ඉන්දියාව සමග වූ 20යි 20 තරගය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..

ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත.

උපුල් තරංග මෙහි නායකත්වයේ කටයුතු කරන අතර වනිඳු හසරංග, අකිල ධනංජය, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, විකුම් සංජය, සීකුගේ ප්‍රසන්න, ඉසුරු උදාන, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර සහ මිලින්ද සිරිවර්ධන යන ක්‍රිඩකයින් මෙම සංචිතයට ඇතුළත් කොට ඇත.

කෙසේ වෙතත් ආබාධායක් හේතුවෙන් චාමර කපුගෙදර මෙම සංචිතයට නම් කර නොමැති බව වාර්තා වේ. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී හෙට (6) රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top