ජාතීන් අතර භේදයක් අවශ්‍ය නැහැ – අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි

ජාතීන් අතර භේදයක් අවශ්‍ය නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන මහානායක හිමියන් පවසනවා. අන්‍ය ආගම් වලට කරදරයක් හිංසාවක් කරන්නේ නම් එය තමන්ගේ ආගමටද සිදු කරන අගෞරවයක් බවට අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් පෙන්වා දුන්නේ.

අස්ගිරි මහානාහිමියන් මේ බව කියා සිටියේ ඓතිහාසික මන්නාරම් මාතොට රජමහා විහාරයේ ධර්ම ශාලාව හා මුලුතැන්ගෙය විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top