කුරුදුගහහැතැක්ම තැපැල් කාර්‍යාලයේ ගින්නක් – ස්ථානාධිපතිවරිය ජීවිතක්ෂයට

ඇල්පිටිය කුරුදුගහහැතැක්ම තැපැල් ස්ථානයේ ඇති වූ ගින්නකින් එහි ස්ථානාධිපතිවරිය ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

අද පෙරවරු 6.30ට පමණ හදිසියේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. ගින්න සිදුවන අවස්ථාවේ උප තැපැල් කාර්යාලයේ ඇතුළත සිටි වයස (49) හැවිරිදි තැපැල් ස්ථානාධිපතිනිය පිළිස්සුම් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කරන අතරතුර මිය ගොස් ඇති බව වාර්තාවේ.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර, ඇල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top