කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සත්‍යග්‍රහයට අදට දින 200යි – මෙතෙක් කිසිඳු විසඳුමක් නෑ

කිලිනොච්චියේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 200ක් අවසන්වී ඇත. අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති තත්වයක කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට එම ජනතාව තවඳුරටත් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යමින් සිටිති.

පසුගිය 20/02/2017 දින ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට අඛණ්ඩව පවත්වාගෙන යන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ජනතාව දෙවරක් හමුවී සාකච්ඡා කළ නමුත් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැත. එමෙන් යුක්ති සහගත විසඳුමක් ලැබෙන තෙක් තමන් දිගටම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බව එම ජනතාව පවසා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top