SRILANKAN NEWS – GTN Sinhala

ලබන 6 වැනිදා සත්වෝද්‍යාන සේවකයෝ වර්ජනයක
සත්වෝද්‍යාන සේවකයින්ට බලපාන ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන මස 6 වැනිදා එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදුකන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අනතුරු දීමනාව රුපියල් 5000කින් සහ පැමිණීමේ දීමනාව රුපියල් 1500 කින් වැඩි කරන ලෙස වසරකට වැඩි කාලක් පුරා සත්වෝද්‍යාන සේවකයින් ඉල්ලා සිටින අතර මේ දක්වා ද ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි සත්වෝද්‍යාන සේවකයෝ පවසති.

ඒ අනුව මෙම සංකේත වැඩවර්ජනය සිදුකිරීමට තීරණය කල බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ද ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති සඳහන් කරයි.

ජපාන ආරක්‍ෂක ඇමති ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක නිරත වෙයි
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් ආරක්‍ෂක අමාත්‍ය, කෙන්ජි හරදා (Kenji Harada) මහතා ( ජූලි 26) ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක නිරත විය.

එහිදි, නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රීලංනානෞ ‘ගජබාහු’ නෞකවේ අණදෙන නිලධාරි, කපිතාන් රෝහිත අබේසිංහ විසින් නෞකාව වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව, අණදෙන නිලධාරි විසින් ‘ගජබාහු’ නෞකාවේ ව්‍යුහය සහ නෞකාවේ කාර්යභාරය සම්බන්ධයෙන් අමාත්‍යතුමා දැනුවත් කිරීමට කටයුතු කළ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහ ජපන් රාජ්‍ය නියෝජිතයින් පිරිසක් සහ නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ. මෙම චාරිකාවාරය සනිටුහන් කරනු වස් අණදෙන නිලධාරි කපිතාන් අබේසිංහ සහ ජපන් ආරක්‍ෂක අමාත්‍ය, කෙන්ජි හරදා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි

දුම්රිය අත්‍යාවශ්‍ය ‌සේවයක් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අද(27) දින සිට දුම්රිය සේවය ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම හා අඛණ්ඩව පවත්වාගෙන යාම, දුම්රිය ධාවනය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයිමට අදාළව සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය සේවාවෙන් කළ යුතු සියළුම සේවාවන් අවශ්‍ය වන්නා වු සියලු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම සිදුකළ යුතු වේ.

කරවෙට්ටි සෙට්ටිතුරයි මාර්ගයට මාධ්‍යෙව්දියාගේ නම දමන්නැයි ඉල්ලීමක්..
කරවෙට්ටි නිරිතදිග ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සෙට්ටිතුරයි මාර්ගයට ශ්‍රේෂ්ඨ දෙමළ මාධ්‍යවේදියකු වන අභාවප්‍රාප්ත අයියාතුරයි නඩේසන් මහතාගේ නම දමන්නැයි කරවෙටිතුරයි නිරිත දි ප්‍රාදේශීය සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඉකුත් ප්‍රදේශයේ උපත ලැබූ අභාවප්‍රාප්ත අයියාතුරයි නඩේසන් මහතා රේගු දෙපාර්තුමෙන්තුවේ ද සේවය කර ඇති අතර, ප්‍රවීන මාධ්‍යවේදියකු ද වේ. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහු පසුගිය 2014 මැයි 31 වැනි දින නැගෙනහිර පළාතෙහි සිඳුවූ වෙඩි තැබීමකින් ඝාතනයට පත්විය.

ඔහුගේ ඉතිහාසය ගැන ඉදිරි පරම්පරාවද දැන ගැනීමටත් ඔහුගේ සේවයට ගෞරවයක් ලබාදීමේ අරමුණින් අදාල මාර්ගයට ඔහුගේ නම දැමිය යුතු යැයි ඉල්ලා තිබේ.

ගෝඨා, සජිත් සහ අපි
ආර්යාව එළි බැස්සේ ය. ශ්‍රීමතානෝ සතියේ දින හත‍ෙහිම පැය විසිහතරම පුරා ජනතා සේවයට කැපවීම පිනිස නින්ද නොයන ඖෂධ සොයමින් ගූගලය පීරනවා ඇත. ඇඔරිය යුතු හොඳම ගුලිය ගැන කල්පනා කරමින් වික්‍රමසිංහ දස අතේ ඇඹරෙනවා ඇත. රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට බල්ටි පිනුම් නෙැගැසුවේ නම් ‘මට තමයි එන්න තිබුණේ’ කියමින් කරු ජයසූරිය හූල්ලනවා ඇත.

ගෝඨා සිංගප්පූරුවේ ගත කළ වෛද්‍ය නිවාඩුව අවසන් කරමින් හෙට අනිද්දා රටට පහත් වනවා ඇත. ගෝඨාගේ මිලිටරි සගයෝ ගාලු මුවදොර පිටියේ එල්ලා මරා දැමිය යුතු ‘ද්‍රෝහීන්’ ගේ ලැයිස්තු සුද්ධ කරනවා ඇත. ‘අපි ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස තීරණය කරලා ඉවරයි. මහින්ද රාජපක්ෂට තෝරන්න දෙයක් නෑ’ යැයි සිංහල අන්තවාදීන් කළ අභියෝගය ගැන බියකරු සිහින දකිමින් රාජපක්ෂ කලපනා කරනු ඇත්තේ ගෝඨා මට ද උන්ට ද කියා ය.

නොවී විරූ දේශපාලන අනාථභාවයකට පත් හිටං, පසුගිය පෙබරවාරි මාසයේ පළ කරන බවට කයිවාරු ගැසූ ‘රනිල් වික්‍රමසිංහ දුෂ්චරිතාපදානය’ ලියා අවසන් නොකිරීම ගැන කුලී ලියන්නන්ට අපවාද නගමින් කැ මොර දෙනවා ඇත. අත්තෙන් අත්තට පනින කුරුල්ලාට වූයේ තෙමී නහින්නට ය. මත් ද්‍රව්‍ය සමඟ සටන කොට උඩය.

මරණ දඩුවම් අත්සන් කොළේ දෙපරැන්ද ළඟය. නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති ජනාධාපති සිරිසේන දින දර්ශනයේ කොළ ගලවනු ඇත්තේ ඉකි බිඳිමිනි.

වික්‍රමසිංහගේ හිතමිතුරු සමාජයට තවදුරටත් එජාපය තුල අධිකාරී බලය නැත. ඔහුගේ ගජයෝ පවා ‘වෙන්ඩ ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස’ පසුපස ය. සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොදුනහොත් එජාපය පතුරු යනවා ඇත. වික්‍රමසිංහ උත්සාහ කරනු ඇත්තේ කරු ජයසූරියට පළිහක් කරගෙන සජිත් සමඟ යුද්ධයට යෑමටය. පක්ෂ නායකත්වය අත හැරීමට වික්‍රමසිංහගේ අදහසක් නැත. මන්ද යත් අගමැතිකමට වඩා විපක්ෂ නායකකම යහපත් බව ජීවිත දශක දෙකක අත්දැකීමෙන් ඔහු යස රඟට දන්නා නිසා ය.

ගෝඨාභයට තවමත් සිය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමට ඒක්සත් ජනපද ආණ්ඩුව අවසර දී නැත. සාමාන්‍යයෙන් යුරෝපීයකුට සිය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමට යන්නේ සතියකට අඩු කාලයකි. මිලින්ද මොරගොඩට ඒ් සඳහා ගත වුයේ දින 10ක් පමණක් යැයි කියනු ලැබේ. ගෝඨාභයට දෙමසක් තරම් ගතවීත් ඒම අවසරය නොලැබීම ප්‍රශ්ණයක් ඉතිරි කරයි.

ද්විත්ව පුරවැසියකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරෙන පනත් කෙටුම්පත් සකස් කර අවසන් කරන ලද්දේ 2018 වසරෙහි සැප්තැම්බර් මාසයේ ය. තවමත් රනිල් වික්‍රමසිංහ ඒ මත සිය පශ්චාත් භාගය තබාගෙන සිටින්නේ රාජපක්ෂවරුන් සමඟ ඇති කපටි ගනුදෙනුව නිසා ය. ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දැන් සැළසුම්කර අවසන් යැයි කියනු ලැබේ.

දැනට පෙනෙන විදිහට ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තරඟකරුවන් දෙදෙනා වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසය. ගෝඨාභය ඉදිරිපත් නොකළහොත් රාජපක්ෂ පාර්ශවයට වන හානියට වඩා හානියක් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකළහොත් එජාපයට සිදුවේ. අප කැමැති වුවත් නැතත් යථාර්තය එයයි.

දකුණෙහි දී පන්සල් ගාණේ බඩගාමින් ද, උතුරෙහිදී දෙවසරකින් දේශපාලන විසඳුමක් ලබා දෙන බවට බේගල් ඇදබාමින්ද වික්‍රමසිංහ පෙන්වන්නේ වාර්තාගත පරාජයන්ට තවත් දීර්ඝ කර ගැනීමට ඇති සූදානමයි. එසේ නමුත් දේශපාලන සොම්බියෙකු වන රනිල් වික්‍රමසිංහට මෙවර අංචි ඇදීම ඉතා දුෂ්කර වන්නට ඉඩ තිබේ.

ගෝඨාභයගේ දේශපාලන පාබල හමුදාව සංයුක්ත වන්නේ අමු ජාතිවාදීන්ගෙන් ය. ඔව්හු සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන්ට දරුණු ලෙස විරුද්ධ ය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අනෙකා මර්දනය කිරීම සිය දේශපාලනය ලෙස සළකයි. අන්තවාදී ව්‍යාජ පුවත් මගින් රට ගිනි තියන මාධ්‍ය ජාලා ගෝඨාභයගේ හොරණෑකරුවන් ය. ගෝඨාභයගේ සමස්ත දේශපාලන ව්‍යාපාරය ම පදනම් වනු ඇත්තේ සිංහල බෞද්ධ මහ ජාතිවාදය, භීතිය, වාර්ගික විෂමතාවයන්, ආර්ථික සංවර්ධනය සහ ශක්තිමක් පාලකයෙක් යන මතවාදය වටා ය.

සජිත් ප්‍රේමදාස ඊට වෙනස් ද? ඔහු මරණ දඩුවම පැමිණවීමට පක්ෂ ය. ඔහුගේ බිරිඳ දැනටමත් ජනප්‍රවාද ගත කටුස්සා මෙන් ආර්යාව යන පට්ටම බෙල්ලේ ඒල්ලාගෙන තිබේ. සජිත් යනු මිථ්‍යා විශ්වාසන්හි ගිලී ගි, සාත්තරකාර කපටින්ට දෙවියන්ට සේ සළකන්නෙකි. තවද සියල්ලටමත් වඩා ඔහු බලය බෙදීමට පක්ෂ නැත. ඔහුට අනුව ආර්ථික සංවර්ධනය ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමයි. සිය පියාගේ නමින් රටපුරා සෑම දිසාවකම දැවැන්ත බෞද්ධ පන්සල් 25ක් සාදන බවට ද ඔහු දැනටමත් ශපථ කර තිබේ.

බැලූ බැල්මට ම පෙනන පරිදි මේ දෙදෙනාගේ දේශපාලනයේ එතරම් වෙනසක් නැත. ගෝඨා නූතනවාදී මර්දකයෙකි. සජිත් ගතානුගතික මර්දකයෙකි. ජනාධිපති ප්‍රේමදාස ගෙන ගිය භීෂණකාරී දේශපාලනය ආදර්ශයක් ලෙස සළකන සජිත් ප්‍රේමදාසට ද මර්දකයෙක් වීමට සුදුසුකම් තිබේ. දෙදෙනාම පන්සල් දේශපාලනය සිය ප්‍රධාන කක්ෂය ලෙස ගන්නවා ඇත. එනයින්ම අන්තවාදී බෞද්ධ භික්ෂූන්ගේ දේශපාලන සිරකරුවන් බවට දෙදෙනා ම පත්වීමට ඇති ඉඩ ද වැඩිය.

මේ තාක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ දේශපාලන ධාරා දෙකම, මතවාදී වශයෙන් සුළුතර අයිතිවාසිකම් නොසළකන සහ මතවාදීමය වශයෙන් සිංහල බෞද්ධ දේශපාලන පක්ෂ බවට පත්වීම එළඹෙන ජනාධිපතිවරණය විසින් සනිටුහන් කරන්නට බොහෝ දුරට ම ඉඩ තිබේ. සජිත් ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණෙන් වෙනස්වීමට ඉඩක් නැත.

මෙම දේශපාලන ධාරා දෙකම මෙරට අද පත්ව තිබෙන සමාජ, ආර්ථික දේශපාලන අර්බූදයන්ට වගකිය යුතුය. 1948 දී මෙරට නිදහස ලබන විට මෙරට ඉතා හොඳින් සංවිධිත සහ විනය ගරුක රාජ්‍ය පරිපාලන සේවාවක් තිබුණි. බ්‍රිතාන්‍යයින් මෙරට හැර යන විට මාස 17ක ආනනයන් සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් තිබුණි. (වර්තමානයෙහි එය බොහෝ විට එය දෙමසකට පමණක් ප්‍රමාණවත් ය). විදේශ ණය දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 04ක් (අද සියයට 80 තරම්. ය) පමණක් ද දේශීය ණය දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 14ක (අද සියයට 70 තරම් ය.) පමණක් ද විය. එදා ඩොලරයකට රුපියල් වටිනාකම 3.32ක් (අද 175ක් තරම් ය) විය. (හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන පළ කරන ලද ලිපියකිනි.)

එම පදනම මත ගොඩනැගිය හැකිව තිබූ ශ්‍රී ලංකාව විනාශ කරන ලදදේ ගෝඨාභය සහ සජිත් විසින් නියෝජනය කරනු බලන දේශපාලන ප්‍රවණතා දෙක විසිනි. 2015 ජනවාරිය මේ විෂම චක්‍රය අවසන් කිරීමට මෙරට ජනතාව ලබා දුන් අවස්ථාවය. සිරිසේන සහ වික්‍රමසිංහ දෙබෑයෝ ඒ අනගි අවස්ථාව විකුණා දැමූහ.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ප්‍රර්ථනා කරන කිසිවකුට මෙම බලවේග දෙක සමඟ තව දුරටත් ගමන් කළ නොහැක. අනෙකා පැරදවීමට වෙන එකෙකුට ජන්දය දීම අවසන් කළ යුතු කාලය පැමිණ තිබේ.

ජනාධිපතිවරණ දේශපාලනය අභිමුව අපේ ආරම්භක ස්ථානය විය යුත්තේ එයයි. විකල්ප දේශපාලනයක් සෙවිල්ල ඇරඹෙනු ඇත්තේ එම තීරණයට අප පැමිණියහොත් පමණි. බලය අල්ලා ගැනීමට විකල්ප වාම හරිත දේශපාලනයකට තවම නොහැක. අප සතු බලය වනු ඇත්තේ බලපෑමේ දේශපාලනයක් බවට පත් වීමයි. එවැනි අවකාශයක් නිර්මාණය නොවන්නේ නම් අපට ද අබ සරණය.

සුනන්ද දේශප්‍රිය

by – vikalpa

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිමිනමක් සහ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට
තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් හබරණ උල්පතගම ප්‍රදේශයේ 27 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ඇතුලු තරුණයින් දෙදෙනකු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගස්වැව උල්පතේගම පදිචිව සිටි සුරේෂ් රවීන්ද්‍ර කුමාර නමින් හදුන්වන වයස අවුරුදු 30ක් පමණ වන තිදරු පියෙකි.

මිය ගිය තරුණයා ඉකුත් 17 වැනදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් ඊයේ (18) හබරණ පොලිස් ස්ථානයට පැමිණීල්ලක් කර තිබිණි. එම පැමිණීල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇති හබරණ පොලිසිය පලුගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් හා ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය තරුණයා හා අදාල හිමිනම ඇතුලු පිරිස අතර ඇතිවූ ආරවුලකින් පසු සැකකාර හිමි නම ඇතුලු පිරිස එක්ව තරුණයා ඝාතනය කර කැලෑබඳ ප්‍රදේශයක වළදමා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

පෙරේදා 17 මෙම ඝාතනය සිදුවූ බවත් අදාළ තරුණයාගේ අතුරුදහන්වීමත් සමඟ ගම්වාසීන් ඊයේ එම තරුණයා සෙවීමේ මෙහෙයුමක් ප්‍රදේශය පුරා ක්‍රීයාත්මක කරද්දී සැකකාර හිමි නම ගම්වාසීන් සමඟ එම සෝදිසි මෙහෙයුම් සදහාද එක්ව ඇතැයිද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්දයෙන් හබරණ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කරයි

154 හා 155 වන ආදර්ශ ගම්මාන ජනතා අයිතියට පත් කෙරේ
කුරුණෑගල ගල්ගමුව- මඩදොඹේ ඉදි වූ දඹරන්පුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල- සේරුනුවර ඉදි වූ ආදර්ශ ගම්මාන ජනවාරි (19 හා 20) දෙදින තුළ ජනතා අයිතියට පත් වේ.

මෙම ආදර්ශ ගම්මාන නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය නව නිවාස 25ක්, ජල හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම් ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් සමන්විතය.

කුරුණෑගල ගල්ගමුව- මඩදොඹේ ඉදි වූ දඹරන්පුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානවල පවුල් 25 ට නිවාස හිමිකම් ලබා දීමත්, දඹරන්පුර ආදර්ශ ගම්මානයේ පවුල් 25 කට රුපියල් ලක්ෂ 337.5ක් වටිනා සංවර්ධිත බිම් කොටස් හිමිකම් ලබා දීමත්, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ පවුල් 25 කට වටිනාකම රුපියල් ලක්ෂ 75ක සංවර්ධිත බිම් කොටස් හිමිකම් ලබා දීමත් සිදු වේ.

දඹරන්පුර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් 400 ක් සදහා රුපියල් ලක්ෂ 883.5 ක වටිනාකමින් යුත් ‘විසිරි ණය’ චෙක්පත් ප්‍රදානයත්, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ 100 ක් සදහා රුපියල් ලක්ෂ 200 ක වටිනාකමින් යුත් ‘විසිරි ණය’ චෙක්පත් ප්‍රදානයත්, දඹරන්පුර ආදර්ශ ගම්මානයේ, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 17ක සහ ලක්ෂ 177ක ‘විරුසුමිතුරු නිවාස’ ආධාර චෙක්පත් ප්‍රදානයත් මෙහිදී සිදු කරයි.

මීට අමතරව මෙම ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 20ක හා ලක්ෂ 50ක සොදුරු පියස නිවාස ණය ප්‍රදානයත් සිදු කරයි. දඹරන්පුර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 60ක ශ්‍රම ශක්ති නිවාස ආධාර ප්‍රදානයත්, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් 200ක් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 1000ක නිවාස ආධාර චෙක්පත් ප්‍රධානයත් වකුගඩු රෝගීන් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 43.5ක නිවාස ආධාර චෙක්පත් ප්‍රදානයත් සිදු වේ.

මෙම ආදර්ශ ගම්මාන දෙකෙහිම ප්‍රතිලාභීන් සදහා ර්‍ඪ්ඹ් බැංකුව මගින් ස්වං රැකියා ණය ප්‍රදානයත්, දෘෂ්ටි ආබාධ සහිත වූවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානයත් මීට සමගාමී ව මෙදින සිදු කරනු ලබයි.

News.lk

මහින්ද පිලට එරෙහිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් උසාවියට
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීමහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම මඟින් ඔවුන්ට මන්ත්‍රී ධුර දැරීමට නීත්‍යානුකූල හැකියාවක් නැති බවට ක්වෝ වොරොන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අභියාචනාධිකරණයේ පේතසමක් ගොනු කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එය ශ්‍රීලනිපය විසින් පක්ෂයක් ලෙස ගත් තීරණයක් නොවන බවත් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගත් තීන්දුවක් බවත් වාර්තාවන අතර එම මන්ත්‍රීවරුන් වසින් ඒ සම්බන්ධයෙන් නීති ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් උපදෙස් ලබාගෙන ඇත.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ශ්‍රීලනිපයෙන් වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිළිබඳව විනය පියවර ගත යුතුයැයි තීන්දුවක් ගෙන ඇතත් විනය පියවර ගැනීමේ ක්‍රියාවලිය හා නිශ්චිතව කුමන පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නේද යන්න පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නැතැයි අනිද්දා කළ විමසීමකදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙක් පැවසීය. මීළඟ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳව තීන්දු කළ යුතු බවද ඔහු කීය.

බොහෝවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගිය කණ්ඩායමට එරෙහිව තීන්දුවක් නොගෙන, ආණ්ඩුව සමග එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව පමණක් විනය පියවර ගනු ඇතැයි එම මධ්‍යම කාරක සභිකයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක සිටින බවත් ඒ නිසා රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නම් අධිකරණයට යෑමට සිදුවනු ඇති බවත් ක්වෝ වොරොන්ටෝ ආඥාව ඉල්ලීමට බලාපොරොත්තුවන මන්ත්‍රී කණ්ඩායමේ මතව වී ඇත.

by – lankatruth.com

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන්නැයි රෙජිනෝල්ඩ් ඇතුළු කිහිපදෙනෙකුට ජනපති නියෝගකරයි
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ඔවුන්ට අද (31) දිනට පරෙ ඉල්ලා අස්වන ලෙසත් දැනුම් දී ඇතැයි පැවසේ.

මෙම නියෝගය අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජ්නෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස්වී ඇතැයිද ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශවරයා උපුටාදක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් ආණ්ඩුකාරවරුන්ගේ මතය වී ඇත්තේ යම් සංශෝධනයක් සඳහා ජනාධපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදුකර ඇති බවත් යළිත් තමන්ට එම තනතුරු ලැබෙනු ඇති බවත්ය.

එහෙත් ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ආණ්ඩුකාරවරු කිහිපදෙනෙකුට පමණක් වීමද විශේෂත්වයකි.

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් පැහැරගැනීමේ සිද්ධියේ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට
ළමයින් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කප්පම් ලබාගැනීමට තීරණය කරමින් දුරකථන ඇමතුම් ලබාදීම සහ ළමයින් පැහැරගැනීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ලබන මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ළමයින් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව සේවය කළ බල නැවියකු වන සංජීව ප්‍රසාද් දිලංක සේනාරත්න නමැත්තා සහ ළමයින් මුදාහැරීම සඳහා මුදල් ලබාදෙන ලෙසට දුරකථන පණිවුඩ ලබාදෙමින් කප්පම් ලෙස මුදල් ලබාගෙන ඇති නාවික හමුදාවේ සුළු නිලධාරියකු ලෙස සේවය කරන ඉඹුලානගේ උපුල් චමින්ද හෙවත් “අන්නච්චි” නමැත්තාය.

පැහැරගත් ළමයකුගේ මවකගෙන් කප්පම් ලබාගැනීමට ගොස් සිටිදී උපුල් චමින්ද හෙවත් අන්නච්චි නමැත්තාව අදාළ ළමයාගේ මව විසින් දැක තිබීම මත “අන්නච්චි” නමැත්තා පමණක් ලබන මස 09 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

2008 වසරේ අගෝස්තු – සැප්තැම්බර් අතර කාල සීමාව තුළදී පාසල් ළමයින් පස්දෙනා ඇතුළු තරුණයින් 11 දෙනා පැහැරගෙන ගොස් පසුව ඝාතනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

එම නිලධාරීන් දෙදෙනාට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක නාවික හමුදා බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් වශයෙන් සේවය කළ ලුතිනන් කමාන්ඩර්වරුන් තිදෙනෙක්, නාවික හමුදාවේ බල නැවියෙක් ලෙස සේවය කළ අයෙක් නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙක් සහ නාවික හමුදාවේ සුළු නිලධාරීන් දෙදෙනෙක් චෝදනා ලැබ සිටිති.