ඉදිරි සියලු මැතිවරණ මිශ්‍ර ක්‍රමයට – අගමැති

ඉදිරි පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස සහ අනුපාත ක්‍රමය මිශ්‍ර වූ නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල, මාවතගම, ඉදුල්ගොඩකන්ද ශ්‍රී නිශ්ශංක ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමෙන් අනතුරුව පැවැති ජන හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

එළඹෙන ප්‍රාදේශිය සභා මැතිවරණ සදහා මෙම නව ක්‍රමය භාවිතා කිරිමට තීරණය කර ඇති බවත් ඒ අනුව සෑම කොට්ඨාසයකටම මන්ත්‍රීවරයෙකු පත් කර ගැනිමට හැකියාව ලැබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top