SRILANKAN NEWS

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සෝමපාල රත්නායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු හා වාදන ශිල්පියෙකු වන සෝමපාල රත්නායකයන් අද (18) අභාවප්‍රාප්ත වූයේ ය. අසනීප තත්ත්වයක් මත කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සෝමපාල රත්නායක මහතා මිය යන විට 69 වන වියෙහි පසුවිය.

ඔහු ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකයගේ වැඩිමල් සොහොයුරා ද වේ. දේහය මහජන ගෞරවය සඳහා උස්වැටකෙයියාව, බෝපිටිය පාර, 78 සී දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය.