ලබන සිකුරාදා සිට දෙහිවල සත්තු වත්ත රාත්‍රී 10 දක්වා විවෘතයි

ලබන සිකුරාදා (22) සිට සතියකට තෝරා ගත් දින තුනක් දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂිත කලාපයක් රාත්‍රී කාලය සඳහා මහජනතාවට විවෘත කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සැප්තැම්බර් මස 22වනදා සිට සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හිදී රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.00 දක්වා මෙසේ මහජනතාවට සත්වෝද්‍යානය විවෘත වනු ඇත. නිශාචර සතුන් වෙසෙන කලාපය මෙසේ රාත්‍රී කාලයට විවෘත කර තැබීමට නියමිතය.

ඒ අනුව රාත්‍රී කාලයේදී සතුන්ගේ චර්යා රටා ස්වාභාවිකව අත්විදිය හැකි දකුණු ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ එකම සත්වෝද්‍යානය බවටත් දෙහිවල සත්වෝද්‍යානය පත්වෙනු ඇත.

මේ ආකාර ක්‍රමවේදයන් සංචාරකයින් බහුල සිංගප්පූරුව වැනි රටවල ‘නයිට් සෆාරි’ ලෙස ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top