රණවිරුවන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා

රණවිරුවන් ආරක්ෂා කිරීම සඳහා ජනතාව සමඟ කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා මහතා රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන බවත්, ඔහු  අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ රණවිරුවන් රැකගැනීම රජයේ ස්ථාවරය බවයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top