ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් පිළිබඳ එජා නියෝජිතවරියගේ ප්‍රකාශයට ගෝලීය දෙමළ සංසඳය ප්‍රසාදය පළකරයි..

global tamil forum ගෝලීය දෙමළ සංසඳයශ්‍රී ලංකාවේ සුළු ජාතීන් සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සුළුජන අයිතිවාසිකම් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ නියෝජිත රීටා ඉසාක් මහත්මිය කළ ප්‍රකාශයට ප්‍රසාදය පළ කරන බව ගෝලීය දෙමළ සංසඳය පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් පිළිබඳ රීටා ඉසාක් මහත්මියගේ ඇගයීම නිවැරදි බවත්, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට පියවර ගත යුතු යැයි ඇයගේ යෝජනාව ඉතා වැදගත් බවද පෙන්වාදී තිබේ.

අතුරුදන්වූවන්, දේශපාලන සිරකරුවන් රඳවා තැබීම, ඉඩම් නිදහස් නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්‍ධයෙන් ඇය කළ ප්‍රකාශය අගය කළ යුතු බව ගෝලීය දෙමළ සංසඳය වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top