ඖෂධ මිල අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි..

medicine - ඖෂදඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ වාසිය අද (24) සිට ජනතාවට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසැල් 32න් සහ නියෝජිත ඔසුසැල් 130කින් අඩු කළ මිලට ඖෂධ ලබාගැනීමට හැකිය.

මේ අතර, නියමිත උපරිම සිල්ලර මිලට ඖෂධ අලෙවි නොකරන ඖෂධ හල් සොයා වැටලීම් ආරම්භ කරන ලෙසත්, එවැනි ඖෂධහල් පිළිබඳ පැමිණිලි දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක 02ක් හඳුන්වාදීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top