ඇමරිකාව සරත් ෆොන්සේකාට වීසා ප්‍රතික්‍ෂේප කරයි..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැලණියේ අද දින පැවැති වැඩසටහනකට සහභාගීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පිරිස නම් කළ ජනාධිපතිවරයා විදේශ ඇමැති තිලක් මාරපන මහතා , නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම තමාවද නම් කළ සිටි බවත්, හත් අට දෙනෙක් යුද අපරාධ කළ නිසා රටටත්, තමාටත්, සමස්ත හමුදාවටත් අපකීර්තියක් සිදුවන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top