සයුර-සුරනිමල නාවික නෞකා ඉන්දියාවේ පුහුණු සංචාරයක

සයුර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර සහ සුරනිමල නෞකා දෙක පුහුණුවීම් කටයුතු සහ සුහද සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ (22) කොළඹ වරායෙන් පිටත්විය.

සයුර නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුද්‍ර ප්‍රදේශ මුර සංචාරක නෞකාවක් වන අතර සුරනිමල නෞකාව වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වෙයි. එම නෞකා දෙක අද(23) ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟා වීමට නියමිත අතර, ලබන 28 දින දක්වා විශේෂ පුහුණුවීම් කිහිපයක් සිදු කිරීමට ද නියමිතය.

දෙරටෙහි නාවික හමුදා අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ඔවුනොවුන් මුණගැසීමටත්, අඳහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසන එම ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුව ලබන මධ්‍ය නිලධාරීන් 20 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයන් 304 දෙනෙකු සහභාගීවීමට නියමිතය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top