සංහිඳියා කටයුතු කඩිනම් කරන ලෙස සයිද් හුසෛන්ගෙන් ඉල්ලීමක්..

සංහිඳයාව ඇති කරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කඩිනම් කරන්නැයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඩ් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසි වාරය අමතමින් ඔහු මෙම ඉල්ලිම සිදුකර ඇත.

අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු විධිමත්ව මෙහෙය වීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බව එහිදී ප්‍රකාශ කෙරුණි.

හමුදාවන් විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින තැනැත්තන් පිළිබඳ නඩු විභාග ද කඩිනම් කළ යුතු බවයි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top