දකුණු පළාත් ඇමැති වීරසුමන වීරසිංහ ධූරයෙන් ඉවතට

දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එම විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පැවරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද(13) කටයුතු කර ඇති බව වාර්තාවේ.

පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට වීරසුමන වීරසිංහ මහතා විරුද්ධව ඡන්දය භාවිතා කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top