කොටි සංවිධානයේ කිසිඳු නායකයෙකු හමුදාව වෙත භාරවුනේ නැහැ..

කොටි සංවිධානයේ කිසිඳු නායකයෙකු හමුදාව වෙත භාර නොවූ බව අධිකරණයට දැනුම් දී තිබේ. මුල්ලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ සම්බන්‍ධයෙන් හමුදා පාර්ශවයෙන් දැනුම් දී තිබේ. මේජර් ජනරාල් චානක ගුණවර්ධන මහතා මේ බව අධිකරණයට දන්වා තිබේ.

කොටි සංවිධානයේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙකු වන එලිලන් නැමැත්තා රාජ්‍ය හමුදාව වෙත භාර නොවූ බවත්, ඔහුව හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවද හෙතෙම පවසා තිබේ. එලිලන් අතුරුදන්වීම සම්බන්‍ධ නඩුව මුල්ලතිව් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව පවසා තිබේ.

එලිලන්ගේ බිරිඳ හා උතුරු පළාත් සභාවේ ඇමැතිවරියකු වන ආනන්දි සසිදරන් විසින් මෙම නඩුව ගොනු කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top