20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සබරගමුව පළාත් සභාවේදි වැඩි ඡන්ද 21කින් අද (12) සම්මත විය.
සබරගමුව පළාත සභා සභාපති කාංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වූ සභා රැස්වීම කාරක සභාවක් ලෙස පත් කර මෙම ඡන්ද විමසීම සිදු කෙරුණි. අද සැසිවාරය මන්ත්‍රීවරුන් තිදෙනෙකු පැමිණ සිටියේ නැහැ.
එහිදී ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 29ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 08ක් පමණි.