භූමිකම්පාවෙන් පීඩාවට පත් මෙක්සිකෝ ජනතාවට ජනාධිපති ශෝකය පළ කරයි..

මෙක්සිකෝවේ පුවේබ්ලා ප්‍රාන්තයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව, දරුවන්ගේ ජීවිත ඇතුළු කනගාටුදායක අන්දමින් විනාශ වූ සියලු ජීවිත පිළිබඳව ඉතා කම්පාවට පත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.

මෙක්සිකානු රජයට හා එහි ජනතාවට, අපගේ හෘදයාංගම සංවේගය පළ කරලීමට මා සමඟ ශ‍්‍රී ලංකා රජය හා එහි ජනතාව ද එක්වන බවත්, මෙම භයානක ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල්වල සාමාජිකයින්ට අපගේ බලවත් සංවේගය ද පළකරන බවත් සිය ශෝක පණිවිඩයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top