ලන්ඩන් උමං දුම්රියේ පිපිරීම : තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය සිකුරාදා (15) දින ලන්ඩන් උමං දුම්රියකට එල්ල වූ පිපිරීම සම්බන්‍ධ යැයි සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිරිතදිග ලන්ඩනයේ පාසන්ස් ග්‍රීන් හිදී උමං දුම්රිය මැදිරියක් තුළ සිදුවූ පිපිරීමෙන් තිස්දෙනෙක් තුවාල ලැබුහ.

මෙම පිපිරීම සම්බන්ධයෙන් 45කට අධික පිරිසගෙන් සාක්ෂි ලබාගෙන ඇති අතර, සැකපිට 18 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් බටහිර ලන්ඩනයේ හවුස්ලොව්හිදී පදිංචි 21 හැවිරිදි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top