WORLD NEWS – GTN Sinhala

වර්ෂ අවසාන පාසල් නිවාඩුව ඇරඹෙයි…
වර්ෂ අවසාන පාසල් නිවාඩුව ඊයේ (23) ලබා දුන් අතර එම නිවාඩුව අද (24) සිට ජනවාරි මස 11 වනදා තෙක් පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය 2021 වර්ෂ ආරම්භක පාසල් වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇත්තේ ලබන ජනවාරි 11වනදාය.

එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, ⁣කළුතර දිස්තික්කයේ පාසල් සහ හුදකලා කර ඇති පොලිස් බල පෙදෙස්වල පාසල් මෙදිනට ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2020 අධ්‍යයන වර්ෂයේ විධය නිර්දේශය ආවරණය වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් වැඩපිලිවෙළක් සකස් කරන ලෙස විදුහල්පතිවරුන්⁣ට උපදෙස් දී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර ඓතිහාසික සාකච්ඡා හමුවක්..
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර ඊයේ (27) දින පැවති ඵෙතිහාසික හමුවෙන් අනතුරුව වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය නිමා කිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.මෙම එකඟතාවන්ට පිවිස ඇත්තේ ඊයේ දිනය පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවය.එම සාකච්ඡා අතරට නායකයින් දෙදෙනා අතර පැවති විනාඩි 30ක පෞද්ගලික සාකච්ඡාවක්ද අයත්ය.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවති පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදීය.”සාමය, සෞභාග්‍යය සහ එකමුතුබව සඳහා වන පැන්මුන්ජොම් ප්‍රකාශය” ලෙස ගිවිසුම නම්කිරීමට නියමිතය.

“සාමයේ නව යුගයක් උදාවනු ඇත” යයි ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි-න් මහතා පැවසීය.”කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොරකිරීමට කිම් ජොන් අන් මහතාත් මමත් එකඟ වී සිටිනවා” යැයි දකුණු කොරියානු ජනාධිපති වරයා වැඩිදුරටත් පැවසීය.

1953 වසරේ ගිවිසුම් මගින් කොරියානු යුද්ධය අවසන් වූවද වරින් වර ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක නොවීමෙන් යුද්ධයකට මුල පුරන බව දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ නිකුත් කෙරිණි.

“අප එකිනෙකා සමග මරාගන්නා මිනිසුන් විය යුතු නැත. අපි එකමුතුව ජීවත් විය යුතුවෙමු….මේ මොහොත උදාවන තෙක් අපි බලා හිටියා….අපි සේරම” යයි කිම් ජොන් අන් මහතා පැවසීය.එසේම උතුරු කොරියානු නායකයා පවසා සිටියේ දකුණු කොරියාවට ඔහු පිවිසි මාර්ගය සෑම උතුරු කොරියානුවෙකුටත් දකුණු කොරියානුවෙකුටත් ඉදිරියට ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

“යුද්ධයක බියකින් තොරව කොරියානු අර්ධද්වීපයේ සාමය සහ සෞභාග්‍ය දැන් අපට අත්විඳින්න පුළුවන්…..මේ මොහොත උදාවන තුරු අපි හැම දෙනාම බලා සිටියා” යයිද උතුරු කොරියානු නායකයා පැවසීය.

ඉරානය සම්බන්‍ධයෙන් ඇමරිකාව සහ ප්‍රංශය එකඟතාවයකට..
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් නව එකඟතාවකට පැමිණීමට ඇමරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සැරසෙයි.

ප්‍රංශ ජනාධිපති වරයාගේ අදහස වී ඇත්තේ ඉරානයේ මිසයිල පද්ධතිය හා මැදපෙරදිග ක්‍රියා කලාපය පාලනය සඳහා නව ගිවිසුමක් තිබිය යුතු බවයි.බැරැක් ඔබාමාගේ පාලන සමයේ ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරන බවට ප්‍රකාශ කලද බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම නතර කිරීමේ ගිවිසුමට අත්සන් කෙරිණ.

කෙසේ වෙතත් ඉරානය ඇමරිකාවට ඊයේ දිනයේදී අනතුරු ඇඟවීමක් ද සිදුකළ අතර ඇමරිකාව මෙම ගනුදෙනුවෙන් ඉවත් වුවහොත් දරුණු ප්‍රතිවිපාක විදීමට සිදුවන බවට ඔවුන් ප්‍රකාශයක් නිකුත් කර තිබිණ.

ඉන්දියාව ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි..
ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඉන්දියාව තුළ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය හමුවේ ඉන්දීය රජය මෙම දැඩි පියවර ගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

ඒ අනුව, මෙම නව නීතිය යටතේ වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංග අපයෝජනයකට ලක්කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත්ව තිබේ.

වයස අවුරුදු 08ක දැරියක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීම සමග රට පුරා ඇවිලෙමින් පැවති විරෝධතා රැල්ල සමග මෙම තීරණය වඩාත් කඩිනමින් ගැනීමට ඉන්දීය රජයට සිදුව තිබේ.

විශේෂයෙන් ඉන්දියාවේ ළමා හා කාන්තා අපචාර සම්බන්ධයෙන් නීතිය මන්දගාමී ස්වරූපයක් ගන්නා බවට චෝදනා එල්ල වූයේ 2012 වසරේදී දිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්කර මරා දැමීමේ සිදුවීමත් සමගිනි.

රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම ගැන ඇමරිකාව අවධානය යොමු කරයි..
ට්‍රම්ප් පරිපාලනය රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (16) වාර්තා කළේය.

සිරියානු රජයේ හමුදා ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙලෙස රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට අවදානය යොමුකර තිබේ. ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයෙන් 80කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තමන් එලෙස විස වායු ප්‍රහාරයක් එල්ල කළේ නැතැයි සිරියානු රජයේ හමුදා පවසයි. රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රජයට චෝදනා කරමින් සෙනසුරාදා (14) මිසයිල 105ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඇමෙරිකා, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය රුසියාවට ද චෝදනා කළ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදීද අමෙරිකා හා රුසියානු නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රෙජීමය කරන අසම්මත ප්‍රහාරවලට රුසියාව ද සහාය දක්වන බවට අමෙරිකාව චෝදනා කරයි. එමෙන්ම රුසියාව සිරියානු රජයේ හමුදාවලට රසායනික අවි භාවිත කිරීමට අවස්ථාව සැලැසූ බවට අමෙරිකාව රුසියාවට චෝදනා කරයි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් රුසියාවට සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය.

මේ වසරේ ගත වූ කාලයේදී අමෙරිකා එක්සත් ජනපදය රුසියානු නිලධාරීන්, පුද්ගලයන්, සමාගම් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉලක්ක කරගනිමින් අවස්ථා කිහිපයකදීම සම්බාධක පැනවීය.

ඉන්දියාවේ හිමචල් ප්‍රාන්තයේදී පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 29ක් මිය යයි
ඉන්දියාවේ හිමචල් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදී පාසල් සිසුන් රැගත් බස් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් 29 දෙනකු මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

අනතුරට පත්වූ සිසුන් බහුතරයක් වයස අවුරුදු 10ට අඩු දරුවන් වන අතර, සුන්බුන් අතර සිරවී සිටි දරුවන් බේරා ගැනීම සදහා ඉන්දීයා ජාතික ආපදා බලකායේ නිලධාරීන් කටයුතු කර තිබේ.

නිව්යෝර්ක් නුවර ට්‍රම්ප්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක්
නිව්යෝර්ක් නුවර ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. ඉන් එක් අයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබුණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවසක් සහ කාර්යාලයක් මෙම ගොඩනැගිල්ල පිහිටා තිබේ. ගින්න හටගෙන ඇත්තේ, ගොඩනැගිල්ලේ 50 වැනි මහලේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගින්නට හේතුව අනාවරණය වී නොමැත. ගින්න මැඩපැවැත්වීම සඳහා සියයකට අධික ගිනි නිවස භටයින් පිරිසක් එකතු වී සිටි බව සදහන් වේ.

තුවාල ලබා ඇත්තේ, ගිනි නිවන භටයින් තිදෙනෙකි.

නමුත්, ගින්න හටගන්නා අවස්ථාවේ ඔහු වොෂින්ටන් නුවර සිට ඇති බව වාර්තා වේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මෙය ඉතා හොඳින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් බවයි.

සිරියාවේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ එල්ලවූ විෂ වායු ප්‍රහාරයකින් 70කට අධික පිරිසක් මරුට..
සිරියාවේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයට එල්ල වූ විෂ වායු ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ. නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව විදේශ මාධ්‍ය හා මුදා ගැනීමේ මෙහෙයුම් සංවිධාන පවසයි.

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට ඇප
වසර 5ක සිර දඬුවම් නියම වූ බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඇප මත මුදා හැර තිබේ.

1998 වසරේ සිනමා පටයක රූගත කිරීම් අතරතුර දුර්ලභ ඝණයේ මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ සල්මන් ඛාන්ට පසුගිය බ්‍රහස්පතින්දා වසර 5ක සිර දඬුවම් නියම කර තිබුණි. නඩු තීන්දුවෙන් අනතුරුව සල්මාන් ඛාන් ඇප අයඳුමක් ඉදිරිපත් තිබුණි, ඒ අනුව රාජස්ථානයේ, ජෝද්පූර් බන්ධනාගාරයේ දින 2ක් ගත කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදාහැර තිබේ.

සල්මන් ඛාන්ට වසර පහක සිර දඞුවමක්
1998 වසරේදී චිත්‍රපටයක් තිර ගත කරන අතරතුළදී මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් වසර 05කට සිර ගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය නියෝග කර ඇත.

ඒ එම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. මේ වනවිට සුපිර නළු සල්මන් ඛාන් ජෝඩ්පූර් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.

නඩු තීන්දුවට අදාළව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේදී විභාගයට ගැනීමට නියමිතය.