ජගත් සංවිධානයේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතුයි – HRW

ජගත් මානව හිමිකම් සභාවේදී සම්මත කළ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු යැයි මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව ඉල්ලා තිබේ. ජගත් මානව හිමිකම් සභාවේ සමාජික රටවල් මේ සම්බන්‍ධයෙන් බලපෑම් කළ යුතු බව ඉල්ලා තිබේ.

සීමිත කාල සීමාවක් තුල ශ්‍රී ලංකාව නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වාදී තිබේ. සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර තිබේ.

සහජීවනය පිළිබඳ කාර්‍යාලය පිහිටුවීම, ඒ ගැන කතා කිරීම ඇතුළු කරුණු හැර ශ්‍රී ලංකාව 2015 යෝජනාවන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කර නොමැති බව ජගත් මානව හිමිකම් සභාව නිසිලෙස අවබෝධ කරගත යුතු බව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top