යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට ප්‍රහාරයක්

img_2082යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී අද (23) පස්වරුවේ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ ඒකකයේ සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට පලා ගොස් තිබේ.

චුන්නාකම් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැරයන්වරයෙකු වන අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් මේ වන විට යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

මේ වන විට චුන්නාගම්, මරුදනාර්මඩම් යන ප්‍රදේශවල පොලීසිය හා පොලිස් විශේෂ ඒකකයේ විසින් විශේෂ සෝදිසි මෙහයුමක් දියත් කර තිබේ.

img_2084 img_2085
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top