ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමට ජපානයේ සහාය

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග අපනයනය ඉහළ නැංවීමට උපරිම සහාය දෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ මහතා පවසයි.

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවූ අවස්ථාවේ හෙතෙම මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් 12%ක ප්‍රමාණයක් ජපානය මිලදී ගන්නා අතර, ටූනා මසුන් කිලෝවක් ජපානය මිලදී ගන්නේ රුපියල් 30,000ක් වැනි ඉහළ මිලකටය. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය ඉහළ නංවා ගැනීම සඳහා මහින්ද අමරවීර මහතා ජපානයේ සහාය ඉල්ලා සිටි අතර, ඒ සදහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top