ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මිද්දෙනිය අක්කර 18 ප්‍රදේශයේදී ව්‍යාජ නෝට්ටු සමග පුද්ගලයෙකුව මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී දහසේ ව්‍යාජ නෝට්ටු 245ක් සහ පන්දහසේ ව්‍යාජ නෝට්ටු 41ක් මෙසේ අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලිසිය පවසයි.

මේ අතර, එම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මිද්දෙනිය ප්‍රදේශයේ ඡායාරූප ආයතනයක හිමිකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තාවේ. ව්‍යාජ නෝට්ටු මුද්‍රණයට යොදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුලු භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top