ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමි‍ටු රැස්වීම්වල ගන්නා තීරණ ක්‍රියාත්මක වන්නේ නැහැ

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමි‍ටු රැස්වීම්වල ගන්නා තීරණ ක්‍රියාත්මක නොවන බව කිලිනොච්චිය නගර හා ග්‍රාමීය සංවර්ධන සංගමයේ නියෝජිතයන් පවසයි. අද (18) දින කිලිනොච්චිය කරයිච්චිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමි‍ටු රැස්වීම සහකාර සභාපතිවරුන් වන විජයකලා මහේස්වරන්, මාවයි සේනාදිරාජා, අංගජන් රාමනාදන් යන පිරිසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී කිලිනගර් ප්‍රදේශයේ ජනතා තම ඉඩම් ප්‍රශ්ණය ඇතුළු මූලික ප්‍රශ්ණවලට මෙතෙක් විසඳුමක් ලබාදී නොමැති බවත්, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්ණවලට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු යැයි ඉල්ලා අද මෙහි පැමිණ සිටින බව ප්‍රදේශවාසීන් පැවැසූහ.

එහිදී අදහස් ප්‍රකාශ කළ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා කිලිනගර් ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්‍ධයෙන් සාකච්ඡා කිරීමට ලබන ඔක්තෝම්බර් 15වනදාට පෙර දිනයක් නියම කරන ලෙසත් එහිදී ජනතාවගේ ගැටළු ගැන සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැන සොයා බලන බව පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top