සිල්රෙදි නඩුවේ ඇප ඉල්ලීම ලබන 20වනදා දක්වා කල් තබයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 600කට අධික මුදලක් නීති විරෝධි ලෙස. භාවිත කරමින් පසුගිය ජනපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීම සඳහා වැය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී බන්ධනාගාර ගතව සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ඉල්ලූ ඇප ඉල්ලුම සළකා බැලීම ලබන 20 දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයාට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙ අධ්‍යක්ෂවරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාල් කුලතුංග මහතා නියෝග කළේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top