දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ගුණ සමරු උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.

ඒ හා සමගාමීව ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ ද ගුණ සිහි කෙරිණි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, සර්වාගමික නායකයන්, පළාතේ මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු ශ‍්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

6
5

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top