වංචා, දූෂණ අපරාධ නඩු වේගවත් කිරීම සඳහා අලුත් මහාධිකරණ 10ක්

වංචා, දූෂණවල නිරත පුද්ගලයන්ට එරෙහිව පවරනු ලැබූ අපරාධ නඩු විසඳීම සඳහා දැනට වසර විස්සකට ආසන්න කාලයක් ගත වන බැවින් එම නඩු කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ලංකාව පුරා නව මහාධිකරණ 10ක් අලුතින් ස්ථාපිතකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඉන් මහාධිකරණ 5ක් කොළඹටද අනෙක් 5 කොළඹින් පිටතද ස්ථාපිත කෙරේ.

පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරන ලද ‘අපරාධ යුක්තිය පසිදලීම කඩිනම් කිරිම හා කාර්යක්ෂමතාව වැඩි කිරිම පිළිබඳ දූෂණ විරෝධි ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවට‘ අනුව ඉදිරි මාස 6 තුළ මහාධිකරණ පද්ධතියේ සුවිශාල වෙනස්කම් රැසක් සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවැසී ය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව මේ වන විට මහාධිකරණයේ අපරාධ නඩුවක් විභාග කොට අවසන් කිරීමට වසර 10 කුත් මාස 2 ක් ගතවන බවද, එම නඩුව අභියාචනාධිකරණයේ විභාග වීමට වසර 7 ක් ගතවන බවද, මේ අනුව අපරාධ නඩුවක් විභාග කර තීන්දුව දීමට වසර විස්සකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවන හෙයින් පහත යෝජනා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරිමට සූදානම් බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසි ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top