දුම්බර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු පලා යයි..

දුම්බර බන්ධනාගාරයේ බරපතල ගණයේ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 20කට වැඩි සිර දඬුවම් ලබා සිටි සිරකරුවෙකු පලා ගොස් ඇැති බව වාර්තාවේ. ඊයේ (25) දින පෙරවරුවේ ඔහු මෙලෙස බන්‍ධනාගාරයෙන් පලා ගොස් ඇති බව පැවැසේ.

ලී වල ආධාරයෙන් තාප්පයට නැග මෙම රැඳවුවා මෙලෙස පළා ගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇති අතර, පළා යන රැඳවූවා නතර කරගැනීම සඳහා ආරක්ෂක අට්ටාලයේ සිටි බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇතැයි ද වාර්තාවේ. මෙලෙස පලා ගිය අපරාධකරුව සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top