එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන් කණ්ඩායම් දෙකක් දිවයිනට..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ ඉහළ නියෝජිත කණ්ඩායම් දෙකක් ඉදිරි මාස තුන ඇතුළත දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

පළමු නිරික්ෂණ කණ්ඩායම ලබන 10 වැනි දින දිවයිනට පැමිණෙන අතර ඔවුන් රටතුළ පවතින වත්මන් සංහිඳියා වැඩපිළවෙල හා නැවත පදිංචි කිරිම් මෙන්ම මානව සංවර්ධනය පිළිබඳව නිරික්ෂණය කිරිමට නියමිත බව පැවැසේ.

දෙවන කණ්ඩායම දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර, ඔවුන් දේශපාලන අත් අඩංගුවට ගැනීම් හා දේශපාලන සිරකරුවන් පිළිබඳව සොයා බැලීමට නියමිත බවද පැවැසේ.

ඉකුත් නියෝජිතයන්ගේ පැමිණීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන අතර, ඔවුන් මෙරට දේශපාලන නායකයන් සහ උතුර නැගෙනහිර පළාතයෙහි ජනතාව ද හමුවීමට ද නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top