වයඹ පළාත් අමාත්‍ය තනතුරු වෙනසක්

වයඹ පළාත් මුදල් හා ක‍්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථික ප‍්‍රවර්ධන, පරිසර කටයුතු, ජලසම්පාදන හා ජලාපවහන සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පත් කෙරේ.

එමෙන්ම වයඹ පළාත් සමූපකාර සංවර්ධන හා වෙළඳ, ඉඩම්, විදුලිබල හා බලශක්ති, කී‍්‍රඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යවරයා ලෙස පියසිරි රාමනායක මහතා පත් කර තිබේ.

මොවුන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ. වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top