හිටපු ඇමැති අස්වර් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමැති හා මුස්ලිම් පෙරටුකාමී පෙරමුණේ ලේකම් වන ඒ.එච්.එම්. අස්වර් මහතා අද (29) රාත්‍රී 7.15ට පමණ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අස්වර් මහතා මිය යන විට 80වන වියේ පසුවිය.

සිව් දරු පියකු වන ඒ මහතා, ලංකා සමසමාජ පක්‍ෂයෙන් දේශපාලනයට පැමිණ අනතුරුව, එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද, මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමැති සහ පාර්ලිමෙන්තු කටයුතු රාජ්‍ය ඇමැති ලෙස ද කටයතු කර තිබේ. තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (30) දින සවස දෙහිවල මහ ජුම්මා මස්ජිදයෙහි පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top