පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70යි – අද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

සුවිශේෂී ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ප.ව. 2.30ට විශේෂ පාර්ලිමේන්තු සභාව ආරම්භවීමට නියමිත අතර, එහිදී අතිගරු ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා, සභානායකතුමා, විපක්ෂනායකතුමා සහ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් විසින් සභාව අමතනු ලැබේ.

මේ අවස්ථාවට සාර්ක් රාජ්‍යයන් හී සියලු පාර්ලිමේන්තුවල කතානායකවරු, නියෝජ්‍ය කතානයකවරු, විදේස් රටවල නියෝජිතවරු,ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top