ඌරනි කණිෂ්ඨ විද්‍යාලයට අයත් ඉඩම හමුදාව නිදහස් කරයි..

උතුර ආරක්‍ෂක කලාපය තුල පිහිටි ඌරනි කණිෂ්ඨ විද්‍යාලයට අයත් ඉඩම අද (4) දින නිදහස් කර තිබේ. පසුගිය වසර 27ක කාලයක් හමුදාව යටතේ පැවැති ඌරනි ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කර ඇති තත්වයක ජනතාව එම ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණෙමින් සිටිති.

මෙලෙස නැවැත පදිංචි වූ ජනතාව තම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා ඌරනි කණිෂ්ඨ විද්‍යාලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා තිබුණි. මෙවැනි තත්වයකදී ඉකුත් පාසල පිහිටා ඇති ඉඩම හමුදා විසින් අද දින යාපනය දිස්ත්‍රික්ක සහකාර දිසාපති එස්. මුරලිදරන් මහතා වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top