ජනතා මුදලින් නිළ රාජකාරී සඳහා ගුවන් ගමන් ගිය ඇමරිකානු සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

ජනතා බදු මුදලින් නිළ රාජකාරී සඳහා පෞද්ගලික ගුවන් යානා භාවිත කළ ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනයේ සෞඛ්‍ය ලේකම් ටොම් ප්‍රයිස් ඉල්ලා අස්වී තිබෙනවා.

මැයි මාසය වන විට ඔහු මෙලෙස ගුවන් ගමන් 26ක් සඳහා ඇමරිකානු ඩොලර් 400,000ක මුදලක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව ජාතික ආරක්ෂක කටයුතු වලට සම්බන්ධ අය හැර අනෙකුත් රජයේ නිලධාරීන්ට ආදාළ රැකියා සඳහා වානිජ ගුවන් ගමන් අවශ්‍ය වනවා.

ඇමරිකා සෞඛ්‍ය ලේකම්වරයා පෞද්ගලික යානා පමණක් නොව ඇමරිකානු හමුදා ගුවන් යානයක්ද යොදාගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

ටොම් ප්‍රයිස්ගේ ඉවත් වීමෙන් අනතුරුව වැඩ බලන සෞඛ්‍ය ලේකම් ලෙස ඩොන් ජේ රයිට් පත් කර ඇති බවයි විදෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top