බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත්

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවරධන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 06 වෙනිදායින් එළඹෙන නව පාසල් වාරයේ සිට බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ළමුන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ සඳහා භාවිත කළ හැකි බව පාසල් ප‍්‍රවාහන සේවා කටයුතු සිදු කරන රියදුරන් වෙත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

තෙවන පාසල් වාරය හෙටින් ආරම්භ වීමට නියමිත අතර, මාර්ග තදබදය අවම කිරීමට මේ හරහා අවස්ථාවක් ලැබෙනු ඇති බව එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top