූ ජාතිවාදය වනාහි කිසියම් පාර්ශවයක් තම ජාතිය, ආගම, භාෂාව, වර්ණය, ඉතිහාසය, සංස්කෘතිය යනාදියෙහි සියල්ල හෝ ඉන් සමහරක් අනෙක් පාර්ශවයේ එම සාධකවලට වඩා උසස් යැයි සැලකීමයි. මෙයට ලෝකයේ වූ කිසිම මහ ජාතියක් හෝ සුළු ජාතියක් ව්‍යතිරේකයක් නොවේ.

නමුත් දේශපාලනිකව ක්‍රියාත්මක කරවන ජාතිවාදය වනාහි, එය තමාට පක්ෂ නොවූ අනිත් පාර්ශවය අපහාසයට ලක් කිරීම, පහත් අයුරින් සැලකීම, ප්‍රචණ්ඩත්වය උපයෝගී කර ගැනීම,ඔවුන් සමඟ කටයුතු කිරීමේදී ඉවසීමෙන් තොරව කටයුතු කිරීම,පැවැත්ම සඳහා වූ අයිතිය ඇත්තේ තමාට පමණක් සේ කටයුතු කිරීම වැනි නොයෙකුත් ක්‍රියා අන්තර්ගත වේ.

නමුත් කවරකු කෙරෙහිවත් විරෝධකාරී ක්‍රියාවක් ලෙස නොනැගෙන (එසේ නැගිය නොහැකී) චින්තනයේ වූ ජාතිවාදය පවා මුස්ලිම්වරුන් තුළ නොතිබිය යුතුයි යන්න අවධාරණය කරමින් කෙතරම් උත්සහයන් එම සමාජය තුළ දියත් වෙනවාද යන්න බහුතර ජාතිවාදයේ බලපෑම් ඇති පරිසරයක දේශපාලනයේ නියුතු පුද්ගලයින් තේරුම් ගැනීමට බධා කරන සාධක දෙකක් හුවා දැක්විය හැක.

01. තමාව ආරක්ෂා කර ගැනීමට තමාම කැමති වූවත් එසේ තමා ආරක්ෂා කරගන්නට නොහැකි තරමට ප්‍රබල බහුතර ජාතිවාදයේ සැඩ පහර අතර සිරවී සිටීම.

02. මුස්ලිම් සමාජය තුළ කුමක් සිදු වන්නේදැයි ඍජුවම දැන ගැනීමට බාධා කරන භාෂා ප්‍රශ්නය

මේ කාරණා දෙකම ජවිපය වැනි පක්ෂයකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පවා ප්‍රශ්නය ඊට අනුකූලව දැකීමෙන් වලකා බහුතර ජාතිවාදී ගති ලක්ෂණයන් ඇතිව දැකීමට පොළඹවයි.

දෙරණ නාලිකාවේ දින කිහිපයකට පෙර විකාශනය වූ සාකච්ඡාවක දිගන ප්‍රදේශයේ මුස්ලිම්වරුන් වෙත එල්ල වූ අසාධාරණ ක්‍රියාවන් මුස්ලිම්වරුන් හා සිංහල අය අතර ඇතිවූ සිද්ධියක් ලෙස විජිත හේරත් පැවසීම හුදෙක් අහඹු වචන මාලාවක් නොවේ.ඒ වනාහි බහුතර ජාතිවාදයේ සැඩ සුළං අතර අතරමං වී ඇති බව පෙන්නුම් කරන කාරණාවකි.

ඊටත් එහා ගොස් එය තිහාරිය, බේරුවල වැනි ප්‍රදේශවල පසුගිය කාලයේ මුස්ලිම්වරුන් අතරම සිදු වූ රණ්ඩු සරුවල් හා සම්බන්ධකර, “දැන් එය මුස්ලිම්වරුන් හා සිංහල අය අතර ඇති වූවක් වුවත් මුස්ලිමවරු ඔවුන් අතරත් ගැටුම් ඇතිකරගන්නා පිරිසකි” යන සංසන්දනය තුළින් දිගන සිදුවූ අසාධාරණයන්ට ව්‍යංග​ව තම අනුමැතිය ලබා දෙයි. සාමාන්‍යයෙන් ජාතිවාදය ආයුධයක් කරගන්නා කෙනෙක් මෙය පැවසුවානම් එය වෙනම කතාවකි. නමුත් ජවිපය වැනි පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම මෙසේ පැවසීම බරපතල කාරණයකි.

“දැන් සිදුවී තිබෙන දිගන සිද්ධිය වනාහි මුස්ලිම්වරු එක පැත්තකත් සිංහල අය එක පැත්තකත් ඉඳ සිදු වූවක් වුවත්, මුස්ලිම්වරු අතරම ඇති ඔවුන්ගේ නිවෙස තුළ වූ ගැටුම් නැවතී ඇත්තේ තාවකාලිකවයි. එය ඇතුලින් දුම් දමමිනුයි තිබෙන්නේ” යන ආකාරයේ විජිත හේරත්ගේ ප්‍රකාශය සැබැවින්ම ජාතීන් අතර යහ පැවැත්ම උදෙසා හෝ සුහදත්වය හේතුවෙන් හෝ නැගුණු ප්‍රකාෂයක් හෝ නොවේ යන්න නම් ස්ථිරය. අසාධාරණ ලෙස ප්‍රහාරයට ලක් වූවන්ව ප්‍රහාරය මෙහෙය වූවන් හා සමාන කොට කතා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි යන්න වටහා ගැනීම ඔහුගේ වගකීමකි.

“මේ රටේ සිංහල ජාතිය වන අපි සිංහල ජාතිවාදයට එරෙහිව කතා කරන්නෙමු. නමුත් මුස්ලිම් හෝ දමිළ දේශපාලන නායකයින් හෝ ආගමික නායකයින් (දමිළ ආගමික නායකයින් සිංහල ජාතිවාදයට එරෙහිව කතා නොකළත්) මුස්ලිම් ජාතිවාදයට එරෙහිව හෝ දමිළ ජාතිවාදයට එරෙහිව කිසිවිටෙකත් කතා නොකරයි. ඔවුන්ද කතා කරන්නේ සිංහල ජාතිවාදයට එරෙහිවයි. මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය නම් අපි අපේ අය ගැන කතා කරනවාක් මෙන් ඔවුනුත් ඔවුන්ගේ අය ගැන කතා කළ යුතුයි.” යන්නයි රටේ ප්‍රශ්නයට විසඳුම කුමක්දැයි නැගුණු පැනයට විජිත හේරත් දුන් පිළිතුර.

මෙහි සුළුතරයින්ගේ ජාති වාදයත් බහුතරයින්ගේ ජාති වාදයත් එකම තරාදියක දෙපැත්තේ දමා දෙකම එකම මට්ටමේ තබා සම භයානකත්වයක් ඇත්තක් සේ ඔහු කතා කරයි. වාමාංශික ප්‍රතිපත්ථියේ “සමානතා චින්තනය” වරද්දා ගන්නා තැන්වලින් මෙයද එකකි.එනම් තමා කළ දෙය අනිත් අයත් කළ යුතුයි, තම සමාජය තුළ ඇති ජාතිවාදයට එරෙහිව තමා කතා කරන්නාක් මෙන් අනිත් සමාජයන් තුළ ඇති ජාතිවාදය පිළිබඳව ඔවුන් කතා කළ යුතුයි යනුවෙන් පැවසීම ඒ චින්තනය පෙන්නුම් කරන්නකි.

ප්‍රශ්නයේ මූල බීජය (Root Cause) බහුතර ජාතිවාදය බැවින් එයින් ආරක්ෂා වීමට වූ ආත්මාරක්ෂක පලිහ (Defensive tool) ලෙස සුළුතරයින් ජාතිවාදය අතට ගන්නා බව වාමාංශික ප්‍රතිපත්ථිය තුළින් පහසුවෙන් අමතක කර දමයි. කිසියම් ප්‍රශ්නයක මූල බීජය පිළිබඳව, සම්බන්ධ වූ සියළු පාර්ශවයන් කතා කිරීම ස්වභාවයයි. විසඳුමකට වූ මාර්ගයන් හඳුනා ගත හැකි වන්නේ මූල බීජය කුමක්ද යන්නෙහි වැඩි අවධානයක් යොමු කොට කතා කරන විටයි. මූල සාධකයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් බිහි වූ ප්‍රතිදේහයන් , මූල සාධකය හා සම තරාතිරමේ තබා සැසඳීම ඇත්තෙන්ම ලොකු වැරැද්ද්කි.

කිසියම් රටක බහුතරය, ජන වාර්ගික ජාතිකත්වය (Ethno-Nationalism) තුළත්, බහුතර ජාතිවාදය (Chauvinism) තුළත්,බහුතර වාර්ගික දේශපාලනය (Ethnocracy)තුළත් තමාව අනුවර්තනය කර ගන්නා විට සුළුතරයින් පමණක් ප්‍රජාතාන්ත්‍රික පිටියෙහි කිසිඳු විරෝධතාවක් නොපෙන්වා සිටිය යුතුයි යැයි බලාපොරොත්තු වීම කෙසේ නම් උචිත විය හැකිද?! මා මෙයින් සුළුතරයින්ගේ ජාතිවාදය සාධාරණීකරණය කරන්නට එනවා නොවේ. නමුත් බහුතර ජාතිවාදය ඉදිරියේ ඒවා සැලකිය හැකි තරමේ කිසිවක් නොවේ යන්න සපේක්ෂතාවන්ට එහා ගොස් චින්තනය කරන කාටත් පහසුවෙන් තේරුම් ගත හැක්කකි.

සති කිහිපයකට පෙර මනෝ ගනේෂන් පවසා තිබූ මතයන්ට වඩා තරප්පු ගණනාවක් ඉහලින් සිට ජවිප පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා ඇත්තේ මුස්ලිම්වරුන්ව මේ රටේ මධ්‍යම දිය දහරාවෙන් නොසලකා හරින ආකාරයේ අදහස්ය.

සිංහල ජාතිවාදය ලෙස සිංහල අය හා ජාතිවාදය ගැන පමණක් එක් කර කතා කරන ඔහු මුස්ලිම්වරුගේ කතාව එන විට පමණක් “මුස්ලිම් ජාතිවාදය,සහ මුස්ලිම් අන්තවාදය එක්ව කතා කිරීම සැබැවින්ම අහඹු සිදුවීමක් නොවේ. විජිත හේරත් පැහැදිලිවම පවසන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව මේ රටේ යමක් සිදු වන්නේ නම් එය මුස්ලිම් ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය හේතුවෙන් ඔවුන්ම සොයාගත් දෙයකි යන බහුතර ජාතිවාදී ප්‍රවෘත්තියයි.

“මේ රටේ බහුතර ජනතාව සමඟ ඔවුන් නිසියාකාරව ජීවත් විය යුතුයි නම් බහුතර ජනතාවගේ සිත් නොරිදන අයුරින් ජීවත්වන මගක් ඔවුන් සිතා බැලිය යුතුයි” යන මුස්ලිම් සමාජයට විජිත හේරත් ලබාදෙන අවවාදය වනාහි “ඔබ ප්‍රශ්නයක් නැතිව ජීවත් විය යුතුයි නම් මට කැමති අයුරින් සිටිය යුතුයි ” යන චින්තනයේ නිරූපණයකි.

බහුතර ජාතිවාදයේ ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ දේශප්‍රේමීබවත් (Patriotism ), සිවිල් ජාතිකවාදයත්(Civic Nationalism), වාර්ගික ජාතිකත්වයත් (Ethno-Nationalism) අතර වූ වෙනස නැතිකර දැමීමයි. දේශප්‍රේමීත්වය යනු කෙනෙක් තම රටේ නීතියට ගරු කර, එයට විශ්වාසවන්තව කටයුතු කර, එයට ද්‍රෝහී නොවී, එය පාවා නොදී සිටීමත් තම රටේ සිදුවන යහපත් දෙය යහපත් ලෙසත්, අයහපත් දෙය අයහපත් ලෙසත් වෙන්කර හඳුනාගෙන රටට ආදරය කිරීමයි.ජාතිකත්වය යනු උක්ත රටේ වැසියන් යැයි සම්මත අනන්‍යතාවක් ඇතිව ප්‍රකාශ කරන හැඟීමත්, හොඳ හෝ නරකින් ඔබ්බට ගොස් මගේ රට නිවැරදිය යන ස්ථාවරයත්, අනෙක් රටවල්වලට වඩා උසස්ය උතුම්ය යන සිතුවිල්ලයි. මෙය සිවිල් ජාතිකත්වය යනුවෙනුත් හැඳින්විය හැකියි.

මහා ජාතිවාදය වනාහි දේශප්‍රේමීත්වයත්, සිවිල් ජාතිකවාදයත් (Civic Nationalism) යන දෙකම එක්කොට ජනවාර්ගික ජාතිකවාදය යන මාතෘකාව තුළට රැගෙන එයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වන කෙනෙක් ඔහු කවරෙක් වුණත් සිංහල බෞද්ධ සංස්කෘතික අචාර ධර්මයන්ගේ අගයන්ට අනුකූලව හැඩගැසෙන තාක් ඔහු දේශප්‍රේමියකු ලෙස හෝ ජාතිකවාදී චින්තනය ඇත්තකු ලෙස හෝ නොසලකයි.හොඳ මුස්ලිම් නරක මුස්ලිම් යන වචනයන් භාවිතයට එන්නේ මේ පසු බිමෙහි හිඳයි.

දෙරණ සාකච්ඡාවේදී විජිත හේරත් මුස්ලිම්වරුන්ට කළ ඇරයුමත් ඔබ ප්‍රශ්නයක් නැතිව ජීවත් විය යුතුයි නම් බහුතරය තෘප්තිමත් කරන ජීවන රටාවක් තෝරාගන්න යන්නයි.

වහාබිවාදය ගැන අරාබි සංස්කෘතිය ගැන අදහස් දැක්වීමට විජිත හේරත්ට ඇති අයිතිය මා ගරු කරමි. ඒවා පිළිබඳව විජිත හේරත් අද ඊයේ කතා කරනවා නම් ඒ පිළිබඳ නොයෙකුත් බරපතල සාකච්ඡාවන් මුස්ලිම් සමාජය තුළ ආරම්භ වී දැන් බොහෝ කල්ය. නමුත් කුමක් ගෙන ගොස් කුමක් හා ගැට ගසන්නේද යන්නෙහියි බහුතර ජාතිවාදයේ උපාය රැඳී තිබෙන්නේ.මේවා බහුතර ජාතිවාදය භාවිත කරන්නේ තම ආධිපත්‍යය සාධාරණීකරණය කිරීමේ ආයුධයන් ලෙසයි. දැන් එහි නවතම දූතයකු බවට විජිත හේරත් පත්වී සිටී. එපමණකි.

ශ්‍රී ලාංකික ව්‍යවස්ථාවේ නීතියේ තුන්වන පරිච්ඡේදයේ පළමු කරුණු තුනම රටේ ජාති, ආගම්, සංස්කෘති විවිධත්වය ස්ථිර කරන අයුරිනුත් මධ්‍යස්ථ සාමදාන ජීවිතය ස්ථිර කරමිනුත් සැකසී ඇත. එසේ පවතින විටම බෞද්ධ ධර්මයට ප්‍රධාන තැන දී තිබෙන කරුණ වනාහි මේ මූලික අයිතිවාසිකම් අහෝසි වී යන්නාක් මෙන් චිත්‍රයක් බහුතර ජාතිවාදය ගොඩනගමින් තිබේ. මහා ජාතිවාදය තුළ සැඟව සිටින ෆැසිස්ට සහ නාසි මූලයන් කවදත් ප්‍රජාතාන්ත්‍රය තමාට අවශ්‍ය පරිදි අඹා ගැනීමේ ස්වභාවය එයට ලබා ගෙන ඇත.

පෞද්ගලිකව මගේ මතයත්, මුස්ලිම් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින අභ්‍යන්තර සාකච්ඡාන්ගේ හරයත් ඉස්ලාමයේ මූලික ඉගැන්වීම්වලට පටහැනි නොවන අයුරකින් ලාංකික සමාජයට ගැලපෙන සංස්කෘතික අංගයන් ක්‍රියාවට නැංවිය යුතුයි යන්නයි.විජිත හේරත් පවසන ආකාරයට මින් ඉදිරියට එවන් සාක්ච්ඡාවන් ආරම්භ විය යුතුයි යන අවශ්‍යතාවක් නැත.එය ආරම්භවී සිදු වෙමින් පවතින්නකි. නමුත් මෙහි ප්‍රශ්නය සැබැවින්ම එය නොවේ.

බහුතර ජාතිවාදී චින්තනය වනාහි බහුවිධ සංස්කෘතියත් එකකට වඩා වැඩි වූ අනන්‍යතාවන් පිළිගැනීමේ තත්වයක නැත.එය උත්සහ කරන්නේ සියල්ලක්ම තම ජාතිය, ආචාර ධර්ම, අනන්‍යතාවය තුළ රාමු කරන්නටයි.එහි ග්‍රහණයට හසු නොවූ ඕනෑම දෙයක් කොන් කර පලවා හරින්නට එය පසුබට නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ බහුතර ජාතිවාදය පරිණාමය සලකා බැලීමෙන් මෙය ලේසියෙන් වටහා ගත හැක.

දේශීය රාජ්‍ය ක්‍රමවේදය තුළ ඕනෑම රටකට ස්වෛරීත්වයක් තිබීම ඉතාමත් වැදගත් අංගයකි.රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රචන්ඩත්වය යොදා ගැනීමේ අයිතිය ආණ්ඩුවට හිමිවේ. ජනවාර්ගික ජාතිකත්වයත්, බහුතරයට පක්ෂ ජනවාර්ගික අර්බුදයත් ක්‍රියාවට නැංවී පවතින විට රජයට ඇති මේ අයිතිය බහුතරය තමාට ඇති අයිතිය ලෙසත්, ස්වෛරීභාවය ලෙසත් සලකන්නට පටන් ගනී. රජයට පමණක් අනුමැතිය ඇති ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට ඇති බලය හා අයිතිය, තම බලය ලෙස අයිතිය ලෙස සලකා බහුතරය ඒ අනූව ක්‍රියා කරන්නට පටන් ගන්නේ මේ හේතුව නිසාය. නීතිය සිය අතට ගැනීමේ අවසරය එය අනුමත කර ගනී. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ දිගටම මේ තත්වය නිරීක්ෂණය කළ හැකිව තිබේ. මෙම අවස්ථාවල මෙය දැක දැකත් , නොදැක්කා සේ ඉඳීම සාමාන්‍යයෙන් රජයන්ගේ ස්වභාවයයි.

මනාප බැංකු ඉලක්ක කළ දේශපාලන සංස්කෘතියේ මෙම බහුතර ජාතිවාදයේ සංඛේතයන් දැක්කත් නොදැක්කා සේ සිටීමත් රහසිගත අනුමැතිය ලබා දීමත් රටේ අභිවෘද්ධියේත්, සංවර්ධනයේත් ඇති කරන දීර්ඝ කාලීන ඍණාත්මක බලපෑම් පිළිබඳව රජයන් එතරම් තැකීමක් නොකරනවා යන්නයි දැනට පෙනී යමින් තිබෙන්නේ.

බහුතර ජාතිවාදයේ මේ සීමාව ඉක්මවීම් නීතියේ රැහැන වෙත ගෙන යෑම ප්‍රවේශමෙන් වලක්වා ගැනීම මගින් රජයන් ඒ සඳහා වූ තම අනුමැතිය ව්‍යංඝව ලබා දීම දැකිය හැකියි.

මෙහිදී ජාතික ස්වෛරීභාවය යන්න බහුතරයේ ස්වෛරීභාවය ලෙස පෙන්නුම් කරනු ලැබේ.මේ පැහැදිලි කිරීම මත ශ්‍රී ලාංකිකයා යන අනන්‍යතාවයත්, සිංහල බෞද්ධයා යන අනන්‍යතාවයත් අතර පැහැදිලි වෙනසක් පවතින බව බහුතර ජාතිවාදීන් නොසලකයි. ඒ අනුව මහ ජාතියේ භාෂාවත් සංස්කෘතියත් තම භාෂාව ලෙසත් සංස්කෘතිය ලෙසත් පිළිගත්, බෞද්ධ ආගමේ උසස් බව පිළිගත් ඕනෑම සුළුතරයක් කිසිම ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ ජීවත් විය හැකිය. දේශප්‍රේමී මුස්ලිම්වරු යන සංකල්පය බහුතර බෞද්ධ ජාතිවාදීන් ගොඩනගන්නේ මේ පසුබිමෙහි හිඳයි.

2015 අගෝස්තු ඇති වූ මහ මැතිවරණයෙන් පසු “පටු ජාතිකවාදයට එරෙහිව බහුවිධ සංස්කෘත්යේ ජයග්‍රහණය” (A Victory For ‘Cosmopolitanism’ Over Narrow Nationalism) යන මැයෙන් ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු මහතා කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ලිපියක් පලකර තිබුණි.නමුත් යතාර්ථය නම් එහි ඔහු සඳහන් කර තිබූ පරිණත තත්වයන් කිසිවක් පසුගිය තෙවසරක යහපාලනයේ දකින්නට නොලැබුණු බවයි. යහපාලන සන්ධානයේ ඝෝෂා පාඨයන්ටත්, ලංකාවේ ක්‍රියාන්විත දේශපාලන සංස්කෘතියේ ස්වභාවයන් අතරත් වූ පරතරය ඉතා විශාල බැවින් ඝෝෂා පාඨයන් ක්‍රියාවට නැංවීමට වඩා ක්‍රියාන්විත දේශපාලනයේ උණුසුම තුළ (comfort zone) රැකවරණය ලැබීම පහසු කටයුත්තක් බවට පත්වේ.

තවත් අතකින් බලන විට බහුතර ජාතිවාදයේ මේ ස්වභාවන් මධ්‍යයේ සුළු ජාතිකයින්ට පක්ෂව හඬ නගන බොහෝ දෙනා බහුතරය තුළ සිටින්නන් වීම සැබැවින්ම අගය කළයුත්තක් මෙන්ම ස්තූතිපූර්වකව දැකිය යුත්තකි. එනමුත් යහපත් අරමුණින් නැගෙන මෙම හඬ පවා බහුතරය මධ්‍යයේ බහුතර ජාතිවාදී මානසිකත්වය නිවැරදිව දකින තත්වයක්ද ඇතිකර තිබීම නොසලකා හැරිය නොහැක.මෙවැනි තත්වයක් උදා වී තිබීමට හේතුව ප්‍රශ්නයේ මූල බීජය කුමක්ද යන්න උචිත අයුරින් ඉදිරිපත් කර නොතිබීම නිසයි.

එයිනුත් මෑත කාලයක සිට බහුතර ජාතිවාදය මෙවන් නව මුහුණුවරක් ගෙන තිබීම සුලබව අවධානය කිරීමට හැකිව තිබේ. බහුතර ජාතිවාදී අදහස් ප්‍රකෝපකාරී වෛරී වාග් මාලාවකින් ඉදිරිපත් කරනු වෙනුවට සුළුතරයින්ට වූ උපදෙස් ලෙස මේකප් දමා පොදු මාධ්‍යයන්හි ඉදිරිපත් කිරීම මගින් බහුතර ජාතිවාදී මානසිකත්වයත් අස්වසා සුළුතරයින්ගේ පොදු මානසිකත්වයෙනුත් හොඳ නම ලබා ගන්නා ද්විත්ව ලාබ අරමුණු කරගත් දේශපාලනයේ රඟන්නට බොහෝ දෙනෙකු දැන් ආරම්භ කර ඇත.මනෝ ගනේෂන්ගේ අදහස්ද, විජිත හේරත්ගේ අදහස්ද ඉන්පසු රතන ස්වාමින් වහන්සේගේ අදහස්ද සලකා බැලිය යුත්තේ මේ පසුබිමෙහි හිඳයි.

ජවිපය තම අතීත වැරදි නිවැරදි කරගෙන රටේ යහපත මුල්කොට ජනතාව වෙනුවෙන් හඬ නගන පක්ෂයක් ලෙස ජනතාව සලකන මේ කාල වකවානුවේ,තවත් වරක් බහුතර ජාතිවාදය තුළ හසු නොවිය යුතුයි යන්නයි මේ රටට අවංකව ආදරය කරන සැමගේ එකම බලාපොරොත්තුව. මෙවන් පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විජිත හේරත් පක්ෂයේ ගමනට විශ්වාසවන්තවත්, බෙදුම්වාදයට එරෙහිවත් සිටිය යුතුයි යන්නයි ජනතාවගේ කැමැත්ත. රට අභ්‍යන්තරයේ වූ ගැටළු හා බාහිරින් එන බලපෑම් ලෙස ප්‍රශ්න අතර සිරවී සිටින ශ්‍රී ලංකාවේ ජවිපයේ නමත් නරක් කරගන්නටවූ දොරටු එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතින්ම සිදු වීම කිසිසේත්ම උචිත නොවේ.

– අෆ්ෆාන් අබ්දුල් හලීම් –

කොයිබටද?, ජිනීවා සහ ආණ්ඩුව?
පසුගිය විසිතුන් වන දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම් කරමිනි. එමෙන්ම දැකිය හැකි තවත් වැදගත් වර්ධනයක් වූයේ කවුන්සිලයෙහි ආන්තික අදහස් දරන ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල පිරිස්හි ක්‍රියාකාරිත්වයද ඉහළ යාමයි.

ශ්‍රී ලංකාවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය එකතැන පල්වෙමින් ඇති බවට අවධාරණය කරමින් මාර්තු 21 දින මහ කොමසාරිස් සෙයිඩ් වෙනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබද සාකච්ජාවක්ද පැවැතුනි. මෙම සාකච්ජාවෙහිදී 2014 සහ 2015 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෙන ඒමට මූලික වූ රටවල් හතර යළි එක්ව ප්‍රකාශයක් කිරීම විශේෂ සිදුවීමක් විය.

එම රටවල් හතර නම් ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව යන රටවල්ය. 2014 මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයෙහි 25වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් අන්තර් ජාතික පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම ඇතුළු යෝජනා සහ නිර්දේශ ගණනාවක් ඇතුලත් යෝජනාව ගෙන එන ලද්දේ එම රටවල් හතර විසිනි. එම යෝජනාව 25/1 නමින් හැදින්වෙයි.

2015 ඇතිවූ ආණ්ඩු වෙනසින් පසු ශ්‍රී ලංකාණ්ඩුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා දෙවසරක් කල් ඉල්ලා සිටිමින් එම වසරෙහි සැප්තැම්බර් මාසයේ පැවැති 30වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව 30/1 නමින් හැදින්වෙයි. ශ්‍රී ලංකාවෙහි විධිමත් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදමයක් ඇති කරන බවට ආණ්ඩුව පොරොන්දූ වූයේ එම යෝජනාව මගිනි.

අනතුරුව 2017 මාර්තු මාසයේදී, ලංකාණ්ඩුව යළිත් වතාවක් ඒකාබද්ධ යෝජනාවක් ගෙන එමින් කියා සිටියේ තමන් තව දුරටත් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බවයි. එම 2017 යෝජනාව 34/1 නමින් හැදින්වෙයි.

පසුගිය 21 දින කවුන්සිලයේ 37වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ගෙන ඒමට පුරෝගාමී වූ රටවල් හතර එක්ව මෙසේ කියා සිටියහ:

‘‘අපි ශ්‍රී ලංකාවෙහි ඇතිව තිබෙන මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයන් සතුටින් පිළිගනිමු. ශ්‍රී ලංකාණ්ඩුව එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාදාමයන් සමඟ සාධනීය ලෙස කටයුතු කිරීමත් සාමය ගොඩ නැගීමේ මූලිකත්ව වැඩ සටහනට දෙන සහයෝගයත් අපේ සතුටට හේතු වෙයි….

‘‘ මෙම පියවරයන් අගය කරන අතරම අපි අපේක්ෂිත ඉදිරිගමන මන්දගාමී වී තිබීම ගැන කණස්සල්ල පළ කරමු. ශ්‍රී ලංකාව විසින් දෙන ලද පොරොන්දු ඉටු කිරීම තවමත් බොහෝ දුරටම ඉතිරිව තිබේ. යම් යම් ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිය බලය අයුතු ලෙස පාවිච්චිකරන බවට ඇති වාර්තා ගැන අපි සැළකිළිමත් වෙමු. අන්තර්-වාර්ගික ප්‍රචණ්ඩත්වයන්ද සුලුතර ප්‍රජාවන්ට එරෙහි ප්‍රහාරයන් සහ වෛර ප්‍රකාශණයන්ද ගණනාවක්ම ඇතිව තිබීම තැතිගන්වන සුලුය. ඒ විසින් පෙන්නුම් කරන්නේ සංහිදියා ප්‍රයත්නයන්හි අත්‍යාවශ්යතාවයයි.

30/1 දරණ යෝජනාවට සම දායකත්වය සැපයීම මගින් ශ්‍රී ලංකාව පිළිගත් පරිදි, ව්‍යවස්ථා සංශෝධනයක් හරහා දේශපාලන අධිකාරය බෙදා හැරීම, විරස්ථායී සංහිදියාවකටත් යළි ප්‍රචණ්ඩත්වය සහ අයුතුකම් සිදුවීම වැළැක්වීමටත් අත්‍යවශ්‍ය අංගයකි. සියළු ප්‍රජාවන්ට අයත් අතුරුදහන්වූවන්ගේ පවුල් පිළිතුරු අපේක්ෂාවෙන් ඕනෑවටත් වඩා කාලයක් ගත කර තිබේ. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය නොපමාව සම්පූර්ණයෙන්ම සක්‍රීය කරන ලෙසත් 30/1 දරණ යෝජනාවෙන් එකඟ වූ අනෙක් සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවීමට අර්ථවත් පියවර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිමු. පලදායක ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ යුද හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම් තවදුරටත් නිදහස් කිරීම, විශ්වාසය සහ බලාපොරොත්තු ඇති කිරීමට හේතු වනු ඇත.

අධිශ්ඨානවත් නායකත්වයක් සහ පැහැදිලි ක්‍රියාකාරී කාලරාමු ඇති කිරීම මගින් මෙම ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ සහ යුක්ති න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගිය හැකිය. එමගින් සියළු ශ්‍රී ලංකිකයින්ගේ සහාය ඇතිව දිගු කාලීන සංහිදියාව සඳහා පියවර ගත හැකිය.

අතීතයෙහි පැවැති බෙදීම් කරා ආපසු නොයෑමට ඓහිතිහාසික අවස්ථාවක් ශ්‍රී ලංකාවට තවම තිබේ. ශ්‍රී ලාංකිකයින්ට අයත් ආරක්ෂාව, සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතය දිනා ගැනීම පිනිස 34/1 සහ 30/1 දරණ යෝජනාවන්හි අඩංඟු ප්‍රතිසංස්කරණ ඉටුකිරීම උදව්වනු ඇතැයි අපි ස්ථිරවම විශ්වාස කරමු.”

එම ප්‍රකාශය වැදගත් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යළි ඒකාබද්ධ මතයක් දැක්වීමට මෙම රටවල් හතර ඉදිරිපත්වීමත් ට්‍රම්ප් ජනාධිපතිධූරය යටතෙහිද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2012 සිට දක්නට ලැබූ පිළිවෙතම තවම පවත්වා ගෙන යන බව පෙනී යන නිසාය. එම ප්‍රකාශය කියා සිටින්නේ ශ්‍රී ලංකාවට තවමත් 2015 ජනවාරියෙහිදී උදා වූ ඓතිහාසික අවස්ථාව තවම පවතින බවයි. එමෙන්ම මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් දෙන ලද පොරොන්දු ඉටු කිරීමට අසමත් වුවහොත් ඇතිවිය හැති අනිටු විපාක සම්බන්ධයෙන්ද එම ප්‍රකාශය ඉඟි කරයි.

ඇත්ත තත්වය නම් ජිනීවාහි බොහෝ ප්‍රධාන පෙළේ තානාපති අංශ ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන වර්ධනයන් ගැන දෙගිඩියාවකින් පසුවන බවයි. ශ්‍රී ලංකාව කොයිබටද යන ප්‍රශ්ණය එහිද ඇසෙන ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ. එහි පමණක් නොව යුරෝපීය පාර්ලිමේන්තුව සහ යුරෝපීය කොමිසම පිහිටි බ්‍රසල්ස්හිදී ද එම ප්‍රශ්ණය ජිඑස්පී පල්ස් සහනයද අදාළ කරගනිමින් වඩා වැඩි උනන්දුවකින් යුතුව විමසිල්ලට ලක්වෙයි.

මෙවර පැවැති 37වන සැසිවාරයට සහභාගි වූ ආන්තික අදහස් දරණ දෙමළ ඩයස්පෝරා පිරිස් සහ එවැනිම සිංහල ඩයස්පෝරා සහ දේශීය පිරිස් තමන්ගේ සමාන්තර රැස්වීම් ගණනාවක්ම පැවැත්වූහ. මෙම රැස්වීම්හිදී බොහෝ කොට සිදුවූයේ දෙපාර්ශවය අතර ඝෝෂාකාරී මත දැක්වීම්ය. මෙවැනි සමාන්තර රැස්වීම්හි අරමුණ විය යුත්තේ තානාපති සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම වුවත් දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් සිදුකරමින් සිටින්නේ ස්වයං-වින්දනාත්මක ක්‍රියාකාරිත්වයක් පමණකි.

දෙමළ ඊලාමයෙහි ජිනීවාහි සහ බ්‍රසල්ස්හි නියෝජිතයා ලෙස පෙනී සිටින තරුණ ක්‍රියාධරයකු විසින් ලොව විවිධ තැන්හි පවත්නා සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාර සමඟ හවුලේ සමාන්තර රැස්වීම් කිහිපයක්ද පවත්වන ලදී. එම රැස්වීම්හිදී ශ්‍රී ලාංකික දෙමළ ක්‍රියාධරයෝද අදහස් දැක්වූහ. තවද හිටපු ලෙප්ටින්නට් කර්නල් සරත් වීරසේකරගේ කණ්ඩායමට ශරීරාරක්ෂකයින් වැනි සිංහල ඩයස්පෝරාවේ දහ පහලොස් දෙනෙකුද එක්ව සිටියේ ය.

මේ අතරවාරයේ වෙනත් සැසිවාරයන්හිදී මෙන් නොව මෙවර ආණ්ඩුවේ නියෝජිත පිරිසට ජනාධිපතිවරයාගේ නියෝජිතයකුද ඇතුළත් විය. ඒ අමාත්‍ය සරත් අමුණුගමය. ඉන් පෙන්නුම් කැරුණේ ආණ්ඩුවේ නියෝජිත පිරිස ජනාධිපතිවරයා නියෝජනය නොකරන බවයි. එමෙන්ම 30/1 සහ 34/1 යෝජනා සම්බන්ධයෙන් තමා බැදී නැතැයි දැන් සිරිසේන ප්‍රකාශ කරන බවද වාර්තාවේ. ජනාධිපතිවරයාගේ වෙනම නියෝජිතයකු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් කිරීම මගින් මෙරට වර්ධනය වන රනිල්- සිරිසේන විරසකය අන්තර් ජාතික තලය කරාද පැතිරී තිබුණි.

2015 ජනවාරි අපේක්ෂා සහ පොරොන්දු උඩුයටිකරු කිරීමට සමත්වන බව පෙනෙන අප්‍රේල් 04දා විශ්වාස භංග යෝජනාව කරා අප ගමන් කරමින් තිබෙන වටපිටාව එවැනිය. එක අතෙකින් යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතු බවට වන අන්තර් ජාතික බලපෑම් යළි කේන්ද්‍රගතවන සහ රනිල් – සිරිසේන ආණ්ඩුවේ දෙපත් නයි වරණය ඉහළ යන සහ ආන්තික ජාතිකවාදී පිරිස් වඩා සක්‍රීය වන වාතාවරණයකදීය.

සිරිසේන එන්න එන්නම යුද උන්මාදවාදී සිංහල ජාතිවාදය කරා ඇදී යමින් තිබේ. ඔහුගේ පරිවාරයේ සිටින ඥණසාර මහතෙර, මහ මහසෝනා බැලීමට සිර ගෙදරට පවා ගියේය. එමගින් ඔහු පලාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ලක්ෂ 11ක අතර වන ලක්ෂ තුන ඉක්මවන කඳුරට දෙමළ නැගෙනහිර මුස්ලිම් ජන්ද නැතිකර ගනිමින් සිටී. තොන්ඩමන්, හිස්බුල්ලා සහ අතාවුල්ලා බුලත් කොළයෙන් ද තරඟ කළ නිසා ලද ජන්දය. ගතානුගතිකත්වය කරා ඇදී යන සිරිසේන මුහුණු පොත සම්පුර්ණයෙන්ම තහනම් කරන ලෙස මාපියන් තමන්ට ලියුම් එවූ බවද කියයි.

අනෙක් අතට ගාලු නගර සභාවේ එජාපයෙන් ජය ලද මුස්ලිම් අපේක්ෂකයින් හත් දෙනෙකුම රාජපක්ෂ සමඟ එක්වී එජාපය බලයෙන් පිටමං කළේය. මීගමුවෙහිදී ද එජාප මුස්ලිම් නියෝජිතයා ජන්දය දුන්නේ රාජපක්ෂගේ ලංසා පවුලටය. මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එජාපය සමඟ තවදුරටත් එක්ව ගමන් කිරීමට නොහැකි තත්වයක් ගොඩ නැගෙන බවයි. එජාපය ජය ලද පුත්තලමෙහි මුස්ලිම් කොන්ග්‍රසය බලය අල්ලා ගත්තේ එජාප නොවන අනෙක් නියෝජිතයින්ගේ සහයෙනි. පශ්චාත් දිගන මුස්ලිම් දේශපාලනය වික්‍රමසංහගෙන් ඉවතට ඇදී යයි. විශ්වාස භංගයෙහි දී රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්නේද නැත්ද සම්බන්ධයෙන් දෙමළ සන්ධානයද බෙදී ගොස් ඇත. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනාගතයට ඉහළින් ඩැමොක්ලීස්ගේ අසිපත එල්ලෙයි.

ශ්‍රී ලංකාව යළි දේශපාලන අරාජිකත්වය අභිමුවට ගමන් කරන්නේ සුලුතර ප්‍රජා විරෝධී ප්‍රචණ්ඩත්වයන් සහ ඉදිරියට නොයන ප්‍රතිසංස්කරණ සහ යුක්ති ක්‍රියාදාමය නිසා බිදී යන දේශීය සමාජ දේශපාලන විශ්වාසයන් සහ සන්ධානයන්ද ඉහළ යාමට නියමිත අන්තර් ජාතික තෙරපුම්ද ඇතිවය.

කවර රටකට වුවත් මේ නම් සොහොන් ළකුනුය.

බුදුසරණ වෙනුවට අබසරණ යන දේශපාලකයින් සිටින රටකට කුමණ මඟුල් ළකුණුද?

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

By – Vikalpa

ජාතික ප්‍රශ්ණයට විසඳුම, අවහිර වීමේ තත්වයක් පවතිනවා..!
(උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා වෙත ඉදිරිපත් කරන මේ සතියේ ප්‍රශ්ණය)

ප්‍රශ්ණය – අග්‍රාමාත්‍යවරාය පිළිබඳ විශ්වාසභංග යෝජනාව ලබන 4 වනදා පාර්ලිමෙන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානයේ කටයුතු කෙසේ තිබිය යුතු දැයි ඔබ අපේක්‍ෂා කරන්නේ?

පිළිතුර – මෙවැනි අවස්ථාවක් පැමිණෙන විට අපි විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. සෑම පක්‍ෂයක් ගැනම මම අවධානය කර තිබෙනවා. එහි නායකයන් මෙවැනි කටයුත්තකදී ක්‍රියා කරන්නේ පුද්ගලික මතයකින්. ජනතාවගේ මත විමසන්නේ නැහැ. රනිල්ට එරෙහි එ.ජා.ප. මන්ත්‍රීවරුන් දැන් නැවැත ඔහු සමඟ එක්වීමට එකඟවී තිබෙන්නේ නම් එහි අර්ථය ඔවුන් සියළු දෙනාම යම්කිසි වරප්‍රසාදවලට එකඟවී තිබීමයි! මෙම ලබාදීම් පුද්ගලික යහපතක් සඳහා ද නැතිනම් ජනතාව වෙනුවෙන් වූ ඉල්ලීම්වලට අදාල ලබාදීම් දැයි විනිවිද භාවයක් නැහැ.

මෙවැනි අවස්ථාවන් පැමිණෙන්නේ කලාතුරකින්ය. එය අතපසු නොකළ යුතුයි. කුමක් නිසාද, ඔනෑම සිංහල පක්‍ෂයක් දෙමළ ජනතාවට ඔවුන්ගේ සාධාරණීය අයිතිවාසිකමක් ලබාදීමට පසුබසිනවා. සිංහල නායකයන් තම ජනතාව අතර දෙමළ ජනතාව සම්බන්‍ධයෙන් ගෙන ගිය වැරදි, සාවද්‍ය, පරස්පර අදහස් දැන් එම ජනතාව අාක්‍රමණය කර තිබෙනවා. ජාතික වශයෙන් වැරදි කරලා දැන් එය නිවැරදි කිරීමට උත්සහ කළේ නම් සිංහල ජනතාව තම නායකයන්ගේ හිස ද කපා දමනු ඇතැයි බියක් එම නායකයන්ට තිබෙනවා. එම බය නිසා තමයි දෙමළ ජනතාවට ‘දෙනවා දෙනවා‘ කියා සිංහල නායකයන් එය නොදී සිටින්නේ. ඇතැම් අවස්ථාවල ඇතැම් සිංහල නායකයන්ගේ අතුලාන්තය වන්නේ දෙමළ ජනතාව නැගී නොසිටිය යුතුයි යන චේතනාවය. එම නිසා තමයි විවිද ගැටළු පෙන්වා දෙමින් අපට කිසිඳු යහපතක් නොදී සිංහල නායකයන් රවට්ටන්නේ. සිංහල පදිංචි කිරීම් නවතා දමා නැහැ, පළාතේ අවතැන්වූවන්ට විසිඳුමක් ලබාදී නැහැ, දේශපාලන සිරකරුවන් නිදහස් කර නැහැ, ත්‍රස්ත මර්ධන පනත අවලංගු කර නැහැ, හමුදා සෙබළුන්ගේ සංඛ්‍යාව අඩු කර නැහැ, මෙලෙස නොදිය යුතුයි යන මතයෙන් නිදහස්වී දෙමළ ජනතාවට උදව් කිරීමට ඉදිරිපත්වන්නේ නම් ඔවුන්ගේ දේශපාලන ජීවිතයට බලපෑමක් ඇතිවීමේ අවස්ථාවන් පැමිණිය යුතුයි. දේශපාලකයන්ට ප්‍රතිපත්තිවලට වඩා ආත්මාර්තකාමී භාවය වැදගත්ය. අපගේ නායකයන්ටත් මෙතෙක් කාලයක් ආත්මාර්තකාමී භාවය තමයි වැදගත්ව තිබුණි.

ආත්මාර්තකාමීත්වයට බාධාවක් යැයි දැනුන විට සිංහල ජනතාවගේ සිත තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට දේශපාලකයන් ඉදිරිපත් වෙයි. දැන් එවැනි තත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය 2015 මැතිවරණයට සති කිහිපයකට පෙර ද මහින්ද සමඟ එක්වී සිටි සුළුතර නායකයෙන් හදිසියෙන්ම රනිල් සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. ‘මම ඔබට සහාය ලබා දෙනවා, මම මෙම අමාත්‍යංශය ලබාදිය යුතුයි‘ කියා. ඉන්පසු ඔහුට ඔහු ඉල්ලා සිටි අදාල අමාත්‍ය ධූරය ලැබුණා. ඔහුට දෙන්න එපා කියලා අපි රනිල්ට පැවැසූ විට සිඳුවූ දේ රනිල් අපිට කිව්වා. තමන් පොරොන්දු වූ බව ඔහු අප වෙත පවසා සිටියා. එමෙන් මහ ජාතික දේශපාලන නායකයන්ට ඇති වන බලපෑම් තමයි වර්තමාණ දේශපාලන පිටියේ සුළු ජාතිකයන්ට ලැබෙන වරප්‍රසාදය. එය නිසිලෙස භාවිතා කර ගැනීමට ඉදිරිපත් විය යුතුයි.

නමුත් තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මෙම ගිවිසුම් දෙමළ ජනතාව පාර්ශවයෙන් සිඳු නොකළ යුතුයි. එලෙස ඔවුන් කරන්නට කලින් දෙමළ ජනතාවගේ අදහස් විමසා බැලිය යුතුයි. අපි ගන්නා තීරණවලට සුදුසු හේතු කාරණා ප්‍රසිද්ධව පැවැසීමට අපට ශක්තියක් තිබිය යුතුයි. දෙතුන් දෙනෙකු තමන් අතර සාකච්ඡා කර කටයුතු නොකළ යුතුයි. කව්රු වෙනුවෙන් අපි කටයුතු කළත් ලිඛිත ගිවිසුමක් තිබිය යුතුයි. අපගේ සහාය ලබාදිය යුත්තේ ඉන් අනතුරුවයි. රනිල්ගේ විශ්වාසභංගය කොයි පැත්තට යන්නේ ද කියලා යම්තාක් දුරට සියළු දෙනාම දන්නවා. එම නිසා තමයි එම යෝජනාවට මහින්ද අත්සන් නොතැබුවේ. ඔහුට පරාදවීමට කැමැති නැහැ නමුත් අපි ලැබුණු අවස්ථාව අතපසු නොකළ යුතුයි.

දෙමළ ජනතාව දැනට සුළු සුළු අවශ්‍යතා රැසක් බලාපොරොත්තුවෙන් සිටිනවා. එ් ටිකවත් ලබාදීමට මෙය හොඳ අවස්ථාවක්. ඊයේ දින ගරු මංගල සමරවීර මහතාව හමුවූ අවස්ථාවේ, දෙමළ ජනතාවගේ සහ ජාතික ප්‍රශ්ණයට විසඳුම අවහිර වීමේ තත්වයක් දැන් පවතින බව පවසා සිටියා. එවිට මම ‘එහෙනම් ඔබ සුළු කටයුතු දෙකක් කරන්න, එයින් අපිට යම්තාක් දුරට ප්‍රබෝධයක් ඇති කරයි‘ යැයි පැවැසුවා. ‘මොකද්ද?‘ කියා විමසා සිටියා. එහිදී මහවැලි අධිකාරිය පනත සහ 1992 දී පවත්වන ලද අංක 58 දරන පනත ඉවත් කරන්නැයි ඉල්ලා සිටියා.

1987 වසරේදී පැමිණි 13වන සංශෝධනයේ බලය බෙදීම නොසලකා හැර මහවැලි අධිකාරියට අත්තනෝමතික ලෙස උතුරු පළාතයෙහි කටයුතු කිරීමට අවස්ථාව හිමිව තිබේ. ‘එල්‘ කලාපය තුල පිට පළාත්වල ජනතාව ගෙනවිත් පදිංචි කළේ එම අධිකාරියයි. තවඳුරටත් පදිංචි කිරීම් ගණනාවකට අඩිතාලම දමමින් තිබෙනවා. රජයට ඉහළින් බලය භාවිතා කිරීමට එම අධිකාරියට හැකියාවක් තිබෙනවා. එමෙන් එම නීතිය ඉවත්විය යුතුයි. ඉන්පසු අවශ්‍ය නම් 13වන සංශෝධනවලට අනුව නව නීති කෙටුම්පත් කරගත හැකි බව පවසා සිටියා.

1992 දී පවත්වන ලද අංක 58 දරන පනත යටතේ දිසාපතිවරුන් දිස්ත්‍රික්ක ලේකම්වරුන් බවට පත්කර පළාත් සභා අධීක්‍ෂණය යටතේ සිට මධ්‍යම රජය යටතට ඔවුන්ව ගෙනවිත් තිබුණි. මේ හේතුවෙන් සෑම පළාතකම සමාන බල මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මකවීමට මෙම පනත ඉඩ ලබාදී තිබෙනවා. එම පනත ඉවත් කළේ නම් යළි 1987දී අපේක්‍ෂා කළ පරිදි 13වන සංශෝධනය නිරාකරණය වනු ඇත. මෙය ස්ථීර දේශපාලන විසඳුමක් නොවේ. තාවකාලිකව දෙමළ ජනතාවට යහපතක් ලබාදීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ගයක් බව පවසා සිටියා.

රනිල්ගේ විශ්වාසභංගය දෙමළ ජනතාවට යම්කිසි යහපතක් ලබාදිය යුතුයි යන්න මගේ බලාපොරොත්තුව. ඒයට අවශ්‍ය වන පරිදි දෙමළ ජාතික සන්ධානයේ කටයුතු සිඳුවිය යුතුයි.

කේ. වී. විග්නේෂ්වරන්

උතුරු පළාත් මහ ඇමැති

දිගනින් පසු – ජයදේව උයන්ගොඩ (රාවය)
මේ දිනවල අප හිත මිතුරන්, නෑදෑයන් සමග පවා දුරකතනයෙන් වැඩියෙන්ම කතා කරන්නේ දේශපාලන මාතෘකා ගැනයි. එවැනි කතාබහවල සමහරවිට, දුරකතනයෙන් කතා කරන දෙදෙනා පමණක් නොව තවත් අය සමගද බෙදාගත යුතු අදහස් ප්‍රකාශ වේ.

මේ සඳහා මගේම අත්දැකීමෙන් නිදසුන් දෙකක් දෙන්නට මා කැමතිය. ඉන් පළමුවැන්න ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මට දුරකතනයෙන් කතා කළවිට ඇතිවූ කතාබහයි. දැනට රටේ තිබෙන වාතාවරණය තුළ ආණ්ඩුවේ සංහිඳියා ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න ගැන ලිපියක් ලියා දෙන ලෙස මාධ්‍යවේදියා මගෙන් ඉල්ලා සිටියේය. මගේ ක්ෂණික පිළිතුර —- ක්ෂණික පිළිතුරු යනු සිතා බලන්නේ නැතිව එකපාරටම හිතට එන දෙය වචනවලින් පිටවීමයි…. මෙසේය: “ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ජනාධිපතිතුමායි, අගමැතිතුමායි කාමරේකට දමලා පැය විසි විසිහතරක් දොර අගුලු දාලා තියෙන එක. සංහිඳියාව ඉස්සරහට ගෙන යන හැටි අපට කියන්න එතකොට ඒ දෙන්නට හොඳට පුළුවන් වේවි.”

හදිසි නීතිය

දෙවැනි නිදසුන රජයේ ඉහළ නිලධාරියෙකු සමග ඇතිවූ කතාබහකි. දිගන -තෙල්දෙණිය සිදුවීම් අපේ සාකච්ඡාවේ මාතෘකාව විය. හදිසි නීතිය පැනවීම සහ ෆේස්බුක්, සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම, තත්ත්වය පාලනය කිරීමට ආධාර වුවත්, ඒවායින් අනපේක්ෂිත නිශේධනීය ප්‍රතිඵලද ඇතිවෙන්නට පටන් ගෙන ඇති නිසා, ඒ දෙකම සෙමින් ඉවත් කිරීමට කල්පනා කිරීමද යහපත් බව මම යෝජනා කෙළෙමි. කලකට පසු පණ ලැබී ඇති සංචාරක කර්මාන්තයට ඇතිවී තිබෙන අනපේක්ෂිත පසුබෑම ගැන මගේ මිතුරා බෙහෙවින් කනස්සල්ල පළ කෙළේය. “ඇමරිකාවේ ප්‍රංශයේ කොච්චර ත්‍රස්තවාදී දේවල් වුණත් එහේ සංචාරකයන්ට ට්‍රැවල් ඇඞ්වයිසරි දෙන්නේ නෑ. අපේ රටේ දෙන්නයි මැරුණෙ. ඒත් ට්‍රැවල් ඇඞ්වයිසරි.” යනාදී වශයෙන් මගේ මිතුරා සංවේගයෙන් කතා කරන්නට විය. නුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ සාපේක්ෂ වශයෙන් සුළු සිදුවීමක් පවා විදේශ මාධ්‍ය විසින් උලුප්පා දැක්වීමේ අයහපත් ඵලවිපාක, දුප්පත් රටක් වන අපට විඳ දරා ගැනීමට සිදුවී ඇති ආකාරය ගැන මගේ මිතුරා පළ කෙළේ බලවත් කනස්සල්ලකි.

අපේ දුරකතන සංවාදය අවසන් වූ පසුත්, මේ ගැන මගේ සිතේ දිගින් දිගටම වැඩ කෙළේය. ඉන්පසු ඇත්තටම සිදුවූයේ මගේ මිතුරා සමග තවත් පැය ගණනාවක්ම හිතේ මවාගත් සංවාදයක යෙදීමයි. එම මනෝ සංවාදයේ මතුවූ කාරණා කිහිපයක් රාවය පාඨකයන් සමග බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

ලංකාවේ සාපේක්ෂ වශයෙන් කුඩා යැයි සැලකිය හැකි සිද්ධියකට මේතරම් ලෝක ප්‍රසිද්ධියක් ලැබුණේ ඇත්තටම අපේ රට දුප්පත් රටක් නිසාද? වෙනත් හේතු නිසාද? මේ ප්‍රශ්නයට නොයෙක් පිළිතුරු තිබිය හැකිය. එහෙත් මට සිතෙන පිළිතුරුවලින් ප්‍රධාන එකවන්නේ, එය හදිසි නීතිය පැනවීම සහ ෆේස්බුක්/වට්ස් අප් තහනම නිසා වන්නට ඇත යන්නයි.

ආණ්ඩුවක් රටේ කලබලයක් වූ විට හදිසි නීතිය ප්‍රකාශ කිරීම. අපේ රටේ අපට නම් ලොකු දෙයක් නොවේ. 1971 මාර්තු මාසයේ පටන් 2015 වසර මුල දක්වා අප රටේ වැසියන් වැඩි කාලයක්ම ජීවත් වූයේ හදිසි නීති පාලන තත්ත්වයන් යටතේ නිසාය. එහෙත් අපෙන් එහා පිහිටි රටවල, දැන් ඉන්දියාවේ පවා, හදිසි නීතිය ප්‍රකාශ කරනවාය යනු සුළු පටු සිදුවීමක් නොවේ. විදේශිකයන් සිතන්නේ, ආණ්ඩුවට සාමාන්‍ය නීතිය යටතේ පාලනය කළ නොහැකි මහා කලබලකාරී, ව්‍යාකූල, සිවිල් යුද්ධයකට සමාන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේය කියාය. රටේම හදිසි නීතියත්, එක දිස්ත්‍රික්කයක ඇඳිරි නීතියත් ප්‍රකාශ කිරීම වනාහී සාමාන්‍යයෙන් සිදුනොවන අතිවිශේෂ සිදුවීමකි. 2015 ජනවාරි මාසයෙන් පසු ලංකාවටද එය අසාමාන්‍ය සිදුවීමකි. එය ලෝක ප්‍රවෘත්තියක් පමණක්ම නොවේ. ලෝක සිරස්තල ප්‍රවෘත්තියක්ද වේ. ඇත්තටම කලකට පසු ලංකාව ලෝක ප්‍රවෘත්ති සිරස්තලයක් ලබාගත්තේ හදිසි නීතිය ප්‍රකාශ කිරීමත්, ෆේස්බුක් තහනමත් නිසාය. මේ අහිතකර අනිසි ඵල විපාකය ගැන සිතන්නට ඇත්තටම ආණ්ඩුවේ ඉහළ අයට අවස්ථාවක් නොලැබෙන්නටද ඇත. ආණ්ඩුවේ ප්‍රතිචාරය ච්බසජ රු්ජඑසදබ යන ඉංග්‍රීසි වචනවලින් හැඳින්විය හැකි එකකි.

පාඩම

ආණ්ඩුව මෙයින් ඉගෙන ගත යුතු පාඩමක් තිබේ. සාමාන්‍ය නීතිය මගින් පාලනය කළ හැකි ගැටලුවක්, කල්තියාම පාලනය කරන්නේ නැතිව, විවිධ හේතු නිසා එම වගකීම මගහැර, එය උත්සන්න වූ විට, එය විසඳීමට ගන්නා පියවරවලින් අලුත් ප්‍රශ්න ඇතිවීමටද ඉඩ තිබේ. එබැවින් සාමාන්‍ය නීතිය යොදා විසඳිය හැකි ප්‍රශ්න, හදිසි නීතිය යොදා අවුල් වන තත්ත්වයකට පත්වන තුරු බලා නොසිටින්න.

ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය මගින් ජාතිවාදී වෛරය පැතිරවීම නැවැත්වීමට ප්‍රමාණවත් සාමාන්‍ය නීති ලංකාවේ තිබේ. වෛරීය භාෂණය (hate speech) වැළැක්වීමේ නීතිද ලංකාවේ තිබේ. මහසෝන් බලකාය යනු හදිසියේ දිගනට කඩා වැටුණු හොල්මනක් නොවේ. වර්ගවාදී වෛරය ෆේස්බුක් හරහා පැතිරවීම නැවැත්වීමට, නැතිනම් අඩුතරමේ පාලනය කිරීමට, ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අවුරුදු ගණනාවක්ම නොගත්තේ ඇයි? බෞද්ධ අන්තවාදීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට, මෙම ආණ්ඩුව, විශේෂයෙන් ජනාධිපතිතුමා, දක්වන්නේ සෑහෙන බියකි. එබැවින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන භික්ෂූන් දෙතුන් දෙනෙකුට මුළු ආණ්ඩුවක්ම බියගැන්වීමට හැකිකම ආණ්ඩුව විසින්ම ලබාදී තිබේ. හදිසි නීතියේ හස්තයවත්, මේ ත්‍රස්තවාදී භික්ෂූන් වෙත දික්වන බවක් නොපෙනේ. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළහොත් ඇතිවිය හැකි සුළු දේශපාලන පාඩුවට බය ආණ්ඩුවට, දැන් ඇත්තටම සිදුවී තිබෙන්නේ තමන්ට පමණක් නොව මුළු රටටම විශාල පාඩුවක් වනු බලා සිටීමටය. තම ප්‍රකාශිත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියා කිරීමට චිත්ත ධෛර්යයක් නැති ආණ්ඩුවකට පත්විය හැකි ඉරණම මෙයයි.

වර්ගවාදී අවිය

මේ අතර, දෙසීයකට අධික කලහකාරීන් පිරිසකුත්, ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුත්, වෛරකාරී ෆේස්බුක් සටහන් තැබූ පාසල් සිසුන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇතැයි ආණ්ඩුව කියයි. එහෙත්, අම්පාරේ සහ නුවර මුස්ලිම් විරෝධී ව්‍යාපාරය පිටුපස සිටින භික්ෂුන් කිසිවෙකුවත් ප්‍රශ්න කිරීමකටවත් ලක්වූ බවට වාර්තා නැත. බොහෝ විට මුස්ලිම් වෛරවාදී ව්‍යාපාර පිටුපස ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමේ දේශපාලනඥයන්ද සිටින්නට පුළුවන. සුළු ජනයා බහුල ඡන්ද කොට්ඨාසවල මැතිවරණ දේශපාලනය සඳහා වර්ගවාදය අවියක් කර ගැනීම බහුතරයේ මෙන්ම සුළුතරයේ දේශපාලනඥයන්ද සාමාන්‍යයෙන් කරන දෙයකි. විශේෂයෙන් අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ශ්‍රීලනිපයට සහ පොහොට්ටුවට සම්බන්ධ දේශපාලනඥයන් කාලයක් තිස්සේම සිංහල ජාතිවාදී මැතිවරණ ව්‍යාපාරවල යෙදුණු බව රහසක් නොවේ. අම්පාර දිස්ත්‍රික්කය කාලයක් තිස්සේ වූ ඔවුන්ගේ රණබිමකි.

මූලාශ්‍ර

අම්පාරේත්, මහනුවරත් හටගත් මුස්ලිම් විරෝධී සිංහල – බෞද්ධ බලමුළුගැන්වීම දේශපාලන මූලාශ්‍ර තුනකට සම්බන්ධ බව කෙනෙකුට පහසුවෙන්ම නිරීක්ෂණය කළ හැකිය. පළමුවැනි මූලාශ්‍රය බොදුබල සේනාව, මහසෝන් බලකාය සහ රාවණා බලකාය වැනි ජාතික හෙළ උරුමය වෙතින් අනුප්‍රාණය ලැබ ප්‍රභවය ලැබූ සිංහල – බෞද්ධ අන්ත වර්ගවාදී ක්‍රියාකාරී කණ්ඩායම්වල පසුගිය අවුරුදු පහක පමණ කාලයක් තිස්සේ පවතින වාර්ගික වෛරයේ දේශපාලනයයි. දෙවැන්න 2015 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී ශ්‍රීලනිපයත්, පසුගිය පළාත් පාලන මැතිවරණවලදී පොහොට්ටු පක්ෂයත් සියුම් ලෙස ගෙන ගිය වර්ගවාදී මැතිවරණ දේශපාලනයයි. තුන්වැන්න, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පසුගිය කාලයේම ගෙන ගිය සිංහල ජාතිවාදී විරෝධතා ව්‍යාපාරයයි. ජී.එල්. පීරිස් මහාචාර්යතුමා පවා ‘රට බෙදීම’ යන 1950 ගණන්වල බිහිවූ අන්ත සිංහල ජාතිවාදී කතිකාව රාජපක්ෂ පවුල වෙනුවෙන් පාවිච්චි කරන විට පෙනෙන්නේ සිංහල සමාජයේ සුළු ජන විරෝධය මැතිවරණ අවියක් ලෙස යොදා ගැනීමේ පසුගාමී දේශපාලනය නැවත නැවතත් බංකොළොත් දේශපාලනඥයන් අතර ආකර්ෂණයට පත්වී තිබෙන හැටිය.

මැතිවරණ තුනක්ම ඉදිරියට එන ඉදිරි අවුරුදු තුන තුළ බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන්නේ වර්ගවාදී දේශපාලන තරගය උත්සන්නවීමයි. වරින් වර වර්ගවාදී ගැටුම් ඇතිවන විට ඇතිවන ජනවාර්ගික ධ්‍රැවීකරණය මැතිවරණවලදී ප්‍රයෝජන ගැනීමට අප රටේ දේශපාලනඥයන් අකමැති නොවනු ඇත. ජනවාර්ගික සාමය සඳහා ආණ්ඩුවේ ඇත්ත කැපවීමක් තිබේ නම් අන්තර් වාර්ගික සාමය, සහයෝගතාව හා අවබෝධය සඳහා අලුත් මතවාදී ව්‍යාපාරයක් දියත් කිරීමටද ආණ්ඩුව විසින් කළ යුතුව තිබේ. දරුණු ලෙස මුදුනේම බෙදී සිටින යහපාලන සභාගයට එවැන්නක් සඳහා දේශපාලන ශක්තියක් නැති බව කනගාටුවෙන් හෝ පිළිගැනීමට අපටද සිදුවී තිබේ.

by – ravaya

විමර්ශන කොමිෂන් සභා පිළිබඳ ලංකාවේ ගැටළුකාරී අතීතය: අපි පරණ වැරදිම නැවතත් කරමින් සිටිමු ද?
2015 ඔක්තෝබර් මාසයේ අංක 30/1 යටතේ සම්මත කරගන්නා ලද්දා වූ ද, 2017 මාර්තු මාසයේ අංක 34/1 යටතේ දීර්ඝ කරගන්නා ලද්දා වූ ද, ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ අඩංගුව පැවති ඉටු කළ යුතු පොරොන්දු සම්බන්ධයෙන් සහ ශ‍්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා 2018 මාර්තු 21 වැනි දා එම කවුන්සිලය වෙත වාචික යාවත්කාල කිරීමක් ඉදිරිපත් කරනු ඇත. ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ මෑතක දී ක‍්‍රියාන්විත කිරීමත්, බලහත්කාරී අතුරුදහන් කිරීම් අපරාධ සේ සැලකෙන නීති පනවා ගැනීමත්, උතුරු නැගෙනහිර යම් සීමිත ඉඩම් ප‍්‍රමාණයක් ඒවායේ අයිතිකරුවන්ට නිදහස් කිරීමත් ඇතුළුව යම් ප‍්‍රගතියක් ඒ කරුණු සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ඇති කරගෙන තිබුණත්, තව බොහෝ පොරොන්දු ඉටු කිරීමට තිබේ. එසේම, වගවීම සම්බන්ධයෙන් වන තවත් දේවල් තවම පටන්ගෙන පවා නැත.

මහ කොමසාරිස්වරයාගේ කරුණු ඉදිරිපත් කිරීම සිදුවන්නේ, මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් මෑතක ඇති වූ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවලියෙන් අනතුරුව දක්නට ලැබෙන ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න ගණනාවක් ඇති පසුබිමක් ය. නුවර දිස්ත‍්‍රික්කයේ සහ ශ‍්‍රී ලංකාවේ වෙනත් පළාත්වල ඇති වූ ප‍්‍රචණ්ඩත්වය මගින් කියාපෑවේ, මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කොට දියත් කෙරුණු වාර්ගික සහ ආගමික වෛරය සහ හිංසනය ඇවිල වූ සැහැසි ජනයා මෙල්ල කිරීමට ආණ්ඩුව දැක්වූ නොහැකියාවයි. අවාසනාවකට, මේවා හුදෙකලා සිදුවීම් නොවන අතර, මෑත වසර කිහිපය මුළුල්ලේ එක දිගට දිග හැරුණු යම් මාදිලියක නිශ්චිත කොටසක් වන්නේය. සිංහල-බෞද්ධ ජාතිකවාදයේ වාගාලංකාර මගින් අවුස්සන ලද සැහැසි ජන කල්ලිවල ප‍්‍රහාරයන්ට සංඛ්‍යාත්මක සුළුතරයන් ලක්වීම ඒ මාදිලිය තුළ කැපී පෙනුණි. ඒවාට අදාළ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා අවශ්‍ය සැබෑ පියවර, පැවති ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවත් විසින් නොගැනීම තුළ, ඒ සැහැසි ව්‍යාපාරය තවත් ශක්තිමත් වී තිබේ.

මේ සන්දර්භය තුළ, නුවර සහ වෙනත් පළාත්වල ඇති වු ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් ගැන සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස ආණ්ඩුවේ සමහරෙකු ඉල්ලා ඇති බව වාර්තා විය. හිතාගත නොහැකි කඩිනමින් ඊට ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා, එවැනි ත‍්‍රිපුද්ගල කොමිසමක් තමා පත්කරන බව ප‍්‍රකාශයට පත්කොට තිබේ. ආණ්ඩුව පැත්තෙන් එවැනි කඩිනම් ප‍්‍රතිචාරයක් දැක්වීම, නුවර හිංසනකාරී තත්වයක් ඇතිව තිබෙන බව පිළිගැනීමට පවා සහ අනතුරුව එය හෙලාදැකීමට පවා මේ ආණ්ඩුව සුනංගු වූ ආකාරය සමග එකට ගෙන බලන විට, කෙනෙකුව පුදුමයට පත්කරවයි. ප‍්‍රචණ්ඩකාරී හිංසනය සිදුවන අවස්ථාවේ සහ එම දිනවල එය මැඩලීම අරභයා ආණ්ඩුව පැත්තෙන් දකින්ට ලැබුණු ප‍්‍රමාදය, නොහැකියාව සහ ඇල්මැරුණු ගතියට අමතරව, අතීතයේ කොපමණ නම් මෙවැනි විමර්ශන කොමිෂන් සභා පත්කොට තිබේද යන්න ගැනවත්, තවත් එවැන්නක් දැන් ඉල්ලා සිටින අය දැනුවත්ද යන්න ප‍්‍රශ්නයකි. එවැනි කොමිෂන් සභා සඳහා අතීතයේ ගත කොට ඇති කාලය, ඒවා සඳහා වැය කොට ඇති මුදල් කන්දරාව සහ අවසානයේ එවැනි කොමිෂන් සභා විසින් යෝජනා කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් බලයේ සිටි ආණ්ඩු කටයුතු කොට ඇති දියාරු ආකාරය ගැන මේ අය සිතා ඇත්ද යන්න ප‍්‍රශ්නයකි.

කොමිෂන් සභා පිළිබඳ අතීත උරුමය

‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ සහ ‘පරණගම කොමිසම’ ඇතුලූ තවත් එවැනි කොමිෂන් සභා, වින්දිතයන්ගේ අපේක්ෂා එදා දල්වාලීය. එහෙත් ඒවායේ ප‍්‍රකාශිත අභිප‍්‍රායන් ප‍්‍රකාරව අවසානයේ කටයුතු සිද්ධ නොවන විට, වින්දිතයන් තුළ නැවත නැවතත් ඇති කෙළේ කෝපයත්, අපේක්ෂා භංගත්වයත් ය. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ ඇතුලූ වෙනත් එවැනි කොමිෂන් සභා ඉදිරියට පැමිණි කිසිවෙකුට, අතීත අපයෝජනයන් සම්බන්ධයෙන් යුක්තියක් ඉෂ්ට වුණේ නැත. ඒ ආකාරයෙන්ම, ‘පරණගම කොමිසම’ ඉදිරියට ගිය අයට, තවමත් තමන්ගේ අතුරුදහන් වූ ආදරණීයයන් පිළිබඳ පිළිතුරක් ලැබී නැත. මේ කොමිෂන් සභා දෙක මගින් උතුරේ පවත්වන ලද සැසි වාරවලට පැමිණි බොහෝ වින්දිතයන් දුරුකතර ගෙවා, තමන්ගේ දෛනික ආදායම පවා අහිමි කරගෙන එහි ගියේ විනාඩියකට දෙකකට හෝ තමන්ගේ දුක්ගැනවිලි කියාපෑමට ය. ඒ දුක්මුසු අත්දැකීම් කියාපෑමේදී ඉන් බොහෝ දෙනා භාෂා ප‍්‍රශ්නයටත් මුහුණදුන්හ. ඊට හේතුව, ඒවායේ භාෂා පරිවර්තන පහසුකම්. විශේෂයෙන් දෙමළ භාෂා පරිවර්තන පහසුකම් නොතිබීමයි. තවත් සමහරු තර්ජනවලට මුහුණදුන් අතර, මේ කොමිෂන් සභා ඉදිරියට පැමිණෙන අවස්ථාවේදි සහ ඉන් පසුවත් ආරක්ෂක අංශවල නිරන්තර සෝදිසියට ඔවුහූ ලක්වූහ. සමහර කොමසාරිස්වරුන් සහ කොමිසමට සහාය වන්නන් මතු කළ අසංවේදී ප‍්‍රශ්නවලින් තවත් අය බලවත් පීඩාවටත්, නිගරුවටත් පත්වූහ. බිහිසුණු ප‍්‍රචණ්ඩත්වය අත්දුටු හෝ අත්විඳි වින්දිතයන් පත්ව සිටි කම්පිත ක්ෂතිය ගැන මේ බලධාරීන් දැන සිටියේ නැත. නැත්නම් තැකුවේ නැත. එහෙත් පිළිතුරු සොයමින් සහ යුක්තිය අපේක්ෂාවෙන් ඔවුන් පත්ව සිටි අසරණ තත්වය කෙතෙක් දුක්ඛිත වී ද යත්, බොල් පොරොන්දු මැද්දේ පවා ඔවුහූ නැවත නැවතත් මේ කොමිෂන් සභා ඉදිරියට ආහ.

යෝජනා වී ඇති පරිදි තවත් කොමිෂන් සභාවක් පත්කළොත් මේ කටුක පාඩම නැවත දිග හැරෙනු ඇත. වැඩියත්ම එසේ වන්නේ, වින්දිතයන් වාර්ගික/ආගමික සුළුතරයකට අයත් වන බැවිනි. පසුගිය ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවලිය තුළ විවිධ ආකාරයෙන් සහ විවිධ මට්ටම්වලින් රාජ්‍යය එම ප‍්‍රචණ්ඩකාරීත්වයේ සහායකයන් වී තිබුණු තත්වයක් තුළ, රාජ්‍ය ආයතන ගැන සැක කිරීමට තරම් හේතු කාරණා එම ජනතාවට කොපමණවත් ඇත. විවිධ කොමිෂන් සභා පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ඉතිහාස උරුමය වින්දිතයන් සම්බන්ධයෙන්වත්, යුක්තිය සම්බන්ධයෙන්වත් සාධනීය එකක් නොවීම කණගාටුවකි. එසේ නම්, තවත් දිග් ගැස්සෙන එවැනිම ක‍්‍රියාවලියක් පිළිබඳව, වින්දිතයන්ව නැවතත් පීඩාවට පත්කළ හැකි එවැනිම ක‍්‍රියාවලියක් පිළිබඳව සහ එම විමර්ශන අවසානයේ නිකුත් කෙරෙන පතරංග වාර්තා කිසිවෙකු නොකියවන සහ වැඩි කල් නොගොස් ඒ සියල්ල අමතක වන ක‍්‍රියාවලියක් ගැන මෙතරම් උනන්දුවක් කුමට ද? අතීතයේ පැවති කොමිෂන් සභා සේම මේ කොමිෂන් සභාවත් කිසිවෙකුට එරෙහිව නඩු පැවරීමකට තුඩුදෙතැයි සිතිය නොහැක. එය තවදුරටත් ශ‍්‍රී ලංකාවේ දණ්ඩමුක්ති සම්ප‍්‍රදායට (දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති හැකියාවට) තවත් දායකත්වයක් පමණක් සපයනු ඇත.

දණ්ඩමුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය විසඳා ගැනීම

මේ දණ්ඩමුක්ති සංස්කෘතිය වර්තමාන ආණ්ඩුවට අතීතයෙන් උරුම වූවකි. වගවීම පිළිබඳ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම ඇතුළු පොරොන්දු ගණනාවක් මේ ආණ්ඩුව 2015 දී මේ රටේ ජනතාව ඉදිරියේ තැබුවත්, ඒවායින් බොහොමයක් තවම සාර්ථක කරගෙන නැත. දූෂණයට එරෙහිව කටයුතු කිරීමටත්, ඒවාට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමටත් මේ ආණ්ඩුව එදා පොරොන්දු වුව ද, එවැනි දූෂිතයන් බොහොමයක් දෙනා තවමත් නිදැල්ලේ සිටින අතර, අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකුත් ඇප මත නිදහස් කර හැර තිබේ. මේ අතර තවත් නඩු ගණනාවක් පමා වෙමින් තිබේ. මේ රජය බලයට පත්වූ දා සිට අද වන තෙක්, ආගමික හෝ වාර්ගික වෛරය වැපිරීමේ වරදට නඩු අසා කිසිවෙකු හිරේ යවා නැත. අපරාධකරුවන්ව නීතිය තුළ කොටු කර ගැනීමට අසමත් වන එවැනි තත්වයක් තුළ, මේ ආණ්ඩුව යටතේමත් වාර්ගික සහ ආගමික වෛරය උසිගැන්වීම් ඉහළ ගොස් තිබේ. ඒ සමගම, අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරමින්, නීතියේ බලය පාවිච්චි කොට හිංසනයේ ව්‍යාප්තිය මැඩලිය යුතු බවට, දැනුවත් පිරිස් විසින් පොලීසියෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ වෙනත් අදාළ බලධාරී ආයතනවලින් කෙරෙමින් පවතින ඉල්ලීම් ද අනන්තවත් ය.

මෙවැනි අඳුරු තත්වයක් ඇති වී තිබෙන්නේ එවැන්නක් මැඩලීමට තරම් ප‍්‍රමාණවත් නීතිරීති සමුදායක් රටේ පවතින තත්වයක් තුළ ය. පොලිස් ආඥාපනත, අපරාධ නීති සංග‍්‍රහය සහ ‘සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ මෙහිදී රටේ සේවයට ගත හැකිව තිබේ. එසේම ඉහත කී ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන අවශ්‍ය තරම් සාක්ෂි ද නොඅඩුව තිබේ. එබැවින් තවත් ජනාධිපති කොමිෂන් සභාවක් ඉල්ලා උදක්ම හඬ නගන අයවළුන්, ඊට කලින්, මේ කියන මාර්ග ඔස්සේ නීතිය පසිඳලීමට බැඳී සිටින ආයතනවලින් සහ පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ රාජකාරි නිසියාකාරයෙන් ඉටු කරන ලෙස ඉල්ලා සිටිය යුතුව තිබේ. තවත් දීර්ඝ පරීක්ෂණ ක‍්‍රියාවලියක් සඳහා, අවසානයේ කිසි සුගතියක් අත් නොවන පරීක්ෂණ ක‍්‍රියාවලියක් සඳහා, නැවත වරක් රටේ බදු මුදල් නාස්ති කරනවාට වඩා එය ප‍්‍රයෝජනවත් ය.

නායකත්වය සහ ප‍්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාව

අමතක වීමේ බරපතල රෝගයකින් මේ ආණ්ඩුව පෙලෙන්ට ඇති ඉඩකඩ සැලකිල්ලට ගෙන, 2015 ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය ඔවුන්ට නිරන්තරයෙන් සිහිකැඳවීමේ වගකීම පුරවැසියන්ට පැවරේ. මේ ආණ්ඩුවට ජනවරම ලැබුණේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා ය. පිරිසුදු ආණ්ඩුකරණයක් සහ යහපාලනයක් ඇති කිරීම සඳහා ය. ඥාති සංග‍්‍රහය ඉවරයක් කිරීම සඳහා ය. වගවීමෙන් බැඳී සිටීම සඳහා ය. එසේම සුළුතර ප‍්‍රජාවන්ගෙන් අතිබහුතරයකගේ සහාය ලැබුණේ ජාතික ප‍්‍රශ්නයට දේශපාලනික විසඳුමක් සෙවීම සඳහා ය. අතීතයේ සිදු වු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් වගවීමේ යාන්ත‍්‍රණයක් සකසා ගැනීම සඳහා ය. එහෙත් ඒ කිසිවක ප‍්‍රගතියක් දක්නට නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියත්, සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලියත් මේ වන විට ඉතා සීග‍්‍රයෙන් පල්ලම් බසිමින් තිබේ. මෑතකදී ඇති වු ප‍්‍රචණ්ඩකාරී රැුල්ල නිසා, හිංසනය තවදුරටත් පැතිරීම වැලැක්වීමේ සහ සුළුතර ප‍්‍රජාවන්ට ආරක්ෂාව සැලසීමේ හැකියාවක් මේ ආණ්ඩුවට ඇත් ද යන්න පිළිබඳව ඇත්තේ බරපතල කුකුසකි.

යුද්ධයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ අතිශය විනාශකාරී හිංසනයක් ඇති වී සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති තත්වයක, රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වයත්, එවැනි සිදුවීම් යළි ඇති නොවීමට වගබලා ගත හැකි ශක්තිමත් සහ තීරණාත්මක නායකත්වයක් සඳහාත් ඇති අවශ්‍යතාව බොහෝ පුරවැසියන්ට දැනෙමින් තිබේ. මේ අවස්ථාවේ තමන්ගේ විවේචකයන් වැරදි බව ආණ්ඩුව ඔප්පු කළ යුත්තේ, එවැනි නායකත්වයක් ආදර්ශයෙන්ම රටට පෙන්වීමෙනි. මොනම තත්වයක් යටතේවත් ඉහත කී ආකාරයේ හිංසනයක් නොඉවසන සහ අපරාධකරුවන් වහා නීතිය ඉදිරියට පමුණුවන නායකත්වයකට උර දීමෙනි. හුදෙක් පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම් පමණක් ඊට නොසෑහේ. පවතින නීති ප‍්‍රකාරව ඔවුන්ට එරෙහිව නඩු පවරා වරදකරුවන් කළ යුත්තේය.

ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිස මේ සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තමන්ගේ සාර්ථක වැඩ කටයුතු ගැන පැහැදිළි කරලීමටත්, ඉතිරි කාර්යයන් ඉදිරියේ දී කරන බව සපථ කිරීමටත් නියමිත ය. එහෙත්, සුළු ජන ප‍්‍රජාවන් බියෙන් වෙසෙන, අපරාධකරුවන් තවමත් නඩු විභාග කොට වැරදිකරුවන් කොට නැති රටක් ඉදිරිපත් කරන එවැනි වාර්තා හුදෙක් වාගාලංකාර පමණක් වනු ඇත. තමන් පොරොන්දු වූ කාර්යයන් ඉෂ්ට කිරීමේ වගකීම ආණ්ඩුවට තිබේ. කිසි වැදගැම්මකට නැති තවත් ජනාධිපති කොමිෂන් සභා පත්කරමින්, යුක්තිය මගහැරීමේ ව්‍යාජ අවසර අස්සේ හැංගෙනවා වෙනුවට, දුන් පොරොන්දු දැන්වත් ආණ්ඩුව ඉටු කළ යුතුව තිබේ. මේ තීරණාත්මක මොහොතේ එසේ කිරීමට මේ ආණ්ඩුව අසමත් වෙතොත් එයම ඔවුන්ගේ ඉරණම තීන්දු වීමට හේතු වනු ඇති අතර, ශ‍්‍රී ලංකාවේ අතීතයෙන් පාඩම් උගෙනීමට තිබූ වටිනා අවස්ථාවක් නාස්ති කර ගත්තා ද වන්නේය.

භවානී ෆොන්සේකා

2018 මාර්තු 19 වැනි දා ‘ග‍්‍රව්න්ඞ්වීව්ස්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka’s Problematic Past with Commissions of Inquiry: Are We Repeating Mistakes? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි