බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව බොරැල්ල සින්නදූපත ප්‍රදේශයේ දී සිදුකෙරුණු වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 200ක් ළගා තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව දෙහිවල දහනායක මාවත අසල සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 120ක් තවත් සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ව මාලිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.