උතුරු පළාත් මහ ඇමැති දේශපාලන සිරකරුවන් හමුවෙයි..

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පල්ලේකැලේ බන්‍ධනාගාරයෙහි රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ව හමුවී තිබේ. එහිදී සිරකරුවන්ගේ අවශ්‍යතා සහ නඩු විභාගයන් සම්බන්‍ධව මහ ඇමැතිවරයා සොයා බලා තිබේ.

එහිදී අදහස් ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා, දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්‍ධයෙන් නීතිමය ප්‍රශ්ණය රැසක් තිබෙන බවත්, මේ සම්බන්‍ධව විශේෂ නීතීඥවරයෙකු පත්කර සිරකරුවන්ගේ නඩු විභාග පිළිබඳ ගැටළුවලට විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top