ටෝයෝටා, හොන්ඩා කර්මාන්ත ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සාකච්ඡා – සුජීව සේනසිංහ

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමට ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති ජනාධිපති අපනයන සම්මාන 2016 උත්සවයට සහභාගිවෙමින් සුජීව සේනසිංහ මහතා මේ බව පවසා තිබේ.

කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ අක්කර 20000ක් එම කර්මාන්ත සඳහා සංවර්ධනය කරමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top