සිලාවතුරයි ප්‍රදේශයේදී පහරදීමකට ලක්වූ කුඩා දරුවෙකු ජිවිතක්‍ෂයට

පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා පිරිමි දරුවෙකු මියගොස් සිටිය දී රහසිගතව භූමිදානය කර ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද පණිවිඩයකට අනුව සිලාවතුර පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

සිලාවතුර, ඇලක්ට්ටු ප්‍රදේහයේ මෙම සිද්ධිය සිදුව තිබේ. මිය ගිය දරුවාගේ වයස අවුරුදු 01යි මාස 09කි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අද(27) මෘත ශරීරය ගොඩගැනීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධව කුඩා දරුවාගේ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත බව සිලාවතුර පොලිසිය පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top