ජයලලිතාගේ සෞඛ්‍ය තත්වය ගැන කටකතා පැතිරවූ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කළ යුතුයි – AI

ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාවතමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාගේ සෞඛ්‍ය තත්වය ගැන සමාජ වෙබ් අඩවිවල කටකතා පැතිර වූ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන්ව නිදහස් කළ යුතු යැයි ජාත්යන්තර ක්ෂමා ආයතනය පවසයි.

ජනතාව අතර කලබලකාරි නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ අරමුණින් කටයුතු කළැයි පවසා 50කට අධික පිරිසකට එරෙහිව නඩු පවරා ඇති බවත්, තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ජාත්යන්තර ක්ෂමා ආයතනය පවසා තිබේ.

එහිදී තමිල්නාඩු පාලන පක්‍ෂය විසින් කළ පැමිණිල්ලට අනුව නඩු ගණනාවක් ගොනු කර ඇති බවත්, කටකතා පැතිරවීම වැලක්වීමට නම් මහ ඇමැතිවරිය සම්බන්‍ධ සත්‍ය තොරතුරු නිසි වේලාවට නිකුත් කර තිබිය යුතු බවත්, එය හැර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්ධනය කිරීමතුලින් කටකතා පැතිරවීම මැඩපැවැත්විය නොහැකි බව ජාත්යන්තර ක්ෂමා ආයතනය පෙන්වාදී තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top